ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා අසීමිතව වීඩියෝ නැරඹීමට හා සමාජ මාධ්‍ය ජාලවල සැරීමට නව ඬේටා පැකේජයක් හඳුන්වාදී ඇති අතර මෙමගින් පරිශීලකයින්ට රිසි සේ එකම පැකේජයක් හරහා යූටියුබ් (YouTube) ෆේස්බුක් (Facebook) ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) හා වට්ස්ඇප් (WhatsApp) යන මෙරට වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල සඳහා ප්‍රවේශ වීමට එයාර්ටෙල් විසින් අවස්ථාව ලබාදී ඇත- දිවයින පුරා ආරක්ෂිත සමාජ දුරස්ථකරණ පියවරයන් අනුගමනය කරමින් සිටින මොහොතක ශ්‍රී ලාංකිකයන් අතර සමාජ මාධ්‍ය ජාල පරිහරණය, පණිවිඩ හුවමාරු සේවා හා වීඩියෝ නැරඹීමේ යෙදවුම් සඳහා ඉහළ යන ඬේටා භාවිතය සපුරා ලීම සඳහා මෙම ඬේටා පැකේජය වැඩි දියුණු කර ඇත- ඒ අනුව සැඟ වූ ගාස්තු හා කොන්දේසි නොමැතිව පරිශීලකයින්ට YouTube සහ Facebook හරහා අසීමිතව වීඩියෝ නැරඹීමට මෙමගින් හැකි වනු ඇත-











