• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් රට ගිය හේතුව හෙළිවෙයි! ජනපති සජිත්ගේ වෙලාව ගනී!! නිලධාරීන් මහින්දව අසරණ කරයි!!! (රාජ්‍ය රහස්)

May 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 14 mins read
A A
බැසිල් රට ගිය හේතුව හෙළිවෙයි! ජනපති සජිත්ගේ වෙලාව ගනී!!  නිලධාරීන් මහින්දව අසරණ කරයි!!! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඉදිරි සති කිහිපය තුළ රට ඇතුළේ අධිඅවදානම්සහගත ලෙස කොරෝනා රෝගය ව්‍යාප්ත වනු ඇති බවටත්, විශාල වශයෙන් මරණ වාර්තා විය හැකි බවටත් මේ වන විට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා අවසානය. එම අනාවැකිය නිවැරැදි දැයි දැන්ම කිව නොහැකි නමුත් පසුගිය සතියේ දිනපතාම පාහේ රෝගීන් දෙදහස ඉක්මවා වාර්තාවීම හේතුකොට ගෙන එය කිසියම් ප්‍රමාණයකින් සත්‍යයක් වන ලකුණු දැනටමත් පහළ කොට තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුව කල් පසුවී හෝ මේ වන විට හැකි සෑම තැනකින්ම එන්නත ගෙන්වාගෙන ජනතාව එන්නත්කරණය කිරීමට සූදානම් වන ආකාරයක්ද දැකගන්නට ඇත.

රාජ්‍ය රහස් කරපු අනාවරණය හරියටම හරි…

මේ සියල්ල අතරවාරයේ අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම විදෙස්ගත වීමේ කසුකුසුවක් ආණ්ඩුව ඇතුළේ යමින් තිබෙන බව හෙළිදරව් කර සිටියේය. එහිදී අප තවදුරටත් සඳහන් කර සිටියේ මුලින් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා ගොස් එතැනින් චීනය බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බව එම කසුකුසුවෙන් කියවෙන බවකි. නමුත් ලංකාවේ සංචාරකයන්ට සිංගප්පූරුව හදිසියේම වසාදැමීම හේතුවෙන් කෙළින්ම චීනයට ගොස් ඉන් අනතුරුව ඇමෙරිකාවට යෑමට සැලසුම් කර ඇති බව මෙම කසුකුසුවෙන් වැඩිදුරටත් කියැවෙන බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. චීන රජයෙන් ලද නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙසේ චීනයේ සංචාරය කිරීමට සූදානම් වන බවක්ද අපි එහිදී සඳහන් කර සිටියෙමු. එමෙන්ම එම අනාවරණය අවසානයේ අප වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇමෙරිකාවේ සිටින සිය පුත්‍රයාගේ සහ ලේලියගේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා යෑමට සූදානම් වන බවත් එම කසුකුසුවෙන් කියැවෙන බවකි.

ජනපති බිරිය අමෙරිකා යයි

ඉකුත් ඉරිදා ‘මව්රට’ පුවත්පත හරහා අප කළ මෙම අනාවරණය ඉරිදා වන විටම තහවුරු වූයේ හදිසියේම ජනාධිපති බිරිය වූ අයෝමා රාජපක්ෂ මහත්මිය ඇමෙරිකාව බලා පිටත්ව යෑමට කටයුතු කිරීමත් සමගය. ඇමෙරිකාවේ වෙසෙන සිය පුත්‍රයා වූ මනෝජ් රාජපක්ෂට සහ ලේලිය වන සෙව්වන්දි රාජපක්ෂට උපන් කුළුඳුල් දියණිය දැකබලා ගැනීම ජනපති බිරියගේ මෙම සංචාරයේ අරමුණ විය. ජනාධිපතිවරයාටද සිය පළමු මිණිබිරිය දැකබලාගැනීමේ තදබල අවශ්‍යතාවක් තිබුණත් මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සිය වගකීම අතහැර විදෙස්ගත වීමට ජනාධිපතිවරයාගේ කැමැත්තක් තිබුණේ නැත. ඒ නිසා ජනාධිපතිවරයා තීරණය කළේ රටේ පවතින වත්මන් අවදානම්කාරී තත්ත්වය පහව යෑමෙන් පසුව චීන රජයේ ආරාධනාව පිළිගෙන එරටට යෑමටත්, ඉන් අනතුරුව සිය මිණිපිරිය බලාගැනීම සඳහා ඇමෙරිකාවට යෑමටත්ය.

