නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් නේෂන්ස් මොබයිල් ඇප් එක හරහා ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු විවෘත කිරීමේ පහසුකම දැන් තම ගනුදෙනුකරුවන් හට හඳුන්වා දී ඇත. මේ නිසා ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවක් වෙත නොගොස් ඇප් එක හරහා පහසුවෙන්ම ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාව අනුව නේෂන්ස් සේවර්, නේෂන්ස් මැක්ස් බෝනස්, නේෂන්ස් මෙගා සේවර්, නේෂන්ස් ටැක්ස් ප්ලෑනර් හා නේෂන්ස් ප්‍රබුද්ධ යන තමන් කැමති ඕනෑම වර්ගයේ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට මෙමගින් ඉඩ ලැබේ. එමෙන්ම සාමාන්‍ය ස්ථාවර තැන්පතු ‘දින 30 සිට අවුරුදු 5ක් දක්වා’ සහ තමන් කැමති කාල පරාසයකට ‘දින 30 සිට දින 365 දක්වා’ විවෘත කළ හැකි Flexi Deposit විවෘත කිරීමටත් මෙඟින් පහසුව සැලසේ. එයට අමතරව වැඩි දියුණු කළ නව විශේෂාංග රැසක් අත්විඳීමටද ඇප් එක අවස්ථාව ලබා දෙයි.
නේෂන්ස් මොබයිල් ඇප් එක මඟින් පුළුල් පරාසයක සේවාවන් රැසක් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වන අතර බිල්පත් ගෙවීම සහ මුදල් හුවමාරුව වැනි ගනුදෙනු ඉතා වේගවත්ව සහ ආරක්‍ෂිතව සිදු කිරීමටද අවස්ථාව සැලසේ. තම ජංගම දුරකතනය හරහා ඇඟිලි සලකුණ සහ PIN අංකය භාවිත කර නේෂන්ස් මොබයිල් ඇප් එකට පිවිසිය හැකි නිසා මෙම ගනුදෙනුවලට ඉහළ ආරක්‍ෂාවක් හිමිවන බවට සහතික කළ හැකිය. තමන්ගේ සියලු බැංකු කටයුතු එකම තැනකින් පරීක්‍ෂා කිරීමටත් කාඞ්පතක් හෝ ඉලෙක්ට්‍රොනික ගිණුම් වාර්තාවක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමටත් මේ හරහා ගනුදෙනුකරුවන්ට ඉඩකඩ සැලසේ. මීට අමතරව ඉලෙක්ට්‍රොනික ගිණුම් වාර්තා සහ චෙක් පොත් ඉල්ලුම් කිරීම, චෙක්පත් අවලංගු කිරීම මෙන්ම කැමති භාෂාව් තෝරාගැනීමේ අවස්ථාවද නේෂන්ස් මොබයිල් ඇප් එක හරහා ලබාගත හැක.











