• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොර බොරු කරනවා බොරු! ඇස් පනාපිට හාස්කම් පාන කටුපිටිගම දේවාලේ කම්බිලි අප්පච්චි! Sri Lanka Latest News

January 4, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
හොර බොරු කරනවා බොරු! ඇස් පනාපිට හාස්කම් පාන කටුපිටිගම දේවාලේ කම්බිලි අප්පච්චි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වන්නි ප්‍රදේශයේ ජනතාවත් කම්බිලි දෙවියන් වෙනුවෙන් කරන ඇදහිලිත් අතර ඇත්තේ ගහට පොත්තත් පොත්තට ගහත් බඳු සබඳතාවකි. මෙකී ජනයා කම්බිලි දේවතාවාට දක්වන්නේ බිය මුසු ගෞරවයකි. කම්බිලි දේවතාවා, කම්බිලි උන්නැහේ, කම්බිලි අප්පච්චි ආදී ආමන්ත්‍රණයන් වන්නිකරයේ දුලභ නොවේ. කම්බිලි දෙවියන්ට වැඳුම් පිදුම් කොට ආශීර්වාද ලබාගැනීමටත්, දුක් කරදරයක් වූ සැණින් කම්බිලි දෙවියන්ට පඬුරක් වෙන්කිරීමටත් ඔවුන් පුරුදු වී ඇත්තේ අදක ඊයෙක සිට නොවේ. මෙකී දේව භක්තිය ගහෙන් ගෙඩි එන්නා සේ උපන්නක්ද නොවේ. ඊට පුරාණයේ සිට තනා ඇති කම්බිලි දෙවොල් දේවාල සක්ෂි දරයි. වන්නියේ අදටත් කම්බිලි දෙවියන් වෙනුවෙන්ම පේවූ භූමිභාගයන් ඇති වග කාටත් නොරහසකි. ඒ අතර කටුපිටිගම ගල්පාය දේවාලය කම්බිලි දෙවියන් උදෙසා කැපවූ අප්‍රසිද්ධ භූමිභාගයකි.

අඹන්පොල මාර්ගයේ සිට සැතපුම් පහක් පමණ දුරට පැමිණි විට කටුපිටිගම දේවාල පාර හමුවේ. වනරොදක් මැදින් පිහිටි අඩිපාරක මීටර සීයක් පමණ පැමිණෙන තැන ගල්තලාවක් මත මෙකී දේවාලය දකින්නට ලැබේ. නුග ගසකින් වටවී ඇති මෙකී දෙවොල ගාම්භීර බවක් උසුලන්නේ එහි ඇති පුරාණ බව නිසාමය. කුලුඳුලේම මෙම ස්ථානයට පය තබන්නෙකුට බිය ජනක හැඟීමක් එන්නේද නිරායාසයෙනි. ගල්තලාව මතට සූර්යාලෝකය පතිත වීම නිසා පය තැබීමට නොහැකි ලෙස රත් වුවත් ගම්මුන්ට එහි කාරියක් නැත. ගම්මුන්ට අනුව දේවාල භූමිය පිසගෙන එන සුළඟ පවා දේව ආශීර්වාදයකි. ගල්තලා මස්තකයේ කම්බිලි දෙවියන් උදෙසා තැනූ කම්බිලි දේවාලයට අමතරව, සූනියම් දේවතාවා වෙනුවෙන් තැනූ සූනියම් දේවාලයත්, පත්තිනි දෙවියන් වෙනුවෙන් තැනූ පත්තිනි දේවාලයත් ආදී වශයෙන් දේවාල සංකීර්ණයක් දක්නට ලැබේ. මෙම දේවාලය කවදා කෙසේ කවුරුන් විසින් නිර්මාණය කළාද යන්නට ලිඛිත සාක්ෂි නොමැත.නමුත් සියවස් ගණනාවක් පැරණි දේව ආභරණ, පූජා පඬුරු ලෙස තැබූ පෞරාණික භාණ්ඩ මෙන්ම ‘පුරාණ පූණෑවක්’ දේවාල භූමියේ අදටත් නොනැසී පවතී.Sri Lanka Latest News

දේවාල ඉදිකිරීම පණ්ඩුකාභය රජ දවසේ සිට සිදුවූ බවට මහා වංශයේ සාක්ෂි දරයි. පසුකාලීනව මහනුවර යුගයේදීත් රාජසිංහ රජු දේවාල තනා දේව ඇදහිලි සංස්කෘතියක් නිර්මාණය කර ඇත. කෙසේ නමුත් කම්බිලි, සූනියම්, පත්තිනි දෙවියන් සම්බන්ධව පවතින මූලාශ්‍ර කතාවලට අනුව මෙකී ඇදහිලිවලට දීර්ඝ ඉතිහාසයක් ඇති වගට කතා දෙකක් නැත.