බැසිල්ගේ අමෙරිකා ගමන

ජනාධිපතිවරයාගේ මේ රට යන කතාවේ කසුකුසුව එළියට පැමිණීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු පසුගිය සතියේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඒ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල්ගේ මේ ඇමෙරිකානු සංචාරයන් මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක්ද නොවේ. මන්ද යත් 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග බැසිල් කළේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ඇමෙරිකාව බලා පිටත්ව යෑමය. ඒ, සිය බිරිය වූ පුෂ්පා රාජපක්ෂ සමගිනි. එකල බැසිල් සහ පුෂ්පා ඇමෙරිකාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිය ගමන් මලු තල්ලු කරගෙන යන ආකාරයේ ඡායාරූප එකල බොහෝ ප්‍රසිද්ධ ඒවා බවට පත්ව තිබිණි. එසේ විදෙස්ගත වූ බැසිල් යළි ලංකාවට පැමිණියේ වසර 03කට පමණ පසුවය. ඒ වන විටත් බැසිල්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු කිහිපයක්ම පැවරීමට එකල යහපාලන රජය කටයුතු කර තිබිණි. ඒ අනුව බැසිල් ලංකාවට පැමිණීමෙන් පසු මුලින්ම අත්අඩංගුවට ගැනීම සිදුවිය. නමුත් පුෂ්පා නම් ඒ මොහොතේ ලංකාවට පැමිණීමට කටයුතු කළේ නැත.

පුෂ්පා ‌ලංකාවට ඇවිත්

ඒ මොහොතේ ඇය ලංකාවට නොපැමිණියත් කිසිවකුත් නොදැන පසුගිය කාලයේ පුෂ්පා ලංකාවට පැමිණ තිබිණි. ඒ බව තහවුරු වූයේ බැසිල් සමග පුෂ්පා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානය වූ ඇලන් මැතිනියාරාමයේ පැවැති පින්කමකට සහභාගි වීමට කටයුතු කිරීමත් සමගය. එම අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

කලින්ම අමෙරිකා යයි

මීට අමතරව තවත් අවස්ථාවක අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමගද පුෂ්පා රාජපක්ෂ මහත්මිය උත්සව අවස්ථාවකට සහභාගි වූවාය. එසේ ලංකාවේ බැසිල් සමග කාලය ගත කළ පුෂ්පා කිසිවකුට නොදන්වා මීට දින කිහිපයකට ඉහතදී හදිසියේම යළිත් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණි. ඒ සම්බන්ධයෙන් කරුණු සොයද්දී දැනගන්නට ලැබුණේ සිය දෙවැනි දියණියගේ දරු ප්‍රසූතිය හේතුවෙන් පුෂ්පා එසේ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණු බවකි.

ගමන 12ට ගනී

එමෙන්ම බැසිල්ද මීට පෙර සැලසුම් කර තිබුණේ සෙනසුරාදා (15) දිනයේ ඇමෙරිකාව බලා පිටත්ව යෑමටය. බැසිල්ගේ ගමන් මාර්ගය වැටී තිබුණේ ඩුබායි හරහාය. නමුත් මේ දිනවල ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා රෝගය හේතුවෙන් ඩුබායි රාජ්‍යය ලංකාවෙන් පැමිණෙන ගුවන් යානා සඳහා කිසියම් තහනමක් පැනවීමට කටයුතු කරනු ඇති බවක් ගුවන් සමාගම මගින් කල් තියා බැසිල්ව දැනුවත් කර තිබිණි. ඒ අනුව ගුවන් සමාගම වැඩිදුරටත් බැසිල්ට කියා තිබුණේ හැකි නම් 15 වැනි දිනට ප්‍රථම ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ආසන වෙන් කරගන්නා ලෙසටය. ඒ අනුව බැසිල්ද සිය ඇමෙරිකානු ගමන දින 03ක් ඉදිරියට ගනිමින් බදාදා දිනට (12) නිශ්චිත කරගැනීමට පියවර ගත්තේය.

