• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මෙහෙම පොරොන්දම් බලලා බැන්දොත් ගොඩම තමයි…! Sri Lanka Latest News

November 9, 2025
in Astrology
Reading Time: 4 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

විවාහයේ පොරොන්දම් පරීක්ෂාව ඉතාමත් ඉහළින් සැලකීම ශ්‍රී ලාංකිකයන් වන අප විසින් සිදු කරනු ලබනවා. එහිදී ප්‍රධාන වශයෙන් විවාහස්ථානය වන හත්වැන්න සහ හත්වැන්න අධිපතීන් පිළිබඳ ඉතා ඉහළින් සලකා බලනු ලබනවා. එහිදී බොහෝ දෙනාගේ පිළිගැනීම ලෙස කුජ හත්වැන්නේ සිටීම පිළිබඳ විවිධ මතිමතාන්තර පිළිබඳ සොයා බලනවා ඇත්තෙන්ම කුජ හත්වැන්නට සුබද අසුබද යනවග සොයාබැලිය යුතුමයි. කුජ ග්‍රහයා ඇත්තෙන්ම පාපියකු වශයෙන් සලකා බැලුවද කුජ ආදී පාපීන් හත්වැන්නට උප්පත්ති කේන්දරය අනුව කෙසේ බලපාවිද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. ඒ පිළිබඳ එක් එක් ලග්නයන්ට අනුව සලකා බැලිය යුතුම කාරණාවකි.Sri Lanka Latest News

එම නිසා අපි රාශි දොළොස අනුව ලග්න භාවවලින් උපන් අයගේ හත් වැන්න කිනම් රාශියකට පත්ව කිනම් ප්‍රතිඵල ලබාදේ දැයි මේ ලිපියෙන් විග්‍රහ කරමු.
විවාහය පිළිබඳ පොරොන්දම් පරීක්ෂාව ඉතා වැදගත් කරුණකි. අප හැම වැඩි සැලකිල්ලක් ගත යුත්තේ හත්වැන්න කෙරෙහිය. එසේම පාඨකයාද හත්වැන්න කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බවට අපට විවිධ හේතූන් මත පෙනීගොස් ඇත. එනම් කුජ ආදී පාපීන් හත්වැන්නට පත්වීම ආදී කරුණු අනුව විවාහ ගිවිස ගැනීමට බියවීම බව පෙනීයයි. එම නිසා අපි රාශි දොළොස අනුව ඒ ඒ ලග්න භාවවලින් උපන් අයගේ හවැන්න කිනම් රාශියකට පත්ව කුමන ප්‍රතිඵලයක් ලබාදේදැයි මේ ලිපියෙන් විමසා බලමු.
දොළොස් රාශි අතුරින් ප්‍රථම රාශිය වන මේෂ ලග්නකරුගේ හත්වැන්න තුලා රාශිය වෙයි. මෙහි කුජගේ පිහිටීම ඉතා යහපත් වේ. එනම් අටවැන්න වෘශ්චිකය වීමත් අටවැන්න අධිපති හා ලග්නාධිපති වීමත් අනුවය. මෙවැන්නෝ විවිධ දුෂ්කර කටයුත්තේ දක්ෂය. එසේම ව්‍යාපාර කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගනී. රාගාධික හැඟීම් අධික නමුත් සුබ දෘෂ්ටි ලබා සිටියොත් විවාහය ඉතාම සාර්ථක වෙයි. සිත ඉතා දැඩි පුද්ගලයන් වෙයි.

වෘෂභ ලග්නයෙන් උපන් අයගේ හත්වැන්න වෘශ්චිකය වෙයි. අඟහරු ග්‍රහයා හත්වැන්න එනම් කේන්ද්‍රස්ථානයක සිටීම ප්‍රබල රුචක යෝගය උදාකිරීමකි. මේ අයගේ යුගදිවිය අසාර්ථක නොවේ. හොඳ දේපළ ලැබීමකි. ආර්ථික දුෂ්කරතා ඇති නොවේ. රාගාධික නමුත් පහත් ක්‍රියා නොකරයි. ස්ත්‍රීන්ට තදින් ආදරය කරයි. බසට අවනත වෙයි. දරු ඵල අධිකය. එසේම රටට වැඩදායක දරුවන් ලබයි. දැඩි තීරණ ගන්නා මේ අය සමාජයේ කැපීපෙනෙනා උසස් ම තැනක් ලබාගනී. විවාහය ඉතා වාසනාවන්තය. ඉදිරියදි කුජගෙන් උදාවන රුචක යෝගය පිළිබඳ වැඩි විස්තරයක් ‍රැගෙන එන්න බලාපොරොත්තු වෙමි.

