• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පුදුම හිතෙන බල තියෙන බලවත් යෝග හතක්! එකක් හරි තිබ්බොත් ගොඩේ ගොඩ…! Sri Lanka Latest News

November 16, 2025
in Astrology
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පලාපල කථනයේදී යෝගවලට හිමි වන්නේ ඉතා ශ්‍රේෂ්ඨ තැනකි. එමෙන්ම පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ විස්තරාත්මක වෙනසක් කිරීමට හැකිය. ඒ ඒ ජන්ම පත්‍රවල පිහිටි ග්‍රහයෝග අනුව පුදුමාකාර පලාපල ඇතිවී තිබෙන බව අප කරන ලද පර්යේෂණවලදී මැනවින් ඔප්පු වී තිබේ. එහිදී ග්‍රහයෝග විස්තර කිරීමට මා බලාපොරොත්තු වන්නේ ඉතා සංක්ෂිප්තව වැදගත්ම කරුණු කිහිපයක් පමණි.Sri Lanka Latest News

පුෂ්කළ යෝගය / පුෂ්කර යෝගය
චන්ද්‍රයා පිහිටි රාශි අධිපතියා සමග කේන්ද්‍රගතව හෝ මිත්‍ර රාශිගතව ලග්නය දැක සිටියදී ලග්නයේ බලවත් ශුභ ග්‍රහයකු සිටින විට පුෂ්කර යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපත ලද්දෝ ධනවත් යහපත් කතා ඇති සුප්‍රසිද්ධ, රජයෙන් පැසසුම් ලබන මහා භාග්‍යවන්තයන් බවට පත්වෙති. මෙය පැටලිලිසහගත ග්‍රහ යෝගයකි. මෙහිදී ලග්නාධිපතියා අනිවාර්යයෙන්ම චන්ද්‍රයා සමග සිටිය යුතුය. කේන්ද්‍රගතව හෝ ලග්නය දැක සිටිය යුතු අතර ලග්නේ බලවත් ශුභ ග්‍රහයකු වීමෙන් මෙකී ශ්‍රේෂ්ඨ යෝගය යෙදෙන බව ජ්‍යොතිෂ නියමයකි. ලග්නාධිපති ග්‍රහයන් පිළිබඳ ලිපියක් පසුගිය සති තුළ පළකොට ඇත.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කීපයක් වෙයි. මෙම යෝගය යෙදෙන්නේ ඉතාමත් කලාතුරකින් බැවින් පුෂ්කළ යෝගය සම්පූර්ණයෙන්ම යෙදුණු ජන්ම පත්‍ර සොයාගැනීම ඉතාමත් අපහසුය. ලග්නාධිපතියා චන්ද්‍රයා, චන්ද්‍ර සිවු රාශ්‍යාධිපතියා, සහ ලග්නයේ පිහිටි ශුභ ග්‍රහයා යන සිවු දෙනකුගේ සම්බන්ධය මෙම යෝගයට බලපවත්වයි. එබැවින් මෙවැනි යෝගයක් යෙදෙන්නේ බොහෝ කලකට වරකි. ඇතැම් විට ඔබට මෙම ග්‍රහයෝගය අවුල්සහගත යෝගයක් වශයෙන් අවබෝධ කරගැනීමට අපහසු වනු ඇති බැවින් උදාහරණ ජන්ම පත්‍රයක් මගින් තවදුරටත් විස්තර කිරීමට මම අදහස් කරමි.

තුලා ලග්නහිමි ඔබේ ලග්නය ගුරු සිටින විට හතරවැන්නේ රාහු, ශනි, ශුක්‍ර, චන්ද්‍ර පස්වැන්නේ රවි, බුද, කුජ දසවැන්න කේතු ඇති විට මෙම යෝගය උදාවේ.
මෙම උදාහරණ ජන්ම පත්‍රයේ ලග්නාධිපති සිකුරා චන්ද්‍රයා සමග සිටී. චන්ද්‍ර රාශිය අධිපතියා එනම් මකරයේ අධිපති සෙනසුරු සිවුවැන්නේ බැවින් චන්ද්‍රයා සහ සිකුරු සමග කේන්ද්‍රගතව ඇත. මේ අතර සෙනසුරුට (චන්ද්‍රයා සිටි රාශ්‍යාධිපතියට) ලග්නය දර්ශනය වේ. ලග්නයේම බලවත් ශුභ ග්‍රහයකු වන බ්‍රහස්පති ලග්නයේ සිටීමෙන් පුෂ්කළ යෝගය ඉතා බලවත්ව මෙම ජන්මියාට යෙදී ඇති බව පෙනේ. එසේම මෙම අයට මෙකී පුෂ්කළ යෝගයේ ශුභ පලාපල යෙදීම් ඇතිවේ.