යන්න කලින් රැස්වීම් කිහිපයක්

කෙසේ වෙතත් සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම බැසිල් ආණ්ඩුව ඇතුළේ අතිවිශේෂ රැස්වීම් කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. ඉන් එක් රැස්වීමක් වූයේ අගමැතිවරයා සහභාගි වූ පක්ෂ නායක රැස්වීමය. තමන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පැය කිහිපයකට පෙර අඟහරුවාදා (11) සවස් වරුවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති මෙම රැස්වීමට බැසිල් සහභාගි වූයේ අගමැතිවරයාගෙන් ලද ආරාධනාවකට අනුවය. මෙම පක්ෂ නායක රැස්වීමේද විශේෂත්වයක් තිබිණි. මීට පෙර අවස්ථා දෙකකදීම මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණත් ඒ අවස්ථා දෙකම වර්ජනය කිරීමට විමල් ඇතුළු ආණ්ඩුව ඇතුළේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන පක්ෂ 14ක නියෝජිතයන් කටයුතු කොට තිබිණ. ඔවුන් ඒ සඳහා හේතු වශයෙන් පෙන්වා දී තිබුණේ පක්ෂ නායකයන් නොවන 50කට ආසන්න පිරිසක් එම රැස්වීම්වලට කැඳවා තිබීම නිසා පක්ෂ නායකයන් ලෙස තමන්ට ඇති ප්‍රශ්න එහිදී සාකච්ඡා කළ නොහැකි යැයි කියාය. ඒ අනුව අවසන් වරට අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන් 30ක නාම ලේඛනයක් අගමැතිවරයාට ඉදිරිපත් කොට එම පුද්ගලයන්ට පමණක් පක්ෂ නායක රැස්වීමට ආරාධනා කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි. අගමැතිවරයාද ඊට එකඟතාව පළ කළ අතර, අඟහරුවාදා දින පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීන්දු විය.

මෙවර රහස් සාකච්ජා නෑ…

කෙසේ වෙතත් පසුගිය අවස්ථාවන් දෙකේදීම වෙනත් කණ්ඩායම් මෙම පක්ෂ නායක රැස්වීමට කැඳවා ඇති බවට නිල නොවන තොරතුරු විමල් පාර්ශ්වයට ලැබුණත් මෙවර ඔවුන්ට දැනගන්නට ලැබුණේ සකස් කරනු ලැබූ නාමලේඛනයෙන් පිට කිසිදු පිටස්තරයකු රැස්වීමට කැඳවා නොමැති බවකි. ඒ අනුව ඉකුත් වතාවේ මෙන් විමල්ගේ නිල නිවෙසේදී හෝ වාසුදේවගේ නිල නිවෙසේදී පූර්ව සාකච්ඡා වට පැවැත්වීමක් මෙවර දැකගත නොහැකි විය. න්‍යාය පත්‍ර සකස් කෙරුණේ ආණ්ඩුව ඇතුළේ සුළු පක්ෂවලට මුහුණ දීමට ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්ය. ඒ අනුව අඟහරුවාදා පස්වරුවේ සාකච්ඡාව ආරම්භ වූ අතර ඊට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වී සිටිනු දැකගත හැකි විය. නමුත් මෙවර විමල් වීරවංශ අමාත්‍යවරයා සාකච්ඡාවට සහභාගි වී සිටියේ නැත. නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ මේ දිනවල විමල් නිරෝධායනයේ සිටින බැවින් කිසිදු උත්සවයකට හෝ සාකච්ඡාවකට සහභාගි නොවන බවකි.

එන්නත්- පොහොර ගැන සාකච්ජා

ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ න්‍යාය පත්‍රයේ තිබූ කිසිදු කරුණක් එහිදී සාකච්ඡාවට බඳුන් නොවීමය. අවම වශයෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හෝ සුළු පක්ෂ ආණ්ඩුව ඇතුළේ මුහුණදී ඇති අර්බුද සම්බන්ධයෙන් හෝ කිසිදු කරුණක් මෙහිදී සාකච්ඡා වූයේ නැත. ඒ වෙනුවට සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම මාතෘකාව වී තිබුණේ කොරෝනා වසංගතයය. මීට අමතරව එන්නත්කරණය පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්විය. එමෙන්ම රසායනික පොහොර භාවිතය අත්හිටුවීම හේතුවෙන් ගොවීන් මුහුණදී ඇති ප්‍රශ්නත්, පොහොර හිඟයත් එහිදී සාකච්ඡාවට ලක් විය.

