• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Share on WhatsAppShare on Facebook

සූර්යයාට ආසන්නව ගමන් කරන ග්‍රහ තරුව බුධ ග්‍රහයායි. සූර්යයාගෙන් අංශක 128කට වඩා ඈත් නොවී ගමන් කරන බුධ රෑ දවල් වීමකින් තොරව ගමන් කරන බවට පිළිගැනීමක් ඇත. සූර්යාලෝකය පැත්ත දැඩි උෂ්ණාධික හා කළුවර පැත්ත දැඩි සීතල ගතියකින් යුතු බුධගේ උච්ච භවන වන්නේ කන්‍යා රාශියයි. බුධ ස්වක්ෂේත්‍ර වන්නේ මිථුන රාශියේය. මීන රාශියේදී බුධ ග්‍රහයා නීචත්වයට පත්වෙයි. මෙම ග්‍රහයාගේ මහ දශාව වර්ෂ 17කි. තීක්ෂණ බුද්ධියකට හිමිකම් දැරුවත් බුධ දුර්වල වීමෙන් ස්නායු ආබාධ හා මානසික රෝගයන්ට භාජන වීමේ ප්‍රවණතාව වැඩිය. තමා ළඟින්ම යෝග වන සුබ හෝ අසුබ ග්‍රහයාගේ ගති පැවැතුම් අනුව බුධ ග්‍රහයා ක්‍රියාත්මක වන බවටද මතයක් ඇත.

බුධ ග්‍රහයා ලග්නයේ නම්, ඉතා යහපත් තීක්ෂණ බුද්ධියකට හිමිකම් කියන අතර විවිධ ශිල්ප, ශාස්ත්‍ර උගත් උසස් පුද්ගලයකු ලොවට දායාද කිරීමට බුධ සමත් වනු ඇත. එහෙත් ලග්නයේ අසුබ වූ විට සමාජයට අහිතකර පුද්ගලයකු දායාද කිරීමට සමත් වෙයි.

බුධ ග්‍රහයා දෙවැන්නේ නම්, ඉතා දක්ෂ ලෙස තර්ක විතර්ක කතා කිරීමේ හැකියාවක් ඇති, කථිකත්වයෙන් ජය ගැනීමේ කුසලතා රැසකට හිමිකම් කියන අයෙකි. බුධ මෙම ස්ථානයේ අසුබ වූ විට විවිධ අයුරින් අපකීර්තියට පත්වෙයි.

බුධ ග්‍රහයා තුන්වැන්නේ නම්, සහජ කුසලතා රැසකට හිමිකම් කීමේ භාග්‍ය උදාවෙයි. දුර ගමන් බිමන්වලදී වාසිසහගත වන නමුත් මෙම ස්ථානයේ බුධ දුර්වල වී ඇත්නම් තමාගේ හැකියාවන් කොතෙක් තිබුණත් මන්දගාමී වෙයි.

බුධ ග්‍රහයා හතරවැන්නේ නම්, මෙම ස්ථානයේ බුධ ග්‍රහයා බලවත් වීමෙන් බිහිවන්නේ යහපත්, ධාර්මික සිතුවිලි තුළින් පෝෂණය වූ අයෙකි. නිර්මාණශීලීයි. ගේදොර, ඉඩකඩම්, වස්තු ලාභයන්ට හිමිකම් කියනු ඇත. බුධ නීච වීමෙන් තදබල මානසික රෝග පීඩා, පසුතැවීම්වලට භාජන වෙයි.

බුධ ග්‍රහයා පස්වැන්නේ නම්, බුධ යහපත් ලෙස පිහිටි කල උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාවද, නැටුම් ගැයුම් කලාත්මක ශිල්පයන්ගේ දක්ෂතාද, කීර්ති ප්‍රශංසා නම්බු නාමද ලැබෙයි. වාසනාවන්ත දූ පුතුන් ලැබෙනු ඇත. යම් විටෙක බුධ දුර්වල වී ඇති නම් දැඩි කලකිරීම්වලට බඳුන්වනු ඇත.