ශ්‍රී නාථ යෝගය
මෙම යෝගය ඉතා වැදගත් දුර්ලභ ගණයේ ග්‍රහ යෝගයකි. එසේ වනුයේ ධනු ලග්නකාරයට පමණක් මෙම යෝගය යෙදෙන බැවිනි. මෙයින් ඵල ලැබී හැකි අය ඇත්තේ ඉතා ස්වල්ප දෙනකු පමණි. හත් වැන්නාධිපතියා දහවැන්නේ උච්ච ක්ෂේත්‍ර ගතවූ විට දශවන්නාධිපතියා නව වැන්නාධිපතියා සමග සංයෝග වීමෙන් ශ්‍රී නාථ යෝගය යෙදෙන බව ජ්‍යොතිෂයෙහි දක්වා තිබේ. කන්‍යා රවියේදී බුද ග්‍රහයාද, රවි සමග සංයෝග වී සිටිය දී උපත ලබන ධනු ලග්න හිමියන්ට පමණක් ශ්‍රීනාථ යෝගය යෙදෙන බව දත යුතුයි. ධනු ලග්න හිමියන්ට මෙම ශ්‍රීනාථ යෝගය පිහිටා ඇතිවිට ලෝකයෙන් වැඳුම් පිදුම් ලබන්නෙක් බවට පත්වේ. ධනය තමා කරා ගලාගෙන පැමිණෙයි. එමෙන්ම ජීවිත යථා‍ර්ථය අවබෝධ කරගැනීම මෙන්ම බොහෝ පිරිසකට නායකයකු බවට පත්වේ.

සංඛ යෝගය
සංඛ යෝගයද රාජයෝගයක් මෙන් බලවත් යෝගයකි. මෙම යෝගය යෙදෙන්නේ පස්වැන්නාධිපති හා සයවැන්නාධිපතියන් ඔවුනොවුන්ව කේන්ද්‍රගතව සිටියදී ලග්නාධිපතියා බලවත්ව සිටීමෙනි. පස්වැන්න භාග්‍යස්ථානයයි. එසේම හයවැන්න වික්‍රමස්ථානයයි. මේ අනුව බලන විට පස්වැන්නේ සහ හයවැන්න ඉතාමත් වැදගත් බව අපට පහසුවෙන් වටහාගත හැක. මෙය උත්තර කාල මානයෙහි හතරවැනි කාණ්ඩයෙහි සිවුවැනි ශ්ලෝකයෙන්ද වැඩිදුරටත් තහවුරු කර ඇති බව පෙනේ. සංඛ යෝගයෙන් උපත ලද අය සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව ඇති නිතරම අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලබන වාසනාවන්ත භාග්‍යය ඇති අය වෙති. එසේම මොවුන් විනෝදකාමියෝ වෙති. නිතරම යහ මගෙහි ගමන් ගන්නෝ වෙති. පූර්ණ ආයුෂ විදීමට ද මෙම යෝගය බෙහෙවින්ම සමත් වේ.

