• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

LOCK-DOWN එකේ PICK-UP එක: මව්රට E-පත්තරය දැන් අපි අංක 1

May 19, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
LOCK-DOWN එකේ PICK-UP එක: මව්රට E-පත්තරය දැන් අපි අංක 1
Share on WhatsAppShare on Facebook

සියල්ල උඩු යටිකුරු ව ගිය යුගයක මුල කොටස ගෙවා දමා අවසන්ය. අප මේ ඉන්නෙ එහි අග හෝ මැදය. එය කෙසේ වුවද මනුෂ්‍ය ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට ලෝකයම එක බියකින් ත්‍රස්තව ගෙවූ දෙමසක පමණ අත්දැකීම් ලැබූවෝ අපය. මරණය දොරකඩට පැමිණ ඇති වග නිතර ඇහෙනා අතර අපි රාත්‍රී පුවත් අතර මරණ ගණන් බලනායුරු බලා සිටියෙමු. ඡන්ද ප්‍රතිඵල වගේ මරණ ලැයිස්තු ඉදිරිපත් කරනා හැටි බලා සිටියෙමු. ලෝකය සොහොන් පිටියක් සේ පාලුවී ගියේය. ගම් නගර ප්‍රාන්ත ඉනික්බිති රටවල්ද වැසී ගියේය. ආගම් පරාජය විය. ජ්‍යොතිෂය නක්ශත්‍රය අභියෝගයට ලක්විය. තාක්ෂණය නිශ්ක්‍රීය විය. බුද්ධියට තවදුරටත් ඉඩක් නොවීය. උත්තර හොයනා එක කාලයට පැවරුණේය. අපි මනුෂ්‍ය වර්ගයා බිහිවූදා සිට හයානකම සාමූහික ව්‍යසනයට මුහුණ දුන් පරම්පරාව ලෙස ඉතිහාසයට එක් විය.
දැන් අප ඒ දෙමස පසුකර යමින් සිටිමු. අපද ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් ලෙස ඔබ සමග එක්ව ඒ ව්‍යසනය බෙදා ගත්තෙමු. අපි එක් සතියක් හෝ නිහඬව නොසිට ඔබ වෙනුවෙන් අපේ රාජකාරිය කළෙමු. එය කිසිඳු මූල්‍ය ලාභයක් පිළිබඳ බලාපොරොත්තු නොතබා, අවදානම නොතකා කටයුතු කළ කාලයක් විය. අපි රට වෙනුවෙන් පැනවූ සීමා මායිම් අත්තනෝමතික ලෙස පසුකර ගියේද නැත. ඒ අතරම සත්‍ය සොයා වෙහෙසෙනා එක නතර කළේද නැත. අපේ කණ්ඩායමේ බොහෝ අය නිවසේ සිට රාජකාරි කළේය. ඒ අතර කිසිම මාධ්‍ය ආයතනයකට ළඟා විය නොහැකි සීමාවල වූ අතිවිශේෂ හෙළිදරව් වෙනුවෙන් වෙහෙසෙන්නට විය. ඒවා හැකි උපරිමයෙන් අපි කළෙමු. ආදරණීය පාඨක ඔබ අපේ සේවය වෙනුවෙන් තෘප්තිමත් නම් එය අපේ ජයග්‍රහණයයි. මේ පත්තර ගමනේ අපේ කණ්ඩායමට ඔබෙන් ලැබෙනා පැසසුම් තරම් වෙන වටිනා දෙයක් නැත. බොහෝ අය අපට ඔබේ අදහස් කියා තිබේ. නමුත් පැසසුම් සේම චෝදානාද අප ඉවසන්නට සූදානම් ය. “මව්රට” මේසා දුරක් ආවේ ඒ සමග ය.
මේ අවසන් සති කීපය තුළ “මව්රට” ශ්‍රී ලංකාවේ පත්තර ලෝකයේ අන්තර්ජාල වාර්තාවක් තබන තැනට ඔසවා තැබුවේ ඔබය. ලෝකයේ මුද්‍රිත පුවත්පත යම් අභියෝගයකට ලක්ව ඇති විටක අපි ඒ වෙනුවෙන් නව මගක් නිර්මාණය කළෙමු. ඒ වටා මිලියන ගණනක පාඨක විශ්වාසය පෙළ ගැසී තිබේ. එය සතියෙන් සතිය ගණන් බැලූ විට අප ආ මග දෙස යළි හැරී බැලුවාක් වැනිය. බොහෝ අපහසුතා ඉවසමින් ගල් බොරලු පිරි මාවතක ආ අපි අද මල් පිපී ඇති බව දැක සතුටු වන්නෙමු. නමුත් තවම රිදුම් දෙන දෙපා පිරිමදිමින් විඩා නිවන්නට ඉඩක් නැත. අපි හෙට තැනෙනා අලුත් ලෝකයට ගැලපෙනා සේ වෙනස් විය යුතුය.