බැසිල්ගේ දෙවැනි සාකච්ජාව ජනපති ලේකම් කාර්යාලයේ..

ඒ බැසිල් ඇමෙරිකාවට යෑමට පෙර සහභාගි වූ එක් රැස්වීමකි. දෙවැනි සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ අරමුණු වූයේ රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ මතය පැහැදිලි කිරීමය. මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ මුල් අදියරේදී මෙය අසීරු කටයුත්තක් වුවත්, රසායනික පොහොර භාවිතයට ගොවි ජනතාව හුරු කරවිය යුතු බවත්, මුල් අදියරේදී අස්වැන්න යම් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවිය හැකි බවත්ය. එසේ වුවහොත් එම පාඩුවන මුදල ගොවි ජනතාවට ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත්, වැඩි මිලකට ගොවි ජනතාවගේ අස්වැන්න මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

විශාලම බළකාය බැසිල්ට බාරදෙයි

ජනාධිපතිවරයා මෙම රැස්වීම කැඳවූයේද එක්තරා විශේෂ කටයුත්තක් බැසිල්ට භාරදීමෙන් අනතුරුවය. ඒ අන් කිසිවක් නොව හරිත ලංකාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල්ව පත්කිරීමෙන් අනතුරුවය. මෙම කාර්යසාධක බළකායට කැබිනට් ඇමැතිවරු 05ක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයන් 46කින් යුත් පිරිසක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. මෙය මෑත කාලයේදී පත්කරනු ලැබූ විශාලම සාමාජිකයන් සංඛ්‍යාව සිටින ජනාධිපති කාර්යසාධක බළකාය ලෙස සැලකේ. ඒ අනුව මෙම ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල් ජනාධිපතිවරයා කැඳවූ එම සාකච්ඡාවට සහභාගි වීමටද කටයුතු කළේය.

අරලිය ගහ මැදුරේ කෑම මේසයේ සාකච්ජාව

මීට අමතරව බැසිල් බදාදා දිනට සිය ඇමෙරිකානු ගමනේ ප්‍රවේශපත්‍ර ස්ථිර වීමෙන් පසු ඊට පෙර දින රාත්‍රියේ අරලියගහ මැදුරට ගොස් මහින්ද හමුවීමටද කටයුතු කළේය. නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගි වූ බවකි. එහිදී තිදෙනා රාත්‍රී භෝජනය එකට ගත් බවත්, එහිදී රටේ පවතින තත්ත්වය සහ ආණ්ඩුව ඇතුළේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් නිල නොවන ආරංචිවලින් දැනගන්නට ඇත්තේ මෙම සාකච්ඡාවේදී ඇතැම් සිදුවීම්වලට තමන්ට වගකීමට නොහැකි බවත්, තමන් කී ඇතැම් දෑ ක්‍රියාවට නොනැගුණු බවත් කෑම මේසයේදී සඳහන් වූ බවකි. නමුත් ඇතැම් ආරංචිමාර්ග කියන්නේ එවැනි කිසිදු මතගැටුමක් නොවුණු බවත්, සුහදව පිරිස සාකච්ජා කළ බවත්ය. මෙම සාකච්ජාවට නාමල් පවා සහභාගී වී සිටි බවත් එම ආරංචි මාර්ග කියයි.

සමාජ මාධ්‍ය ගිනිගනී

කෙසේ වෙතත් බදාදා උදෑසන වන විටම බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලවලද පළවන්නට විය. ඒ අනුව මෙම පුවත පළවීමත් සමග සමාජ මාධ්‍ය ජාලා ගිනිගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාලාවල බැසිල්ගේ ඡායාරූපයත් සමග පළවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඇතැමුන් කීවේ සහෝදරවරුන් සමග නෝක්කාඩු වී බැසිල් ඇමෙරිකා ගියා යැයි කියාය. තවත් සමහරුන් කියා සිටියේ 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු බැසිල් රට ගියා වාගේම මෙවරත් ආණ්ඩුව කඩාවැටෙන ලකුණු දැක බැසිල් රට හැර ගියා යැයි කියාය. තවත් සමහරුන් කියා තිබුණේ ලංකාවේ දේශපාලනය එපා වී මෙසේ බැසිල් ඇමෙරිකා ගියා යැයි කියාය.