භේරී යෝගය
සිකුරු ලග්නාධිපතියා සහ බ්‍රහස්පති එකිනෙකාට කේන්ද්‍රගතව සිටිවිට භාග්‍යස්ථානාධිපතීන්ගේ සම්බන්ධයෙන් භේරි යෝගය හටගන්නා බව දැක්වේ. මෙම යෝගයට සිකුරු බ්‍රහස්පති ලග්නාධිපතියා සහ භාග්‍යස්ථානාධිපතියා බලවත්ව ස්ථානයේ සිට බලන විට තමන් කර්මානුරූපීව බලවත්වීම අවශ්‍ය බව පෙනේ. මෙයට හේතුව තුලා, වෘෂභ, කන්‍යා සහ කුම්භ ජන්මීන්ට මෙම ග්‍රහයෝගයට සම්බන්ධ වන්නේ ග්‍රහයන් තිදෙනෙකි. තුලා, වෘෂභ යන ලග්න දෙකට ලග්නාධිපතියා සිකුරාමය. කන්‍යා, කුම්භ රාශි දෙකේ භාග්‍යස්ථානය හිමිවන්නේ සිකුරාටමය. මේ අනුව එම ලග්නවලට එකී ග්‍රහයන් තිදෙනෙකුගේ සහයෝගයෙන් භේරි යෝගය උදාවේ. සියලු රෝගාබාධයන්ගෙන් මිදී නීරෝගිමත් ජීවිතයක් ගතකිරීමටත්, පූර්ණ ආයු වැලඳීමටත්, ක්‍රමානුකූල ජීවිත පාලනයක් ගෙන යාමටත්, විවිධ මාර්ගවලින් ආදායම් ලබාගැනීමටත්, ගෘහ ජීවිතය ප්‍රීතියෙන් ගතකිරීමටත්, ධාර්මික ජීවිතයක් ගතකිරීමටත් භේරී යෝගය මහෝපකාරී වේ. මෙවැන්නන්ට රෝග වැලඳීම ඉතාමත් අඩුය. කායික වශයෙන් බලවත් ශක්තිමත් පුද්ගලයන් වේ.

ඉහතින් පුෂ්කළ යෝගය යෙදී ඇති ජන්ම පත්‍රයෙහි භේරි යෝගයද යෙදී ඇති බව අපට දැකිය හැක. එහි ලග්නාධිපති සිකුරා බ්‍රහස්පතිට සිවුවැන්නේ කේන්ද්‍රගතව සිටී. භාග්‍යස්ථානාධිපති බුධ ත්‍රිකෝණගතව පස්වැන්නේ බලවත්ව පිහිටා ඇත. මේ අනුව එම යෝගය යෙදී ඇති අයුරු දත යුතුය.


බ්‍රහ්ම යෝගය

බ්‍රහස්පති සහ සිකුරා භාග්‍යස්ථානාධිපතියාගෙන් සහ එකොළොස් වැන්නාධිපතියාගෙන් එකිනෙකාට කේන්ද්‍රගත වී සිටින විට බුධ ග්‍රහයාද, ලග්නාධිපති කෙරෙන් හෝ දසවැන්නාධිපති කෙරෙන් කේන්ද්‍රගත වීමෙන් බ්‍රහ්ම යෝගය යෙදේ. මෙම ග්‍රහයෝගයෙන් උපත ලද අය සුඛෝපභෝගී ජීවිත ගතකිරීමට සමත් රසවත් ආහාර වර්ග අනුභව කිරීමට ලැබෙන, උසස් අයගෙන් උගතුන්ගෙන් ගරු සම්මාන ලබන, උසස් ඉගෙනීමක් අනිවාර්යයෙන්ම ලැබෙන, ගුණවන්ත, දීර්ඝායු භුක්ති විඳින, සෑම විටම යහපත් කටයුතුවලට සිත නැමෙනසුලු පුද්ගලයෝ වෙති. බ්‍රහ්ම යෝගය උසස් ගණයෙහිලා ගැනිය යුතු යෝගයකි. මෙම යෝගය ඉතාමත් කලාතුරකින් යෙදෙන ශුභයෝගයකි. මෙම යෝගය නිසාම ජන්මියා නිරෝගී, කීර්තිමත්, ධනවත් පුද්ගලයකු වී අන්‍යයන් තමන්ට සේවය කිරීමේ හැකියාවක් නිරායාසයෙන්ම ලැබෙන බව ජ්‍යොතිෂයෙහි දක්වා ඇත. බ්‍රහ්ම යෝගයේ යෙදෙන විට සියලු නෛසර්ගත ශුභ ග්‍රහයෝ මෙයට සම්බන්ධ වීමද විශේෂ සිද්ධියක් බව සැලකිය යුතුය. මෙම යෝගය යෙදුණු ජන්ම පත්‍ර අනුව එහි බලයද මැන බැලිය යුතුව ඇත. මේෂ ලග්නයට භාග්‍යස්ථානාධිපති ගුරු බැවින් භාග්‍යස්ථානාධිපතියාගෙන් ගුරු කේන්ද්‍රගත වීමත් සිදුවිය නොහැකි බැවින් මෙම ජන්මයෙන්ද බ්‍රහ්මයෝගයේ ඵල ලැබිය හැකි යැයි සිතීම තරමක් දුරට අපහසුය. භාග්‍යස්ථානය යනු නවවැන්න වේ.

