• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

March 21, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?
Share on WhatsAppShare on Facebook

මිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන් හට අකැප අයහපත් ස්ථානය ප්‍රේතයන්ට යහපත්ය. දෙවියන් සොයා ශුද්ධ වූ ස්ථානයන් වෙත මිනිසා යොමුවෙයි. අපවිත්‍ර ස්ථානයන්හි නිබඳවම වෙසෙන ප්‍රේතයන් මිනිසා සොයා මිනිසා පීඩාවට පත්කරවයි. එම ප්‍රේතයන්ම තවත් විටෙක මිනිසා රවටනු ලබයි. ප්‍රේතයන් යනු කවරෙක්ද? ඔවුන් මිනිසා ග්‍රහණය කරගනු ලබන්නේ කෙලෙසකටද? මිනිසා විමසුම් කර බැලිය යුත්තේ එවන් වූ කරුණුය.

වසර ලක්ෂ ගණනක් පුරා සාංසාරිකව අප හා බැඳුණු ඥාති මිත්‍රාදීහු රැසක් සිටිති. අකුසල් මත ඔවුන්ට අප සමග මිනිස් ආත්මයන් ලෙස සම්බන්ධ විය නොහැකිය. ඉඩකඩම්, මිල මුදල්, බඩු භාණ්ඩ සහ සසරෙහි ඥාතිත්වයට ලොබින් අප හා බැඳුණු පිරිසක් අකුසල් මත ප්‍රේත ආත්මයන් ලබා සසරෙහි සැරිසරති. පෙර කල මිනිසුන් කරන ලද පාප ක්‍රියා පලදීමෙන් ඔවුහු ප්‍රේත ආත්ම උරුමව දුක් විඳිති.

ප්‍රේත ලෝකය ඇත්තේද මිනිස් ලොව තුළය. ඔවුහු නිබඳවම අප වටා සැරිසරති. අපට නොපෙනෙන, ගණනය කළ නොහැකි අයහපත් තරංගයන් අපගේ වදනින් අංග චලනයෙන් පීඩා විඳිති. ගොම්මනේ ගෙමිදුල් ඇමදීම, ගොම්මනේ පාළු ස්ථානවල සැරිසැරීම මිනිසාට අයහපත්ය. එම වේලාව තුළ මෙම අයහපත් බලවේගයන් බලවත් වෙයි.

ප්‍රේතයන් මිනිසාට ආවේශ වීමේදී මිනිසා ප්‍රේත ගති පෙන්වයි. මානසිකව දුබල වූ පිරිස් ප්‍රේත ආරූඪයෙන් ශාස්ත්‍ර කියති. පුද පූජා ලබාගනිති. මේ සියල්ල මිනිසා ප්‍රකෘති සිහියෙන් කරන්නක් නොවේ. ප්‍රේත අඳුනෙන් කෙරෙන ප්‍රධාන පිළිවෙත වස්තුවට ලොබින් මියගිය පුද්ගලයා ප්‍රේතාත්මයේ සිරගතව සිටිමින් රකිනු ලබන වස්තුව සොයා බැලීමයි. වරම්, ජීවම්, දැපනවලින් මෙම බලවේගයන් ප්‍රයෝජනයට ගත හැකියි. බලවත් කොට තමන්ට අවනත කරගත හැකියි. මන්ත්‍ර ජපය සහ ප්‍රේත තටු පිදීමෙන් යකැදුරා විසින් මෙම නොපෙනෙන බලවේගයන් තමන්ට අවනත කොට ක්‍රියාත්මක කරයි.

