ශ්‍රී ලංකීය ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය පුරුෂයින්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර 35ක අගයකින් පැවති කාන්තා දායකත්වය කෝවිඩ් 19 වසංගතයේ බලපෑමත් සමගම තවදුරටත් අයහපත් අතට පත් විය. වර්තමාන තත්ත්වය මෙලෙස පැවතියද මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ ග්‍රාමීය කාන්තාවන් මූල්‍යමය හා සාමාජීය ලෙස සවිබල ගන්වමින් මෙරට ආර්ථිකය නැංවීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇත.
පසුගිය වසර කිහිපය මුළුල්ලේම රැකියා විරහිත කාන්තාවන් ආර්ථික හා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් විවිධ පළාත්වල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා සහ ගොවිපළ ආශ්‍රිතව රැකියා දහස් ගණනක් ග්‍රාමීය කාන්තාවන් වෙත ලබාදී ඇත. ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් පවත්වාගෙන යන කුකුළු ගොවිපළ ආශ්‍රිතව රැකියා 350ක් සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමිකරුවන් 250 දෙනෙකු ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග ලබා දීමටද ක්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර මින් බහුතරය කාන්තාවන් වේ. එමෙන්ම ක්‍රිස්බ්‍රෝ සමූහය සමග සම්බන්ධ වීම නිසාම මෙම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මෙම ආදායම් මර්ග සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව ක්‍රිස්බ්‍රෝ සිය කාන්තා ශ්‍රම බලකාය සඳහා රැකියාව ආශ්‍රිත නිපුණතා සංවර්ධන වැඩසටහන් ලබා දෙන අතර මූල්‍යමය ආධාර ලබා දෙමින් ග්‍රාමීය කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත් කිරීමටද සිය දායකත්වය ලබා දෙයි.











