• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත එළිය කරන නිවෙසේ බ්‍රහ්ම පාදය…

October 30, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ජීවිත එළිය කරන නිවෙසේ බ්‍රහ්ම පාදය…
Share on WhatsAppShare on Facebook

යහපත් ජීවිතයක් ගතකිරීමේ අරමුණ ඇතිව නිවෙසක් ගොඩනැගීමට පෙර සැලසුම් ඇඳීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නිවෙසේ බ්‍රහ්ම පාදය (මධ්‍ය ලක්ෂ්‍යය) අවහිර නොවන ආකාරයට ගැනීමයි. සාලයේ හරි මැද මෙන්ම වැසිකළි ළඟම හෝ කණුවකට, බිත්තියකට සිරවීම් ආදිය ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුය. පොකුණු නිර්මාණය කිරීම, දියඇලි යෙදීම මෙන්ම සාලයේ මධ්‍ය ලක්ෂ්‍යය මත පුටු සැටි හා මේස වැනි ගෘහ භාණ්ඩ තැබීම ඉතා අශුභය.

මා විසින් එක්තරා නිවෙසක වාස්තු පරීක්ෂා කිරීමේදී ගෙයි හරි මැද පුටු සැටි තබා තිබිණි. නිතර පෑගෙන අතර සමහර දිනවලදී මත්පැන් බෝතල් තබාගෙන ඒවා පානය කරමින් මස් මාංශ අනුභව කරන බවද දැනගතිමි. තවත් නිවෙසක කොරිඩෝව හරි මැදට බ්‍රහ්ම පාදය යෙදී තිබිණි. තරුණ දියණියන් නිදන කාමරයටද බ්‍රහ්ම පාදය හසුවී ඇති නිවාස මට හමුවී ඇත. ගබඩා කාමර මෙන්ම වැසිකිළි හා නාන කාමර ආසන්නයේද මධ්‍ය ලක්ෂ්‍යය බ්‍රහ්ම පාදය ඇති නිවාස දැක ඇත්තෙමි.

බිත්තිවලින් සිරවීම හා පල දෙකේ වහලවලට සම්බන්ධිත මුදුන් යට ලී වහලයේ කිඹුල් මූට්ටුද, කුරුපාද එක එල්ලේම බ්‍රහ්ම පාදය මත වැටී තිබෙන අතර තරප්පු පෙළට හරි මැදින්ද දොරටු 3ක් අතරද බ්‍රහ්ම පාදය යෙදී තිබෙන අයුරු කොතෙකුත් මා දැක ඇත්තෙමි.

වාස්තු විද්‍යානුකූලව ඒවා නිදොස් කර පසුව යථා තත්ත්වයට පත් කළෙමි.

නිවෙසේ මුල්ලෙන් මුල්ලට ඉරි දෙකක් හෝ ලණු දෙකක් ඇද මධ්‍ය ලක්ෂ්‍යය සොයාගැනීමට හැකි වන්නේය. එය වඩාත් පහසු වන්නේ අත්තිවාරම දැමූ විටදීය. බිත්ති බැඳීමෙන් පසුව නම් මැනගැනීමෙන් හරි මැද සොයාගැනීමට හැකි වේ. බ්‍රහ්ම පාදය අති පූජනීය තැනකි. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසූ නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යයේ එතුමා බිම නොපෑගෙන සේ විශාල මේසයක් තබා සිය ග්‍රන්ථකරණයේ යෙදිණි. අද එතුමාගේ නිවෙස කෞතුකාගාරයකි.

බ්‍රහ්මත්වය ක්‍රියාකිරීමෙන් අති පාරිශුද්ධ පූජනීය වූ බ්‍රහ්ම පාදයෙන් උසස් මානසිකමය නිර්මාණයන් එළිදැක්විය හැකි බැව් පෙනේ.

කරුණු මෙසේ හෙයින් කායික මානසික පීඩනයන්ට ගොදුරුවීම, අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, පවුලේ දියුණුව අඩාළ වීම, මූල්‍ය සම්පත් විනාශය, යුගදිවි කඩාවැටීම, ශාරීරික ව්‍යාධි, කොඳු ඇට පෙළේ ආබාධ මෙන්ම විවිධ ලෙඩ රෝග ඇතිවීම සිදුවන්නේ බ්‍රහ්ම පාදය අවහිර වීමෙන්, නොසලකා හැරීමෙන් බව වාස්තු පරීක්ෂාවන්හිදී අනාවරණ වී තිබේ.

ආගමික වතාවත් කිරීම, මල් බඳුන් වැනි භාණ්ඩ මෙන්ම සංගීත භාණ්ඩ තැන්පත් කිරීම සුදුසුය.

බ්‍රහ්ම පාදය මත නියම වාලම්පුරි (දක්ෂිණාවෘත්ත සංඛයන්) තබා ලක්ෂ්මි දෙවඟනට පුද පූජා තැබීමද ස්වයංජාත ඇල්වී පිරවූ මැටි පාත්‍රයක සේපාලිකා මුලක්, තඹ කාසියක් තැබීමද සම්පත් ලැබීමට හේතුකාරක වේ.

හැකි අන්දමට බ්‍රහ්ම පාදය ඉතා නිදහස්ව තැබීම සම්පත් ලැබීමට වාසනාව උදාවීමට හේතුවේ. වැල යන පැත්තට මැස්ස ගැසීම නොව, මුලදීම මැස්ස ගහන තැන සොයාබැලීම අගනේය. එසේම නිවෙසක් ඉදිකිරීමේදී සිතිය යුත්තේ මුලින්ම බ්‍රහ්ම පාදය අවහිර නොවන සේ සැලසුම් සකසාගැනීමයි.

බ්‍රහ්ම පාදය නොපෑගෙන සේ තබාගැනීමට මා වසර 50කට අධික කාලයක් පුරා මගේ සේවාදායකයන්ට උපදෙස් දී ඇත්තෙමි. ඒ අය නියම ලෙස ක්‍රියාත්මකවී අද වන විට සතුටින් වාසනාවන්ත ජීවිත ගතකිරීම විශාල පින්කමකි.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා උපදේශක දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ලංකාවෙන් හමුවුණු ලෝකයේ පළමුවැනි ස්ථූපය…

Next Post

මහජන බැංකුව 60 වැනි සංවත්සරයට සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට වෛද්‍ය උපකරණ…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.