ජන්ද සිතියම හකුළයි

කෙසේ වෙතත් බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගියේ ලංකාවේ ඡන්ද සිතියම මාස කිහිපයකට හැකිලීමෙන් අනතුරුවය. ආණ්ඩුවේ මේ ඡන්ද හැකිලීම පිළිබඳ පසුගිය කාලයේදී බොහෝ දෙනකු සිටියේද විමතියට පත්වය. මන්ද යත් රාජපක්ෂවරුන් ඡන්ද තියන්නටත්, එසේ ජන්ද තියා දිනන්නට උපන් ගෙයි හපනුන් වීම නිසාය. රාජපක්ෂවරුන් ඡන්ද දිනන්න කොච්චර දක්ෂදැයි කියනවා නම් යුද්ධ කාලයේදීත් ඔවුහු යුද්ධය පෙන්වා කඩින්කඩ ඡන්ද පවත්වා ජයග්‍රහණය කිරීමට කටයුතු කළහ. නමුත් අවසන් වරට පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට අගමැතිවරයා සහ බැසිල් ප්‍රමුඛ පක්ෂ නායකයෝ තීන්දු කළහ. ඒ අනුව දැන් බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ මාස ගණනකට ඡන්ද සිතියම හකුළා දමාය. ඒ අනුව දැන් බැසිල්ට ඇමෙරිකාවේ අවශ්‍ය නම් මාස ගණනක් වුවත් විවේක සුවයෙන් ගතකිරීමට ඉඩකඩ තිබේ. ඒ අනුව මෙවර බැසිල් ඇමෙරිකාවට ගොස් තමන්ට යළි ලංකාවෙන් කැඳවීමක් ලැබෙන තෙක් ඉන්නවාද කියන්න දන්නේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, පොහොට්ටුවේත් ඉදිරි දේශපාලන ගමන තීන්දු වන්නේ බැසිල් යළිත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව බව නම් කිව හැක.

ජාතික ආණ්ඩුවකට ගේමක් ගහයි

මේ අතර ඇමෙරිකාව බලා යෑමට සියලු සැලසුම් සකස් කර තිබියදී බැසිල් තවත් දේශපාලන ගේමකට මුලපුරා තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සම්බන්ධයෙන් ඉතා රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම යම් යම් දේශපාලන පක්ෂ නායකයන් සමග පැවැත්වී ඇති අතර, එහි සවිස්තරාත්මක තොරතුරු ඉදිරි කලාපවලදී අප රටට අනාවරණ කිරීමට සූදානම්ය. දැනට අපට කීමට ඇත්තේ මෙම සාකච්ඡාවලදී බැසිල් යම් හෙයකින් ආණ්ඩුවේ කිසියම් කණ්ඩායමක් ස්වාධීන වුවහොත් හෝ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පොහොට්ටුව ප්‍රධාන කොට ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා කොට ඇති බවකි. දැනට ආණ්ඩුවෙන් පිටත සිටින දේශපාලන පක්ෂ කිහිපයක් සමගද බැසිල් ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ ඇතැම් සාකච්ඡාවන්ට එම පක්ෂවල නායකයන්ද, ඇතැම් සාකච්ඡාවන්ට නායකයන් නොමැතිව එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිට ඇති බවක් ආරංචිය.

බැසිල් අමෙරිකා යද්දී මහින්ද ජපන් යන්න යයි

මේ ආකාරයට ජනාධිපතිවරයාගේ චීන සහ ඇමෙරිකානු ගමන කල් යද්දී සහ බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යද්දී මහින්දද ඉදිරි කාලයේදී විදේශගත වීමට දින නියම කරගෙන තිබේ. ඒ, ජපානයටය. මෙවර ඔලිම්පික් තරගාවලියේ සත්කාරක රට ජපානය වන අතර, එහි සමාරම්භක උත්සවයට සහභාගි වන ලෙස අගමැතිවරයාට නිල ආරාධනාවක් ලැබී තිබීම ඊට හේතුවය. සෞඛ්‍ය හේතූන් මත මෙවර ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය දැඩි සීමාකිරීමකට ලක්කොට ඇති අතර, අගමැතිවරයා එම උත්සවයට සහභාගි වන බව දැනටමත් තහවුරු කොට අවසානය.