බුධ ග්‍රහයා හයවැන්නේ නම්, මෙම ග්‍රහයා සුබ වුවත් අසුබ වුවත් එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. තදබල ස්නායු රෝග, වකුගඩු, මුත්‍රා, ලිංගික යන රෝගයන්ට හා සොයා ගැනීමට නොහැකි විවිධ ආබාධයන්ට ගොදුරු වීමටත්, තම ඥාති වර්ගයාගේ නින්දාවටත් ලක්වෙයි.

බුධ ග්‍රහයා හත්වැන්නේ නම් තම සහකරු හෝ සහකාරිය ළාබාල පෙනුමකින් යුතු මනා රූසපුවකට හිමිකම් කියන බුද්ධි වර්ධනයක් අති දඟකාර විනෝදයට කැමැති අයෙකි. බුධ හත්වැන්නේ දුර්වලතාවට පත්වී ඇත්නම් රහසිගත සම්බන්ධතා කිහිපයකට හිමිකම් කියන චපල අයෙකි.

බුධ ග්‍රහයා අටේ නම්, තමා සතු ධන සම්පත් කුමන අයුරකින් හෝ විනාශයට පත්වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවීමද, විවිධ කායික හා මානසික පීඩා ගෙනදීමටද ඉඩ ඇත. එහෙත් ගුප්ත ශාස්ත්‍රය වෙදහෙදකම් පිළිබඳ යහපත් දැනුමක් ඇති සමාජයේ පිළිගත් අයෙකු වෙයි.

බුධ නවවැන්නේ නම්, සමාජයට යහපත් මාර්ගෝපදේශයක් දෙන ගුණ දහමින් බුද්ධි සම්පතින් පිරි උතුම් පුද්ගලයකු වෙයි. එහෙත් බුධ දුර්වල වී නම් අධර්මිෂ්ට ගතිපැවැතුම්වලින් පිරුණු අයෙක් වෙයි.

බුධ ග්‍රහයා දහවැන්නේ නම්, විශේෂයෙන් මෙම ස්ථානයේ බුධ බලවත් වූ විට රාජ්‍ය අංශයේ උසස් නිලතල දරන තමාගේ දැනුමට වඩා සාර්ථක දියුණුවක් ලබාගැනීමට දක්ෂ පුද්ගලයෙක් බිහිවෙයි. නමුත් බුධ දුර්වල වීමෙන් උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවෙයි.

බුධ ග්‍රහයා එකොළොස්වැන්නේ නම්, තම තමාගේ දැන උගත්කම්වලට වඩා උසස් ව්‍යාපාර මගින් ලාභ ප්‍රයෝජන ලබයි. යම් විටෙක බුධ දුර්වල නම් පාඩු සහ අපකීර්ති ගෙන දෙයි. බුධ ග්‍රහයා දොළොස්වැන්නේ නම්, අධික නිෂ්ඵල වියදම්, නඩුහබ, හදිසි විපත්, කරදර, නීතිමය ගැටලු, ගමන් බිමන්වලින් පාඩු හා පාදවල ආබාධ ලෙඩ රෝග ආදිය ඇතිවෙයි. විවාහ දිවියද ප්‍රමාද වෙයි. ශාන්තිකර්ම වශයෙන් විශේෂයෙන් බුධ දිනවල විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමද, ගණ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමද, සෙත්කවි කියැවීම හා බෝධි පූජා පැවැත්වීමද, නවනාථ හෝ දිව්‍යරාජ යන්ත්‍රය ජීවම් කර පැලඳ ගැනීමද, ඉතා යහපත් වනු ඇත.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක

SendShareShare
Previous Post

ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නෙ නෑ! ජපානයත් බෑ කිව්වා! ඉදිරි දින 90 අතිභයානකයි! ආණ්ඩුව හංගන ඇත්ත හර්ෂ රටට කියයි!

Next Post

21ට විපක්ෂයේ සහාය ගන්න රනිල්-හරීන් මෙහෙයුමක්!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.