වලගම්බා රජ දවස ලෙන් විහාර ඉදිකරන සමයේ කටුපිටිගම පුරාණ රජමහා විහාරයත් හා මනරම් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරවා පූජා කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. එසේම දෙතිස් මහා බෝධීන්ගෙන් එක් අංකුරයක් කටුපිටිගම පන්සලේ රෝපණය කොට ඇති වගත් බෝධි වංශයේ සඳහන් වේ. කටුපිටිගම දේවාලයත් පන්සලත් අතර ඇති සබැඳියාව අනුව දේවාලයද පන්සල තරම්ම හෝ ඊට වඩා පැරණි බවට සිතිය හැකිය.

‘මේ දේවාලය අපේ අම්මලා මුත්තලාගේ කාලේ ඉඳන් ආවතේව කොරාන එන එකක්..’ ලෙස පැවැසුවේ අවුරුදු 76ක් වයසැති රංබණ්ඩා මහතාය. එසේම තවත් ගම්වාසියෙක් පවසා සිටියේ මේ දේවාල භූමියේ ඇති පත්තිනි දේවාලයේ පත්තිනි සලඹක් පැවැති බවත්, මෙකී පත්තිනි සලඹ වරක් සොරාගෙන ඇති බවත්, සොරුන්ට රැගෙන යාමට නොහැකි වන සේ සලඹේ බර නිරායාසයෙන්ම වැඩි වූ නිසා කඹයක් දමා ඇදගෙන යන්නට සිදුවූ බවත්ය. පසුව සලඹ ගින්නක් තරමට රත්වූ නිසා අසල වූ වැවකට දැමූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. මෙකී ජනප්‍රවාදයන්ට අනුව මෙලෙස සලඹ දමා ‘බොරවූ වැව’ ‘බොරවැව’ ලෙස හඳුන්වා ඇත. බොර වූ වැව කේන්ද්‍ර කරගෙන බිහිවූ ගම ‘බොර වැව’ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙවැනි ජනප්‍රවාදවලට අනුවද කම්බිලි දේවාලය ඇතුළු දේවාල සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් පවතින බව පැහැදිලිය.

කම්බිලි දෙවියන් පිළිබඳ ඇති පුරාණෝක්ති අනුව කළු කම්බිලි, රත්න කම්බිලි, සැඩ කම්බිලි වශයෙන් කම්බිලි තුන් කට්ටුවක් සිටි බව සඳහන් වේ. කම්බිලි දෙවියන්ගේ ජන්මය පිළිබඳ විවිධ ජනප්‍රවාදයන් පවතී. ඒ අතර පණ්ඩුකාභය රජු යුද්ධයට යන විට චේතිය නම් වෙළඹකගේ පිටේ ගොස් ඇත. ඒ සෑම යුද්ධයක්ම ජයග්‍රහණය කළ බවද ඉතිහාසයේ සඳහන් වේ. මෙකී වෙළඹ පණ්ඩුකාභය රජතුමාට වශීවී සිටි යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බව තවදුරටත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ඇය පණ්ඩුකාභය රජුට දාව කම්බිලි තුන් කට්ටුව බිහි කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මීට අමතරව කම්බිලි යක්ෂ ගෝත්‍රිකයෙක් බවත් රාම රාවණා යුද්ධයේදී රාවණ රජතුමාගේ සෙන්පතියකු ලෙස කම්බිලි කටයුතු කළ බවත් කම්බිලි රාවණා රජතුමාගේ සේනාවට ආයුධ නිෂ්පාදනය කළ බවත් සඳහන් වේ. නමුත් මොහු යක්ෂ ගෝත්‍රිකයෙක් නිසා වන්දනාවට පාත්‍ර නොවූ බවත් සඳහන් වේ.
කම්බිලි යක්ෂයෙක්ද දෙවියෙක්ද යන්න ජනතාව අතර මත භේදයට තුඩුදෙන කරුණක් වුවත්, කටුපිටිගම ජනතාව කම්බිලි බලවත් දෙවියකු සේ සලකයි. ඔවුන් සිතන්නේ කම්බිලි දෙවියන් සැඩපරුෂ බවයි. යම් අසාධාරණයක් සිදුවූ සැණින් ‘කම්බිලි දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ’ ‘මුන් කම්බිලියම බලාගන්න ඕනෑ’ යනුවෙන් පවසන්නේ එහෙයිනි. අසාධාරණය වෙනුවෙන් දඬුවම් කරන, දුකට, විපතට පිහිට වෙන දෙවියකු ලෙසින් ඔවුන් කම්බිලි දෙවියන්ට වන්දනාමාන කරන්නේ කම්බිලි දෙවියන්ගෙ පිහිට හා හාස්කම් නිසාමය. කම්බිලි දේවාලයේ කම්බිලි දෙවියන්ගේ පුරාණ දේවාභරණ සඟවා ඇති බවට ගම්මුන් පිළිගන්නා අතරම, නිධන් සොරුන් විසින් තැනින් තැන හාරා ඇති වගක් දකින්නට ලැබේ. එක් ගම් වැසියෙක් පැවැසුවේ ‘මේ කොච්චර හෑරුවත් කම්බිලි දේවාභරණ ගන්නවා බොරු. එක පාරක් දේවාලේ බඩු හොරකම් කරන්න ගිහින් දේවාලේ යතුරු හිලට හොරාගේ ඇගිල්ල හිර වුණාලු. ආපහු ගන්න බැරි වෙන්නම….’. ඔහු පැවැසුවේ අහස දෙසට දෑත් මුදුන් කොට ගෞරව පෙරදැරි හඬිනි.