එමෙන්ම මෙහිදී කටක ලග්නයට කරුණු දෙකක් අසම්පූර්ණ බැවින් මෙකී යෝගය සම්පූර්ණ වශයෙන් යෙදීමට ඉඩ නැති බව පෙනේ. එහි නවවැන්න සහ එකොළොස් වැන්නාධිපති ගුරුට සහ සිකුරුට බැවිනි. විශේෂයෙන් කටක ලග්නයටත් ධනු ලග්නයටත් මෙම යෝගය සම්පූර්ණ වශයෙන් යෙදිය නොහැකි බව පෙනේ. ධනු ලග්නයේම බුධ සිකුරු දෙදෙනා දහවැන්න සහ එකොළොස්වැන්න අධිපති බැවින් එකිනෙකාට එම ස්ථානවලින් කේන්ද්‍රගත වීම අපහසු සිදුවීමකි. මේ අනුව මේෂ, කටක සහ කන්‍යා ලග්නවලට හැර අනිත් ලග්නවලට මෙම යෝගය සම්පූර්ණයෙන්ම ඵලදිය හැකි බව සිතිය යුතුය.
පර්වත යෝගය

‍ශුභ ග්‍රහයන් කේන්ද්‍රගතව සිටින විට හයවැන්නේ සහ අටවැන්නේ ග්‍රහයන් සිටීමෙන් හෝ නොසිටීමෙන් පර්වත යෝගය යෙදෙන බව ජ්‍යොතිෂයෙහි සඳහන්ව ඇත. ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ මතයන් අනුව ලග්නාධිපතියා සහ දොළොස්වැන්නාධිපතියා එකිනෙකාට කේන්ද්‍රගත වීමෙන්ද පර්වත යෝගය යෙදෙන බව දක්වා තිබේ. මේ අනුව පර්වත යෝගය යෙදීමේ ක්‍රම තුනකි. ඒවා මෙසේය. 1. ශුභ ග්‍රහයන් කේන්ද්‍රගතවී හයවැන්නේ හෝ දොළොස්වැන්නේ ශුභ ග්‍රහයන් සිටීම. 2. ශුභ ග්‍රහයන් කේන්ද්‍රගත වීම මෙන්ම හයවැන්න හෝ දොළොස්වැන්නේ ග්‍රහයන් නොසිටීම. 3. ලග්නාධිපතියා සහ දොළොස් වැන්නාධිපතියා එකිනෙකාට කේන්ද්‍රගතව සිටීම.

තුන්වැනි ක්‍රමය අනුව යෙදෙන පර්වත යෝගය කුම්භ ලග්න හිමියන්ට නොයෙදේ. එසේ වනුයේ දොළොස්වැන්න සස ලග්නය යන ස්ථාන දෙකම එනම් ශනි ග්‍රහයාට හිමිවන බැවිනි. මෙම යෝගය යෙදුණු විට ධනවත්, සෞභාග්‍යවන්ත, නිදහස්කාමී, පුණ්‍යවන්ත ගමක හෝ ප්‍රදේශයක නායකත්වයක් උසුලන පුද්ගලයෙක් බවට පත්විය හැකි බව ජ්‍යොතිෂයෙහි දක්වා තිබේ. ඒ කෙසේ වුවද මෙම ජන්මීන් රාගාධික පුද්ගලයන් වීමේ හැකියාවද නොමඳව ලබනු ඇත. එමෙන්ම මීට අමතරව පරිවර්තන යෝග දෙකක් ඇති වේ. ධර්ම කර්මාධිපති යෝගය මෙන්ම ධන කුවේරයන් බිහිකරන පරිවර්තන යෝගයකි. මෙම ග්‍රහ යෝග පිළිබඳ ඉදිරියේදී දීර්ඝ විස්තරයක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
කලා නිදි නියෝගය

