• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එක්කෙනා දෙන්නා කරන කේන්දරේ හත…

December 26, 2021
in Astrology, Kendaraya
Reading Time: 8 mins read
A A
එක්කෙනා දෙන්නා කරන කේන්දරේ හත…
Share on WhatsAppShare on Facebook

ප්‍රේමය තාරුණ්‍යයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම ප්‍රේමය කෙනකුගේ ජීවිත සාර්ථක කරනවාද, අසාර්ථක කරනවාද කියන එකත් ප්‍රබලවම තීරණය කරනවා. අපේ ජීවිතයට අපි බලාපොරොත්තු වන ආකාරයේම සහකරුවකු හෝ සහකාරියක ලැබෙන්නේ කලාතුරකින්. කෙනකුට 100%ක් ගැළපෙන කෙනා සොයගැනීම අපහසු වුණත් අපට ගැළපෙනම කේන්දරයට ගැළපෙනම සහකරු හෝ සහකාරිය හැකිතාක් නිවැරැදිව තෝරාගන්න අපි දැනුවත් විය යුතුයි. අපිට උරුම පාර්ශ්වකරුවා නිවැරැදිවම හඳුනා ගන්නේ කොහොමද? ඒක ටිකක් බැරෑරුම් කරුණක්. කෙනෙක් දුටු පමණින්, කතාබහ කළ පමණින්, කොටින්ම ආශ්‍රය කළ පමණින් මේ තමයි මගේ ජීවිතය භාරදීමට සුදුස්සා යැයි තීරණය කළ හැකිද? එය කොතෙක් දුරට නිවැරැදිද?

මේ ආකාරයට උභතෝකෝටික ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා වගේම පෙර කී ආකාරයේ හදිසි තීරණ නිසා තමන්ගේ මුළු ජීවිත කාලයටම ප්‍රේමය, විවාහය එපාවුණු තරුණ පිරිස් අද සමාජයේ සුලබයි. ඒ නිසාමයි අද තමන්ගේ කේන්දරය අනුව තමන්ට ප්‍රේමය හිමිවන්නේ කෙලෙසද යන්න පිළිබඳ ඔබ දැනුවත් කිරීමට මේ ලිපිය වෙන් වුණේ.

කේන්දරයේ හත්වැන්න කොතැනද?

ඔබගේ සහකරු හෝ සහකාරිය හඳුනාගැනීමේ පහසුම ක්‍රමය කේන්දර සටහනේ හත්වැන්න පරීක්ෂා කිරීමයි. කේන්දර සටහනේ හත්වැන්න අධිපතියා රාශි දොළහේ කුමන රාශියේ තැන්පත්ව සිටිනවාදැයි අපි පළමුව හඳුනාගනිමු.

හත්වැන්නාධිපති ලග්නයේ

හත්වැන්නාධිපති ලග්නයේ සිටින කේන්දර හිමියා වාසනාවන්තයෙකි. ඔවුන්ට තම සහකරු හෝ සහකාරිය සොයාගැනීම අසීරු කටයුත්තක් නොවේ. ඔවුන් ඔබ සොයා ඔබ වෙතට පැමිණෙන අතර ප්‍රථමයෙන් ප්‍රේමය ප්‍රකාශ කරන්නේද එම පාර්ශ්වයෙනි. හත්වැන්නාධිපති ලග්නයේ සිටීමෙන් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වීමට අවස්ථාව උදාවේ.

හත්වැන්නාධිපති දෙවැන්නේ

මෙවැනි කේන්දර හිමියන්ගේ ප්‍රේමය ඔවුන් නිවෙසේ සිටින විටදී ඔවුන් සොයා එයි. එසේත් නොමැති නම් මුදල් ගනුදෙනුවකදී හෝ ගායනය, කථිකත්වය වැනි කටහඬ මූලික කරගත් අවස්ථාවකදී ප්‍රේමය ප්‍රකාශ කරයි.

හත්වැන්නාධිපති තුන්වැන්නේ

මෙම කේන්දර හිමියන්ගේ ප්‍රේමය සහෝදර සහෝදරියන්ගේ අනුදැනුම හෝ මැදිහත්වීම මත ඇරැඹෙයි. එසේත් නොමැති නම් පිය පාර්ශ්වයේ ඥාතිත්වයක් හෝ විනෝද චාරිකා ගමන් බිමන් ආදිය හේතුවෙන් ප්‍රේමය ඇරැඹෙනු ඇත.

හත්වැන්නාධිපති හතරවැන්නේ

මොවුන්ට තම ප්‍රේමය හිමියන්නේ මවු පාර්ශ්වයේ ඥාතිත්වයක් මත හෝ එම ඥාතින්ගේ මාර්ගයෙනි. ගේදොර ඉඩකඩම් වැනි කරුණක් හෝ රැකියාව පිළිබඳ ගොනුවීමක් තුළින් ප්‍රේමය සාර්ථකත්වයට පත්වෙයි.

හත්වැන්නාධිපති පස්වැන්නේ

නාට්‍ය, චිත්‍රපට, විනෝද ශාලා, ක්‍රීඩා උත්සව ආදිය තුළින් ඔබේ සහකරු හෝ සහකාරියගේ ප්‍රථම හමුව සිදුවෙයි. මීට අමතරව පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුයහුණු පාඨමාලා සහ ඊට සම්බන්ධ සම්මන්ත්‍රණ ආදිය හරහාද ඔබේ ප්්‍රමය හමුවනු ඇත.

