2012 වසරේ සිට ශ්‍රී ලාංකේය පාරිභෝගික ගෞරවාදරයට පාත්‍ර වූ “කොටගල කහට” වෙනුවෙන් නිර්මාණයවූ “කොටගල කහට – රස වාසනා 2019” ප්‍රවර්ධන වැඩසටහන, 2019 සැප්තැම්බර් මස 05 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා අතිසාර්ථකව පැවැත්විණි. ජයග්‍රාහකයන් වෙත TVS ස්කූටි පෙප් 20ක් පිරිනැමූ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නම, ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කළ ඕනෑම ප්‍රමාණයේ “කොටගල කහට” ඇසුරුමක්, තැපැල් පෙට්ටිය 161, කොළඹ යන ලිපිනයට එවූ අයදුම්කරුවන් “කොටගල කහට – රස වාසනා” 2019 තරගය සඳහා සුදුසුකම් ලැබූහ. ප්‍රවර්ධන වැඩසටහන පැවැති කාල සීමාව තුළ “කොටගල කහට” ප්‍රචාරක රථය දිවයින පුරා දිස්ත්‍රික්ක 20ක, නගර 112ක් පුරා සංචාරය කරනු ලැබූ අතර එම ප්‍රචාරක රථයෙන්ද අයදුම්පත් භාර ගැනීම සිදුකෙරිණි.