මාර්තු 22 වැනිදා වන විට අපට පුවත්පත මුද්‍රණය නොකර ඉන්නට සිදුවිය. ඒ සතියේ පෝස්ට් රීච් එක ලෙස අපට පාඨකයෝ 341,606 දෙනෙක් අපේ පුවත්පත කියවූ බවට නිල වශයෙන් වාර්තා විය. ඉන් පාඨකයෝ 8,943 දෙනෙක් අපට ප්‍රතිචාර දක්වා තිබණහ.
මාර්තු 29 වන විට ලංකාවේ කොරෝනා අර්බුදය නරක අතට හැරුණ අතර, අපගේ ‘ඉ’ පුවත්පතට ලැබුණ පාඨක ප්‍රතිචාරය 200562ක් විය. ඉන් 6,822ක පිරිසක් අප සමග අදහස් බෙදාගෙන තිබුණේය. අප්‍රේල් පස්වෙනිදා වන විට එය 212,859 දක්වා ඉහළ ගිය අතර, ඉන් 14,358 දෙනෙක් සිය අදහස් පළ කර තිබුණේය. අප්‍රේල් 12 වැනිදා වන විට අපේ පාඨක ප්‍රතිචාරය වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ 415,512ක් ලෙසය. ඉන් පාඨකයෝ 16,860 දෙනෙක් සිය අදහස් අප සමග බෙදා ගත්තේය. 19 වැනිදා වන විට එය 448,225ක් බවට පත්විය. ඒ තවත් තිස්දහසකට වැඩි පාටක ආදරය සමගය. අප සමග අදහස් බෙදාගත් පාඨක ප්‍රමාණය 22,121ක් වී තිබුණේය. ඒ සතියක කාලයක් තුළ හයදහසකට ආසන්න ඉහළ යාමකි. නමුත් 519,602ක පාඨක සහභාගීත්වය පත්තර ලෝකය උඩු යටිකුරු කිරීමකි. මේ කරදර සමය පත්තර ඉතිහාසය නව ප්‍රවාහයකට ගෙන ආ බවට වූ චමත්කාරජනක සාක්ෂියකි. මේ “මව්රට” අපි අපි වෙනුවෙන් කරනා හුදෙක් උදම් ඇනීමක් නොවේ. එය අප සමග එක්ව ජීවිතය බෙදා ගන්නා සියලු පත්තර සහෝදරයන්ගේ ජයග්‍රහණයකි. එදා සිට මේ දක්වා “පත්තර” වෙනුවෙන් වෙහෙසුණු දහස් ගණන් “පත්තර කාරයන්ගේ” ජයග්‍රහණයකි.
1,337,746ක පාඨක ඇසුරක් මේ වන විට අප ලබා තිබේ. ඒ ගණන් හිලව් අපි කියන්නේ ජාත්‍යන්තර ගණනය කිරීම් අනුවය. දහතුන් ලක්ෂයකට අධික පාඨක ආදරය සමග අපිට කියන්නට ඇත්තේ “පත්තර අවසන් නැත”, මේ ඒ වෙනුවෙන් තැනුන නව මාවතයි. හැම අඳුරු වළාවකම අඳුරු ඉරක් සේ මේ කොරෝනා සමය අපට අලුත් මගක් විවර කර දුන්නේය. අපි යළි මෙතැන් සිට මුද්‍රිත පුවත් පතකින් ඔබ සොයා එන්නෙමු. නමුත් ඔබට පෙර සේම “ඔන්ලයින්” පුවත්පතක් ලෙසද ප්අර්ඒබැඅිගකන ඔස්සේ අප කියවිය හැකිය.
අපට අවශ්‍ය තිබුණේ මේ කරදර සමය නිමවෙනා තෙක් ඔබට සවියක් වන්නටය. ඒ වෙනුවෙන් දැන් ඔබ අපට සවියක් වී තිබේ. ඔබේ ආදරයට ස්තූතියි.

මේ ‘මව්රට’ අපි…

SendShareShare
Previous Post

කොරෝනාවෙන් මූල්‍ය ක්ෂේත්‍රයම කඩා වැටෙද්දී හැටන් නැෂනල් බැංකුවෙන් වාර්තාවක්

Next Post

සජිත්ගෙ පක්ෂයට විරුද්ධව නඩු දාපු පැමිණිලිකරු උසාවි ඇවිල්ලත් නෑ

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.