බ්‍රහස්පති වෘෂභ කන්‍යා තුලා හෝ මිථුන රාශී වී දෙවැන්නේ හෝ පස්වැන්නේ සිටින විට බුධ සහ සිකුරු විසින් දකිනු ලැබ හෝ සංයෝග වී හෝ සිටින විට කලා නිදි යෝගය යෙදේ. මෙය බුධ ගුරු සහ කිවි යන ශුභ ග්‍රහයන්ගෙන් යෙදෙන බලවත් රාජ යෝගයක් බව අපි අත්දැක ඇත්තෙමු. ධන ස්ථානය සම්බන්ධ කොට ශුභ ග්‍රහයන් තිදෙනකුගේ සම්බන්ධය නිසා යෙදෙන මෙම යෝගයෙන් ජන්මියා මහ වාසනාවන්තයකු කරන බව ශාස්ත්‍ර නියාමයකි. කලා නිදි යෝගය යෙදුණු ජන්මියා රාගාධික යහපත් පැවතුම් ඇත්තේය. රජයෙන් පවා ගරු නම්බු පැසසුම් ලබයි. නිරෝගී ශක්තිමත් දේහයක් ඇති අයෙකි. හේ රජයට පවා අවවාද අනුශාසනා දීමට සමත් අයෙකි. බොහෝ විට රජවෙයි. නැතිනම් ග්‍රාමයක හෝ රටක හෝ ප්‍රධානියකු බවට පත්වෙයි.

තවද ඔබට අවශ්‍ය ජ්‍යොතිෂය දැනුම ලබාගැනීමට ජයසර්බවැැඅ්බස ්ිඑරදකදටහ හදමඑමඉැ නාලිකාවද ජයසර්බවැැඅ්බස ්ිඑරදකදටහ ෆේස්බුක් හා ටික්ටොක් නාලිකාවද අනුගමනය කරන්න. ඉදිරියේදී ඔබට දැනගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය ගැටලු පවතිනවා නම් අපි ලිපි මාර්ගයෙන් ඔබට එයට පිළිතුරු ලබාදීමට කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා ඔබගේ ජ්‍යොතිෂමය ගැටලු චිරංජීවනී ඇස්ට්‍රොලොජි ෆේස්බුක් නාලිකාව හෝ පහත සඳහන් අපගේ දුරකතනයට කෙටි පණිවුඩයක් යොමුකිරීම මගින් ඔබගේ ගැටලු අප වෙත යොමුකිරීම සිදුකර ගත හැකියි.

ගෞරව ශාස්ත්‍රවේදී
මිහිරාජ් සිසිල

    SendShareShare
    Previous Post

    ආන්දෝලනාත්මක යෝජනාවක් හෙට එළියට එන්න ලෑස්තියි! කෝටිපතියන්ගේ මල්ල පුරවන්න ඔස්තාර් පන්නයේ ගේමක් ගහන්නද හදන්නේ? I Sri Lanka Latest News

    Next Post

    අර්ජුන් මහේන්ද්‍රන්.. රාජපක්ෂලාගේ අමෙරිකානු වත්කම්..! ආණ්ඩුව ගහපු ගේමක ප්‍රතිපල හෙට අනිද්දා එළියට එන්නයි යන්නේ…! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

    MORE NEWS

    මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
    Astrology

    ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

    පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
    Astrology

    සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

    ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
    Astrology

    ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

    ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
    Astrology

    ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

    කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
    Astrology

    කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

    ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
    Astrology

    2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

    Load More
    මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
    Exclusive

    මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

    මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

    Read more
    අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

    කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

    ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

    කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

    වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

    ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

    මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

    මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.