කිංස්ලි එකෙන්ම ලෝකය හෙල්ලුවාද

වසර 30ක කාලයක් සිරසේ රාජකාරි කළ කිංස්ලි රත්නායක ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තවමත් ගෙවී අත්තේ සති දෙකකට ආසන්න කාලසීමාවකි. සිරස ගුවන්විදුලියේ රාජකාරි කරන කාලයේදී නම් කිංස්ලි ප්‍රකටව සිටියේ සූරිය සිරස වැඩසටහනෙන් උදෑසනම ආලින්දයට විත් ජනතාව සමග දැනුම බෙදාගන්නා නිවේදකයකු ලෙසටය. ජනතාව සංවේදී කරවන නිවේදකයකු ලෙසටය. ජනතාව හිනස්සන නිවේදකයකු ලෙසටය. මේ ආකාරයට සිරස ගුවන්විදුලිය තුළ නිවේදක වෘත්තියෙන් දස්කම් දැක්වුවද, කිසි විටෙකත් පුවත් මවන්නකු ලෙස කිංස්ලි ප්‍රකට වූයේ නැත. පුවත් මවන්නකු ලෙස දස්කම් දැක්වූයේද නැත. එසේ වුවද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයේ රාජකාරි භාරගෙන සති දෙකක් ඉක්ම යද්දී කිංස්ලි පළමු වතාවට පුවත් මවන්නකුගේ චරිතයට පණ පෙවූ ආකාරයක් දැකගත හැකි විය. එයද ජාතික මට්ටමේ පුවත් මවන්නකු ලෙස නොව ජාත්‍යන්තර මට්ටමේ පුවත් මවන්නකු ලෙසටය.

මෙය සිදුවූයේ ජනාධිපතිවරයා ඉකුත් සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්රොස් ගේබ්‍රෙයෙසුස් සමග දුරකතනයෙන් කළ සංවාදය පිළිබඳ රට දැනුවත් කිරීමට කිංස්ලි කටයුතු කිරීමත් සමගය. එය ජනාධිපතිවරයා වෙනුවෙන් කිංස්ලි නිකුත් කළ පළමු ප්‍රකාශය විය. සාමාන්‍යයෙන් මීට පෙර සිටි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරුන් නිවේදනයක් නිකුත්කිරීම මගින් හෝ සකස් කළ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කිරීම මගින් මෙම කටයුත්ත කළද කිංස්ලි පළමු වතාවට ලොකු වෙනසක් සිදුකරමින් මෙම සිදුවීම කොලයක් හෝ නොබලා මාධ්‍යයට ලබාදීමට පියවර ගත්තේය. එහිදී එක් තැනකදී කිංස්ලි කියා සිටියේ මෙම සංවාදයේදී එන්නත් ලබාගැනීම පිළිබඳ දෙදෙනා අතර දීර්ඝව සාකච්ඡා වූ බවත්, චීන සයිනොෆාම් එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා ටෙඩ්රොස් හට දැනුම් දුන් බවත්ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එදිනම සවස ලෝක සෞඛ්‍ය සංවිධානය චීන එන්නතට අනුමැතිය ලබාදීමට පියවර ගත් බවද කිංස්ලි සඳහන් කර සිටියේය.

මාධ්‍ය වැඩේ අවුස්සයි

මෙහිදී කිංස්ලි එම ප්‍රකාශය හරහා කුමක් සමාජගත කිරීමට උත්සාහ කළේද යන්න පැහැදිලි නැතත්, එය සඳහන් කළ ආකාරය අනුව බොහෝ දෙනාට හැඟී ගොස් තිබුණේ ජනාධිපතිවරයාගේ බලපෑම මත ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත සඳහා අනුමැතිය ලබාදී ඇති බවකි. ඒ සමගම මෙරට එක්තරා ඉංග්‍රීසි මාධ්‍යයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඊමේල් පණිවුඩයක් යවමින් කිංස්ලිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත විමසීමට කටයුතු කර තිබිණි. ඊට පිළිතුරු ලබාදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ මාධ්‍යයට දැනුම්දී තිබුණේ එම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ජනාධිපතිවරයාගේ බලපෑම මත චීන එන්නතට අනුමැතිය ලබාදී නොමැති බවත්ය. ඒ බව එම ඉංග්‍රීසි පුවත්පත ඊට පසු දිනම සිය පුවත්පතේ මුල් පිටුවේම පළකිරීමටද පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. මේ අනුව මෙම සිදුවීම හරහා කිංස්ලි එක් වරම ජාත්‍යන්තර පුවත් මවන්නකුගේ චරිතයට පණ පෙවූ බව නම පැහැදිලිවම දැකගන්නට ලැබිණි.