හත්වැන්නාධිපති හයවැන්නේ

මෙම කේන්දර හිමිකරුවන්ට ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්නේ තම නැන්දා, මාමා හෝ සේවක සේවිකාවන්ගේ හමුවීමක් අතරතුරදීය. එමෙන්ම සතුරු කරදර වැනි අවේගකාරී අවස්ථාවලදීද ප්‍රේමය වෙත අවධානය යොමුවේ.

හත්වැන්නාධිපති හත්වැන්නේ

මෙවැනි කේන්දරයකට හිමිකම් කියන ඔබට ආරාධනාත්මක ප්‍රේමයක් හිමිවෙයි. එය ඔබ කෙරෙහි බලවත් වූ ප්‍රේමය තුළින්ම ඇතිවූවකි. ඔබේ යහපත් ගතිගුණ, කතා ශෛලිය, හැසිරීම් රටාව හෝ පෙර සංසාරගත බැඳීමක් තුළින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ ප්‍රේමය සොයා පැමිණෙයි. මෙම කේන්ද්‍ර හිමිකරුවන්ට සැබැවින්ම ප්‍රේමණීය විවාහයක් උරුම වේ.

හත්වැන්නාධිපති අටවැන්නේ

මෙම කේන්දර හිමිකරුවන්ට තමන්ගේ ප්‍රේමය හමුවන්නේ හදිසි මොහොතක හෝ ශෝකජනක අවස්ථාවකදීය. මෙය හදිසි අනතුරක්, රෝහලක්, අවමංගල අවස්ථාවක් හෝ එවැනි බලාපොරොත්තු රහිත හදිසි මොහොතකදී සිදුවේ. එනම් රෝහලක සිටින රෝගියකුගේ සුවදුක් විමසීමකට යන අවස්ථාවක උපකාර කිරීමකින් හෝ රෝගියකු හමුවීමකි මෙම ප්‍රතම හමුව සිදුවනු ඇත.

හත්වැන්නාධිපති නවවැන්නේ

පන්සල්, පල්ලි, කෝවිල් වැනි ආගමික ස්ථානයකදී වන්දනා ගමනකදී හෝ දානමාන කටයුතුවලට සහභාගි වන අතරවාරයේදී මෙම කේන්දර හිමිකරුවන්ට තම සහකරු හෝ සහකාරිය හමුවේ. මොවුන්ගේ ප්‍රේමය කාරුණික, තැන්පත්, සංවර වූ ප්‍රේමයකි.

හත්වැන්නාධිපති දහවැන්නේ

මෙම කේන්දර හිමියන්ගේ ප්‍රේමය ඔවුන් කියාව කරන ස්ථානයේදී සොයා එයි. එසේත් නැත්නම් එය සිදුවන්නේ පිය පාර්ශ්වයේ ඥාති සම්බන්ධයක් හෝ හිතවතකුගේ මාර්ගයෙනි.

හත්වැන්නාධිපති එකොළොස්වැන්නේ

මෙම කේන්දර හිමියන්ට තම සහකරු හෝ සහකාරිය හඳුනාගැනීමට ලැබෙන්නේ තම මිතුරු මිතුරියන් හෝ වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ මාර්ගයෙනි. එමෙන්ම උසස්වීම් හෝ උසස්වීම්වලට අදාළ තරග විභාග ආදිය හරහාත්, රාජ්‍ය ආයතනයන්හි සේවා කටයුතු ඉටුකර ගැනීමට උත්සාහ කිරීමේදීත් මෙම කේන්දර හිමියන්ට තම සහකරු හෝ සහකාරිය සොයාගැනීමට අවස්ථාව සැලසේ.

හත්වැන්නාධිපති දොළොස්වැන්නේ

මොනුන්ට තම සහකරු හෝ සහකාරිය හමුවන්නේ රෝහල්, උසාවි, බන්ධනාගාර වැනි ස්ථානයකදීය. රෝගීන්ගේ සුවදුක් විමසීමට යෑමේදී උසාවි හෝ සිරගතවූවන් බැලීමට යෑමේදී හෝ එවැනි අවස්ථා මුල් කරගෙන මොවුන්ගේ ප්‍රේමය හමුවීමට සිදුවිය හැකිය. එසේත් නැතිනම් එවැනි ස්ථානයක සේවය කරන හිතවතකුගේ හඳුන්වාදීමක්ද ඔබේ කේන්දර සටහන අනුව ඔබේ සහකරු මුණගැසීමට හේතු වේ.

මේ ආකාරයෙන් කේන්දරයේ හත්වැන්නාධිපතිගේ පිහිටීම අනුව ඔබේ ප්‍රේමය කෙලෙස හමුවනවාද යන්න ඔබට හඳුනාගත හැකිය. ඒ අනුව කේන්දරයේ අනෙකුත් ග්‍රහ බල අනුව මෙම හඳුනාගැනීම තුළින් සාර්ථක විවාහයකට එළැඹීමට ඔබට හැකියාව උදාවේ.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

රෑට රෑට ඇවිදින වෙද ගෙදර අමුතු ප්‍රතිමාව…

Next Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා “රිදී” සම්මානය හිමිකර ගනී…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.