එසේම කටුපිටිගම දේවාල මංගල්‍යයට වාර්ෂික කද රැගෙන එන කාසිකොටේ ප්‍රදේශයේ පුද්ගලයෙකු පවසා සිටියේ ‘අපේ අම්මලා අප්පච්චිලා කියලා තියෙනවා ඒ කාලේ කම්බිලි දෙවියන්ගේ හාස්කම් බොරු කියලා දේවාලෙට දෙස් දෙවොල් තියපු මිනිහෙක්ව දේවාලේ දොරටුවෙන් පිටවෙන තැනදි අලි වේශයෙන් ආපු කම්බිලි දේවියන් පාගලා මැරුවයි කියලා, එදා ඉඳන් අපි කැවුම් කෙසෙල් ආදී වශයෙන් ගමම එකතු වෙලා කදක් අරන් කටුපිටිගම දේවාලෙට එනවා. ඒක අපේ සිරිත. ඒ කද මගහැරුණොත් ගමට එක එක දුක් කරදර වෙනවා.’ යනුවෙනි.

සතුරු ආපදාවලින් බේරීමට, වන සතුන්ගේ උවදුරු, වසංගත උවදුරු, හදි හූනියම්, බන්ධන කැපීමට මෙකී දේවාලයට පැමිණ ආශීර්වාද ගෙන චාරිත්‍ර වාරිත්‍ර කිරීම ගම්වැසියන්ගේ පුරුද්දකි. එසේම විභාගයකට, මඟුලකට, හේනකට කුඹුරකට, පිටියකට පය තැබීමට පෙර, දුර බෑරකට යාමට පෙරත් සුබ කටයුත්තකදීත්, මෙන්ම දුක් කම්කටොලුවලදීත් කම්බිලි දෙවියන්ට පඬුරක් වෙන්කොට යාමට ගම්මුන් අමතක කරන්නේ නැත.

දේවාල භූමියේදීම හමුවූ කීපදෙනෙක්ගෙන්ම අපි මේ වග විමසා බැලීමු. පෙනුමෙන් වයස අවුරුදු 60ක පමණ කාන්තාවක් පවසා සිටියේ සිය දියණියගේ ස්වාමියා විදේශගතවූ බවත් ඔහුගේ අනියම් සම්බන්ධයක් නිසා සිය දියණිය සියදිවි නසාගැනීමට ගිය බවත් නැවත පවුල එකතු කිරීමට භාරයක් වීමට පැමිණි බවයි. තවත් වයස 35 පමණ තරුණියක් පවසා සිටියේ තමා විවාහ වීමට කැමැත්තෙන් සිටියත් විවාහයක් තීන්දු නොවීම නිසා පසුගිය මාසයේ භාරයක් වූ බවත් භාරවී දින කීපයකට පසු විවාහය තීන්දු වූ නිසා භාරය ඔප්පු කිරීමට පැමිණි වගයි.

