CBL සමාගම් සමූහයට අනුබද්ධිත Convenience Foods (Lanka) PLC සමාගම විසින් රත්මලාන අඳ, ගොළු, බිහිරි පාසලේ ඉගෙනුම ලබන සිසුන් වෘත්තීය සුදුසුකම්වලින් බලගන්වමින් ඔවුන්ට රැකියා අවස්ථා නිර්මාණය කර දීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ අනුව මෙම සිසුන්ට නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) ග්‍රැෆික් නිර්මාණකරණය වෘත්තීය පාඨමාලාව හැදෑරීම සඳහා සමාගම විසින් ශිෂ්‍යත්ව පිරිනැමූ අතර ඒ සඳහා වැයවන ප්‍රවාහන, ආහාර සහ නිල ඇඳුම් වියදම් සමාගම විසින් දරනු ලබයි.
මෙම පාඨමාලාව නිම කරන සිසුන්ට Convenience Foods (Lanka) PLC සමාගම සහ ලංකා සේව්‍ය සම්මේලනය හා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම්වල මාස හයක පරිවාස පුහුණුවක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන අතර, ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ඉන්ටර්මාර්ට් ප්‍රින්ටර්ස්, ස්ටැෆර්ඞ් මෝටර්ස් සහ ජොනතන්ස් ස්ටුඩියෝ යන ආයතන ඇතුළත් වේ.











