පසුගියදා පැවති 2019 Global Performance Excellence Awards (GPEA)හිදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධාන කරන ලද්දේ Asia Pacific Quality Organization (APQO) විසිනි. මෙම සම්මාන උළෙලේදී Best in Class සම්මානයකින් පිදුම් ලැබීමට ඇට්ලස් සමාගම සමත් වූ අතර, ඊට අමතරව Lean සහ Kaizen ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශිෂ්ටතම පරිචයන් (Best Practices) කාණ්ඩයේ රිදී සම්මානයක්ද, නවෝත්පාදනය (Innovation) වෙනුවෙන් තවත් රිදී සම්මානයක්ද එම සමාගම වෙත පිරිනමන ලදී.
25 වැනි වරටත් සංවිධාන කරන ලද මෙම සම්මාන උළෙල ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ Stones Hotel Legian හිදී පැවැත්විණි. ඇට්ලස් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/අධ්‍යක්ෂ (මෙහෙයුම්) විරාජ් ජයසූරිය මහතා මෙම සම්මාන උළෙල නියෝජනය කළහ.