සජිත් තානාපතිවරු එක්ක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද පසුගිය සතිය ඉතා කාර්යබහුල එකක් විය. විශේෂයෙන්ම විදෙස් තානාපතිවරු දිගින් දිගටම පැමිණ විපක්ෂ නායකවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීම මේ සඳහා මූලිකවම බලපා තිබිණි. පසුගිය සතියේ එසේ සජිත් හමුවට පැමිණි විදෙස් තානාපතිවරුන් අතර බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා සහ දකුණු කොරියානු තානාපතිවරයාද සිටියහ. මෙම සාකච්ඡාවලදී සජිත් එම තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි. ඒ, මේ අවස්ථාවේ රටට අත්‍යාවශ්‍යව ඇති සෞඛ්‍ය උපකරණ ලබාදෙන ලෙසටය. එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා උපකාර කරන ලෙසද මෙහිදී සජිත් එම තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

වෛද්‍ය සංගමය වෙලාවක් ගනී

මීට අමතරව තවත් එක් විශේෂ හමුවක්ද සජිත් පසුගිය බදාදා දිනයේ යොදාගෙන තිබිණි. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව බදාදා දහවල් 12ට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණි. නමුත් බදාදා පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානීන්ට ලැබුණු දැනුම්දීමකින් කියැවුණේ ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, දහවල් 12.15ට එම රැස්වීම පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත්ය.

ජනපති සජිත්ගේ වෙලාව ගනී

ජනාධිපති කාර්යාලයෙන් කළ මෙම දැනුම්දීමත් සමග වහාම සජිත්ට කතා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානීන් ඔහුට දැනුම්දී සිටියේ ජනාධිපතිවරයාද දහවල් 12.15ට තම සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති බැවින්, එම සාකච්ඡාවට සහභාගිවීමට සිදුව ඇතැයි කියාය. එමෙන්ම සජිත් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ වේලාව කිසියම් වෙනසකට ලක් කළ හැකිද යන්න පිළිබඳවද රජයේ වෛද්‍ය නිලධාරීන් සජිත්ගෙන් විමසා සිටියේය. ජනාධිපතිවරයා යම් කාලවේලාවක් ලබාදී ඇත්නම් එම සාකච්ඡාවට සහභාගි වන ලෙස මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දුන් සජිත් තමන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව බදාදා පස්වරු 4ට පැවැත්විය හැකි බව ඔවුන්ට දැනුම්දී සිටියේය. සවස 4ට සජිත් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාව පැවැත්වුණේ ඒ අනුවය.

මහින්ද අසරණ කළ නිලධාරීන්

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයෙන් පසුගියදා චීන තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමු කෙරිණි. එම ලිපිය විසින් අගමැතිවරයා චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබුණේ මේ වන විට කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යමින් තිබීම හේතුවෙන් අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟයකට රට මුහුණ පා සිටින බවත් ඒ නිසා ඊට ආධාර සපයන ලෙසටත්ය.

අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම ලිපිය ලැබීමත් සමග චීන තානාපති කාර්යාලය ලංකාවට උදව් කිරීමට තීරණය කොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පසුගිය සතියේ දිනයක් යොදා ගත්තේය. එම දැනුම් දීමට අනුව අගමැති කාර්යාලයත්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාටත්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ටත්, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ටත් දැනුම් දීමක් කෙරුණේ නියමිත දිනට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වී අවශ්‍ය උපකරණ මෙන්ම ඊට වැයවන මුදල් පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලෙසටය.
ඒ අනුව කල්තියා කළ දැනුම් දීමට අනුව චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් අරලියගහ මන්දිරයට පැමිණියේ සාකච්ඡාවට සහභාගි වීම සඳහාය. නමුත් කනගාටුවට කරුණ වූයේ අගමැතිවරයා එම සාකච්ඡාවට සහභාගි වුවත්, මීට පෙර කර තිබූ දැනුම් දීමට අනුව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි නොවී සිටීමය. අවම වශයෙන් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා හෝ එම අවස්ථාවට එක්ව නොසිටීම විශේෂ සිදුවීමක් විය.

