මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී වී සිටියහ.
දෙදෙනාම යාබද අසුන් 2ක සිට දිව්රුම් දීමේ උත්සවය නැරඹූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙම දිව්රුම් දීමේ උත්සවය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණ.










