අමානා තකාෆුල් රක්ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳ නිවේදනය කරමින් සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධනය සඳහා Gross Written Premium (GWP) 27%ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි. අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“2021 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රමුඛයන් අතර අමානා තකාෆුල් රක්ෂණයද සිටින බව ප්‍රකාශ කිරීමට ලැබීම බෙහෙවින්ම සතුටට කරුණක්. එසේම විශාල ආර්ථික අපහසුතා, රක්ෂණ අංශයේ සීමාවන් සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි වසංගතය බලපා ඇති මෙම නව්‍ය තත්ත්වය තුළ බොහෝ පීඩන මධ්‍යයේ මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ප්‍රගතියක්.” මෙහිදී සමාගම පළමු කාර්තුවේදී සියලුම රක්ෂණ ශ්‍රේණිවල ශක්තිමත් වර්ධනයක් වාර්තා කර තිබේ. එහිදී මෝටර් නොවන රක්ෂණ අංශය 2020ට සාපේක්ෂව 69%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. අමානා රක්ෂණයේ ගිනි හා ඉංජිනේරු රක්ෂණය කාර්තුවේ දෙවන විශාලතම වර්ධන අංශය වන අතර එය 38%කින් වර්ධනය වී ඇත. ඒ අතර වෛද්‍ය රක්ෂණය 35%කින්ද මෝටර් රථ රක්ෂණය 19%කින්ද වර්ධනය වී තිබේ. එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් සමඟ සැසඳීමේදී විශාල වර්ධනයක් ලෙස සටහන් වේ.
2021 ජනවාරියේදී දියත් කරන ලද සිය නැවුම් නව සන්නාම තේමාව තුළින්, වර්තමාන ආර්ථික තත්ත්වයන් හා සෞඛ්‍ය අභියෝග හමුවේ නොපසුබටව, අමානා තකාෆුල් රක්ෂණ සමාගම මෙම සුවිශේෂ ප්‍රතිඵල ලබාගෙන ඇතැයි විශ්වාස කෙරේ.