මිනිසුන්ට ඇත්තේ නානාප්‍රකාර ප්‍රශ්නය. ප්‍රශ්න විසඳාගනු නොහැකි තැන කම්බිලි දෙවියන්ට සිය දුක් අඳෝනා, බලාපොරොත්තු පවසන්නේ සෙතක් ශාන්තියක් බලාපොරොත්තුවෙනි. ‘කාලයක් තිස්සේ මිනිස්සු මේ දේවලය ගැන විශ්වාස කරනවා. තමන්ගේ දුක් කියන්නට, හදාගත්තු තැනක්. ඕනෙම දෙයක් විශ්වාස කරනකොට චිත්ත ශක්තියත් සමග බලයක් ගොඩනැගෙනවා. කොහොම වෙලා හරි කම්බිලි ප්‍රමුඛ කොටගත් පත්තිනි, සූනියම් දෙවි දේවතාවුන්ට භාරහාර වෙන්නට ගම්මුන් දැන් පුරුදු වෙලා ඉන්නවා වගේම, චාරිත්‍ර වාරිත්‍ර නොපමාව කරනවා. ඒ වටා ගොඩනැගුණු සංස්කෘතියකුත් කටුපිටිගම ගම්මාන ආශ්‍රිතව පවතිනවා…’ යනුවෙන් කටුපිටිගම පුරාණ රාජමහා විහාරයේ ස්වාමින්වහන්සේ නමක් පවසා සිටියහ.

කම්බිලි දෙවියන් පිළිබඳ කියැවෙන කතන්දරවලින් ඔවුන්ගේ ජනශ්‍රැති පෝෂණය වී ඇත. ගමට කිසියම් කරදරයක් පැමිණි කල්හි ‘මේකේ කම්බිලියාවත් නැද්දල යනුවෙන් කියති. හැඩපලු ගෙතුණු කෙස් ඇති පුද්ගලයකු දුටුවිට ‘මේකා කම්බිලියා වගේ’ යනුවෙන් පවසති. යමෙකු දැඩි ලෙස කෝපගත් විට ‘තොට කම්බිලියා සාක්කි, නිකා හිටු’ අවනත නොවූ පුද්ගලයෙකු දුටු විට ‘කම්බිලියවත් නැද්ද මේකගෙ කකුල කඩන්ට’ යනුවෙන් ප්‍රකාශ කරති. යමෙකු දරුණු ක්‍රියාවක් කරන විට ‘කම්බිලියා තෝව මරාගෙන කයි නිකා හිටු’ යමෙකු පාපී ක්‍රියාවක් කරන විට කම්බිලි දෙවියන්ට පුද පූජා පවත්වා ඉන් මිදීම සඳහා ‘කම්බිලි මුත්තට අලුත් මුට්ටිය හුණු ටිකක්වත් ගාලා එල්ලපියෝ’ ‘කම්බිලි උන්නැහෙට වී ටිකක්වත් උඩින් තියාපන්’ ආදී වාගාලාපයන් භාවිත කිරීම කටුපිටිගම දේවාල ආශ්‍රිතව ජනතාව පුරුදු වී සිටින්නේ නිරායාසයෙනි.

වසරක් ගෙවී වසරක් එළැඹෙන තැන කම්බිලි අප්පච්චිගේ දේව බැල්ම ලබාගන්නා ඔවුන් කම්බිලි දෙයියන්නාන්සේගේ නාමයෙන් වසර පුරාවට සිය තුන්දොර ප්‍රවේශම් කරගැනීමට පෙලඹෙන්නේ කම්බිලි දෙවියන්ගේ කෝප වීම මහා ව්‍යසනයකට මුල වග හොඳින්ම දන්නා නිසාය.

රසාංජලී වාසල

SendShareShare
Previous Post

2026වත් මේවට උත්තර ඕනෑ! Sri Lanka Latest News

Next Post

අසැබි වෙබ් අඩවියක නම ඉංග්‍රීසි මොඩියුලයේ දාලා ඇතිවූ ජංජාලයට පස්සේ පළමු වරට අගමැතිතුමිය ඇමැතිවරු පිරිවරාගෙන මාධ්‍ය හමුවට එයි! ඉල්ලා අස්වෙන්නෙ නැද්ද? මාධ්‍යවේදීන් ප්‍රශ්න අහද්දීම ලයිට් යයි! නලින්ද උත්තර දෙන්න යද්දී මාධ්‍යවේදීන් අගමැතිතුමියගෙන්ම උත්තර ඉල්ලයි! ඒත් නලින්දම උත්තරේ දෙයි! අගමැතිතුමිය නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.