සජිත්-හරීන් වලියක්?

පසුගිය සතියේ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම විශේෂ පුවතක් ලෙස වාර්තා කරමින් කියා තිබුණේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එම පක්‍ෂයේ තරුණ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් අතර බරපතළ මත ගැටුමක් මතුව ඇතැයි කියාය. ඊට හේතු වශයෙන් එම වෙබ් අඩවි පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් හා මනුෂ පාර්ලිමේන්තුවේ හෙළිකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම්වලින් පසුව එය නවත්වන ලෙසට සජිත් බලපෑම් කළා යැයි කියාය. එමෙන්ම එම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අගරදගුරු සම්මේලනය සහ කතෝලික සභාව දැනුවත් කිරීමට පැවැති සාකච්ඡා මඟහැරීමට සජිත් කටයුතු කර තිබූ බවද එම පුවතින් වැඩිදුරටත් කියැවිණි.

ඒ අනුව මෙම පුවත පළවීමත් සමග බොහෝ දෙනා හරීන්ගෙන් මේ කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්හ. ඒ කතා කළ සියලු දෙනාටම හරීන් කියා සිටියේ එම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත්, එවැනි කිසිවක් සිදුව නැති බවත්ය. කෙසේ වෙතත් තමන්ට කරදරයක් වන සේ පැමිණි ඇමැතුම් හේතුවෙන් අවසානයේ හරීන් තීන්දුවක් ගත්තේය. ඒ සිය ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් සටහනක් තැබීමටය. මේ පළවන්නේ එම සටහනය.

හරීන් තිබ්බ සටහන

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ එම ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන් සහ ආරක්ෂක අංශ අතර පැවතියායැයි පැවසෙන සම්බන්ධතා අනාවරණය කිරීම වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටින බවට සහමුලින්ම අසත්‍ය,පදනම් විරහිත පුවතක් යම් යම් මාධ්‍යතුළ හුවමාරු වෙමින් තිබේ.

පළමුව මේ පුවත සහමුලින්ම අසත්‍ය,ව්‍යාජ පුවතක් බව පවසා සිටිමි.විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයේදීත්,ඊට බාහිරව අවස්ථා රැසකදීත් මා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා ඉතා තීරණාත්මක අනාවරණයන් සිදු කළ අතර ඒ සියල්ලට ආශිර්වාදය ලැබුනේත්,සහයෝගය ලැබුණේත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි.

ඒ සහයෝගය හේතුවෙන් මා සහ මනූෂ නානායක්කාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙලිදරව් කළෙමු.මන්ත්‍රීවරුන් විසින් කතෝලික සභාව හමුවී මෙම තොරතුරු දැනුම්දීම සදහා විශේෂ හමුවීමක් සංවිධානය කළ බවත් විවිධාකාර හේතු පවසමින් විපක්ෂ නායකවරයා කතෝලික රදගුරුවරුන් (BISHOP) හමුවීම ප්‍රතික්ෂේපකර ඇති බවටද එම ව්‍යාජ පුවත්වල ඇති අතර ඒවාද හුදෙක් කරුණු හරිහැටි නොදැන කරන ලද ව්‍යාජ හිතලු මිස සත්‍ය නොවේ.

මෙවැනි ව්‍යාජ පුවත් මවන්නන්ගේ කූඨ අරමුණු පිලිබදව අප විමතියට පත් නොවන අතර මෙවැනි ප්‍රලාප තුලින් අපගේ අරමුණු වෙනස් නොවන බවද දන්වා සිටිමු.සත්‍ය එකින් එක හෙලිදරව්වක් වනවිට ආණ්ඩුව පත්වන දැඩි පීඩාකාරී තත්ත්වය මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන්ම පැහැදිලි වන අතර මේවායින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ අභියෝගය ඇත්තේ සමගි ජනබලවේගයේ බව ඔවුන් තේරුම් ගෙන ඇති බවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහය අලියාන්ස් ලංකාවට හඳුන්වා දෙයි

Next Post

පෝට් සිටි කොමිසමට ලංකාවේ අය විතරයි! මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.