• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කටින් ගහලා සටන් දිනන්නෝ…

November 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
කටින් ගහලා සටන් දිනන්නෝ…
Share on WhatsAppShare on Facebook

ඕනෑම සටනක් කටින් ගහලා දිනන අය ඕනෑ තරම් සමාජයේ සිටිති. මේ අයගේ කටේ හැටි දන්නා නිසාම අනෙක් අය තරමක් පසුබසින ස්වභාවයක් දක්නට තිබේ. එහෙත් එලෙස කෙනකුගේ කට සැර වෙන්නටත්, තවත් කෙනකු එසේ නොවෙන්නටත් හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුමය.

සැර කතාවට හේතු කාරණා වන පිහිටීමට ප්‍රධාන වශයෙන්ම අඟහරු ග්‍රහයා මූලිකව සිදුවන දෙයක්. කතාවේ ප්‍රබල බව මෙන්ම දුර්වලතාවයන්, ගොළු ස්වභාවයන් ඇතිකරන්නට ප්‍රධානත්වය ගන්නේ බුධ ග්‍රහයායි. බුධ ග්‍රහයා දුර්වලව අසුබ පාප දෘෂ්ටියට ලක්වීම හා 22 වැනි දෙර්කාණාධිපතියා වී දෙපැත්ත හෝ ලග්නය දැකීම ඉතා ප්‍රබලව අසුබ ගෙන දෙන ග්‍රහ තත්ත්වයක් ලෙස සලකන්නට හැකියි. මෙවැනි තත්ත්වයක් යටතේ එම ජන්මීන් කතාකරන වචනවල පැහැදිලි බවක් නැතිවෙන්න පුළුවන්. කතාව වේගවත් වුවද කියන දේ පැහැදිලි නොවීම නිසා අන් අය අපහසුතාවට පත්වෙන්නත් ඉඩ තියෙනවා.

22 වැනි දෙර්කාණාධිපතියා වී බුධ ග්‍රහයා දෙවැන්න දැකීම හෝ දෙවැන්නේ සිටීමත්, ඒ අනුව වෙනත් ප්‍රබලව බලපෑම් කරන සුබ ග්‍රහ සංයෝග නැතිනම් එම පුද්ගලයන් බොහෝ දුරට ගොළු තත්ත්වයට පත්වෙන්නටත් ඉඩ තියෙනවා. එසේම මේ අයට කතා කරන්න හැකියාව ලැබුණත් කතාවෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නන් වෙයි.

සෙනසුරු ග්‍රහයා සමග රාහු දෙවැන්නේ සිටීමෙන් වේගවත්ව කතාකරන කාන්තාවන් බිහිවන අතර ඇයගේ කතාව අන් අයගේද සිත රිදවයි. එහෙත් මේ අය තමන්ගෙන් එවැන්නක් සිදුවන බව තේරුම් නොගනී. එනිසා නොදන්නාකමින් තව තවත් එම වරද කරන්න පෙලඹෙයි. මේ අය කෙසේ හෝ තම මතය දිනවීමට සිතා දිගින් දිගටම කතා කරන්නේ කුජ ග්‍රහයාගේ ප්‍රබල ග්‍රහ දෘෂ්ටිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවැනි අය සමග වාද විවාද සඳහා යෑම අන් අය කරන අනුවණකමකි. මන්ද කෙසේ හෝ වචනවලින් පහරදී දිනන්ට මේ අය තුළ ඇත්තේ අමුතුම හැකියාවකි. ඒ වගේම රාහු සමග අඟහරු දෙවැන්නේ සිටීම නිසා වේගවත්ව කතා කිරීමේ හැකියාව ලබාදෙයි. මෙම පිහිටීමේදී බ්‍රහස්පති ග්‍රහයා ප්‍රබලව සුබ ග්‍රහ දෘෂ්ටියෙන් පිහිටීමෙන් ප්‍රියමනාප වේගවත් කතා විලාසයකට හේතුපාදක වෙයි.

යම් ලෙසකට රාහු, කේතු හා සෙනසුරු දුර්වල වුවහොත් මුහුණේ නපුරු පෙනුමක් ඇතිවීමත්, මුහුණේ පැහැපත් බව නැතිවීමත්, ඒ හා සමාන වෙනත් තත්ත්වයන්ට ගොදුරු වීමටත් හේතු යෙදෙන්න පුළුවන්.

ඇතැම් අයගේ මුහුණ අතිශය පියකරු ප්‍රියමනාප වුවද කතාව නිසා සිත් රිදීම් ඇතිවෙයි. කිසිදු ප්‍රියතාවක් නැති කතාව දෙසවන්වලට අමිහිරි අත්දැකීමක් එක් කරයි. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දුර්වල පාප පීඩිත රාහු, සෙනසුරු දෙවැන්නේ සිටීම හා සිකුරු ලග්නගත වීම හෝ සිකුරු පුර පක්ෂයේ සඳු විසින් දැකීමයි.

දුර්වල සඳු හා සෙනසුරු දෙවැන්නේ සිටීම නිසා තම සැමියාට මෙන්ම අවට වටපිටාවේ සිටින අයටද එපාවෙන ස්ත්‍රීන් බිහිකරයි. ඒ වගේම නිතර නිතර කේළාම් කියමින් අනුන්ව කොටවමින් ඉන් සතුටට පත්වන ආත්මාර්ථකාමී කටකාර අසංවර ස්ත්‍රීන් බිහිකිරීමට හේතු වන්නේ බුධ ග්‍රහයා සමග අඟහරු ග්‍රහයා සිටි විටයි. එහිදී කේතු ග්‍රහයා ලග්නගතවීමද ප්‍රධාන හේතුවක් බවට පත්වේ.

කේතු ග්‍රහයා ලග්නගතව දුර්වලව පිහිටි විට බුධ දෙවැන්නේ නම් එම ග්‍රහයන් දෙදෙනාට සුබ ග්‍රහ බලයක් නොලැබුණු කල්හි ඒ අයගේ කතාවෙන් නීති ප්‍රශ්න මතුවෙයි. අන් අය අපහසුතාවට සහ කරදරයට පත්වීමටද හේතු සාදයි. මේ අය කේළාම්වලට හසුවීමට සහ ඉන් කරදරේ වැටීමටද ඉඩ ඇත. ඒ වගේම අන් අයගේ වැරැදි සොයමින් බැණවදින්නේද මෙවැනි කාන්තාවන්ය.

යම් ලෙසකට අඟහරු ග්‍රයා දෙවැන්නේ දුර්වල වුවහොත් මේ තත්ත්වය දරුණු වෙයි. එසේම ඉහත ග්‍රහ පිහිටීම සුබ ග්‍රහ සංයෝග ඇතිව බලවත්ව පිහිටි විට එයින් අත්වන්නේ සුබ ප්‍රතිඵලයකි. හොඳ කථිකත්වයක්ද ලබාදේ.

මෙවැනි ස්ත්‍රීන් පිරිමින් සමාජයේ දුටු විට ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය සිරිත වුවද, සුබ ග්‍රහ තත්ත්ව හමුවේ ඔවුන් වෙන්විය හැකිබව තේරුම් ගෙන කටයුතු කළ හැකි නම් සමාජ සම්බන්ධතාවට එය පිටිවහලක් වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කැරලිකාරයන් ගම්මන්පිලගේ ගෙදරදී හමුවෙයි! අයවැය ගැන තීන්දුවක් ගන්න යයි!

Next Post

භූමදානයකට පසු රාත්‍රියට කනත්තෙ නුග ගසේ වහන අමුතු සතා…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.