නිවාස ගොඩනැගීමේදී වාස්තු විද්‍යාව තුළ ප්‍රේත පාදය හමුවන්නේ නිවෙස සැකසීමට පාද බෙදීමේදීය. ප්‍රේත පාදය හසු නොවන ආකාරයට නිවෙස සැකසීමෙන් නිවෙසකට යහපත උදාවෙයි. කොඩිවින යනු මෙම අයහපත් බලවේගයන්ට පුද්ගලයකු නිවෙසක් හෝ ව්‍යාපාරයක් විනාශ කිරීමට භාර කිරීමය. සතුරකුගෙන් පළිගැනීමට හෝ ඊර්ෂ්‍යාසහගතව යමකුගේ පරිහානිය ඇතිකිරීමට කරනු ලබන පහත් බන්ධනයකි. කොඩිවිනයට ගොදුරු වූ තැනැත්තා එම පීඩා බන්ධනය විශ්වාස නොකිරීම යනු නිසැකවම පීඩාව ක්‍රියාත්මක වීමයි. කොඩිවින අයත් වන්නේ ගුප්ත විද්‍යාවේ අෂ්ටකර්මයෙන් මරණ කර්මයටය. මිනිස් ශරීරයට ඇති ඇල්ම නිසාද ප්‍රේතයෝ මිනිසාට ආකර්ෂණය වෙති. ප්‍රේත ලෝකයේ දුර්වල සහ බලවත් ප්‍රේතයෝද සිටිති. නිතර පුළුටු, මස් මාංශ, බිත්තර ආහාරයට ගන්නා රහමෙර පානය කරනු ලබන නිවෙස් වෙත ප්‍රේත බැල්ම බලවත්ය. සතුන් මරන, අපිරිසුදු, පීඩාකාරී ස්ථානවලද මෙම බලවේගයෝ බලවත් වෙති. පුළුටු, මස් මාංශ ආදියට ප්‍රිය කරන ප්‍රේතයන් එම ස්ථානයන්හි ස්වරූපයන්ද තමනට අවැසි පරිදි අනුගත කරගනිති. නිතර කෝලාහල, අඬදබර ඇතිවන්නේ එවන් නිවෙස් තුළය. මෙම අයහපත් පිළිවෙත අනුගමනය කරන නිවෙස් එම පිළිවෙතින් මිදුණු කලද අයහපත් ප්‍රතිඵල අත්වෙයි. නිවැසියන් රෝගී වීම, නිවාස හැර යෑම, නොයෙකුත් වධ බන්ධනයන්ට ලක්වීමද එයට නිදසුන්ය. පැරැන්නෝ නිවෙසක ඇති දුගද අඳුර සහ ගෘහ මූලිකයාගේ කේන්දර සටහන පිරික්සීමෙන්ද ප්‍රේත පීඩාව හඳුනාගත්හ. නිවැසියන්ට පීඩා කරමින් එම භූමියේ සැරිසරන සාංසාරික ඥාති ප්‍රේතයන්ට දියයුතු සරලමය දන් පින් බොහෝය. ප්‍රේතයන් බැඳීම, බෝතල් තුළ දමා වැළලීම, මුහුදට දැමීම කිසිදා කළ හැකි දෙයක් නොවේ. සියුම් ශරීර හිමි, විනිවිද ගමන් කිරීමේ බලයක් හිමි ඔවුන් එයට නතු නොවෙති. නිහඬ ප්‍රේතයෝ මෙම පීඩාවන් තුළින් රුදුරු බවට පත්වෙති. ඔවුන් දරුණු වීම යනු මිනිසා තවත් පරිහානියට පත්වීමයි. ප්‍රේත පීඩාව ඇති නිවෙසක අවැසි පරිදි ප්‍රේත පිරිස් හට දන්දී පින් අනුමෝදන් කරවීමෙන් ප්‍රේතයන් එම ස්ථානයෙන් ඉවත්ව යන්නේය. ප්‍රේත පීඩාව දුරු වන්නේය.

නිවෙසේ දන් දුන් පසු එදිනම විහාරස්ථානයක බෝධියක් වෙත පහන් දල්වා ප්‍රේත කොටස් එම ස්ථානයට යහපත්ව භාරකිරීමෙන් ප්‍රේත උවදුර නිසැකවම පහව යන්නේය. ඒ සඳහා ප්‍රේතයන් හට පින් අනුමෝදන් කිරීමට පැරැණියන් භාවිත කළ ගාථාවක් මෙසේය. ඔබත් මෙම පිළිවෙත් සපිරීමෙන් නිසි ඵල උදාකර ගන්න.

උන්නමේ උදකං වට්ටං
යථානිත්තං පවජ්ජති
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති

යථාචාරි මහා පූරා
පරිපූරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ලංකාවේ දරුවෝ මුහුණ ‌දීලා තියෙන ප්‍රශ්නයක් අපේ රටේ මාධ්‍යවලට ලොකු ප්‍රශ්නයක් නොවුණාට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලට ඒක ලොකු ප්‍රශ්නයක්! පේනවා නේද දෙකේ වෙනස!

Next Post

විහාරමහාදේවිය ගැන එළාර රජු කරපු හෙළිදරව්ව…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.