මිථුන රාශිකරුගේ හත්වැන්න වන්නේ පාපී ගුරුට හිමි ධනු රාශියයි. අඟහරු පිහිටීම සමපල ප්‍රදානය කරන්නෙකි. යුග දිවියෙන් පසුව සාමකාමී තැන්පත් පුද්ගලයෙකු කරයි. නමුදු තරුණ කාලය තුළ නොගැළපෙන සබඳතා කිහිපයක් ඇති වීමේ ඉඩකඩ වැඩිය. වැඩිහිටියන් වීම්ත් සමග පරිණත වීමට පටන් ගනී. විවාහයෙන් හොඳ ප්‍රතිඵල ලැබේ. භාර්යාව ඥානාන්විතය. පිනට දහමට ළැදිය. දෙදෙනාම උපන් ප්‍රදේශය වෙනස් කර ජීවත්වෙයි. දේපළ වුවත් හිමිවන්නේ පිට ප්‍රදේශවලින්ය. වාසය ස්ථිරය.

කටක රාශි අයගේ හත්වැන්න වන්නේ ශනි හිමි මකරයයි. එහි කුජ පිහිටීම බාල කාලයේම යුග දිවියට පිවිසීමකි. එසේම නොගැළපෙන පෙම් සබඳකම් ඇති කරගනියි. මුලදි මුලදී කාමාසාවලින් හරිත වුවද ක්‍රම ක්‍රමයෙන් එය මග හැරී වාසනාවන්ත යුග දිවියකට යොමුවේ. මවට ඇලුම් කරයි. වාසය පිට ප්‍රදේශවලය. දරුඵල ඉතා අල්පය. නමුත් වාසනාවන්ත දරුවන් ලබයි. එමෙන්ම කටක ලග්න ගිමි කාන්තාවන්ට පුන් පයෝධර ‍යුග්මයක් හිමි වේ. මෙය විවාහ දෝෂයක් බැවින් ඉතා කල්පනා කාරීවී විවාහය සිදුකළ යුතුය.

සිංහ ලග්නයෙන් උපන් අයගේ හත්වැන්න කුජ පිහිටීම ඉතා හොඳය. ප්‍රේම සම්බන්ධතාව ස්ථිරය. අවංක සත්‍යගරුක කෙනෙක් හෝ තැනැත්තියක කරයි. ග්‍රහයා කෙරෙන් ඉතාම හොඳ සුබ දෘෂ්ටියක් ලැබුවහොත් ජීවිත බොහෝ දුරට සාර්ථක වේ. රැකී රක්ෂා ලබයි. ධනයට හොඳ . නමුත් ශනි සඳු කෙරෙන් අසුබ දෘෂ්ටි ලැබුව හොත් සුබ පල නැසීයයි. විවාහය ටිකක් ප්‍රමාද කරයි. අපල කිරීම්වලින් මුළා විය හැක. එනම් විවිධ අයවරුන් සමග කරන පෙම් සබඳතා නිසා විවාහ කිහිපයක්ද සිදුවිය හැක. එමෙන්ම එමගින් ශනි මංගල දෝෂය ඇති කරයි. සිංහ ලග්නයේ කුජ අට වැන්නේ පිහිටීමද එතරම් යහපත් පිහිටීමක් නොවේ. විවාහය දෙකඩ වීමද සිදුවිය හැකිය.

කන්‍යා ලග්නකරුවන්ගේ හත්වැන්නේ කුජ පිහිටීම අහිතකර නැතත් ස්වාමියාට තරමක් දුරට අපල පෙන්වයි. එයට හේතුව මධ්‍යස්ථ කාම ශක්තියෙන් යුක්ත වීමය. අසුබ හෙවත් සඳු හෝ ගුරු කෙරෙන් දෘෂ්ටි ලදොත් විවාහය දෙදරා යාමටද ඉඩ තිබේ. එසේ නැතහොත් තරමක් දුරට හෝ සාමකාමීත්වයක් ඇතිවෙයි. කිවි කෙරෙන් සුඛයක් ලදහොත් ඉතාම හොඳය. එමෙන්ම කුජ සමග සිකුරු සංයෝගව සිටියොත් අනියම් සබඳතා ඇතිවීමේ ඉඩකඩ වැඩිය අධික කාම ආශා ඇත්තෙක් වෙයි.

තුලා ලග්නකරුගේ හත්වැන්නේ කුජ සිටීම ඉතාම හොඳය. එනම් එම භාවය මේෂ රාශිය වී රුචක යෝගය උදාවීමත් හා ලග්නයට සුබ ග්‍රහයෙකු වීමත්ය. මේ අයට උසස් ගණයේ අදහස් උදහස් ඇති කරයි. සුබ දෘෂ්ටි ලැබූ තරමට යහපත් වේ. අලුතින් දෑ නිමාණය කිරීමට උපන් හපනුන් වෙයි. එසේ නැතුව රවි සඳු ගුරු වැනි පාපීන් දකී නම් සමගිය දෙදරා ගොස් අසමගිය ඇති වීමත් ඒ හේතුව නිසා විවිධ කරදර ඇති වීමත් පෙන්වයි.

වෘශ්චික ලග්නකරුගේ හත්වැන්නේ වන්නේ කිවි හිමි වෘෂභ රාශියයි. කුජ සිටීම ඉතාම කඩිනම් විවාහයකට ඇතුළත් කරන්නා වූ පිහිටීමකි. එසේ නොවුණහොත් චරිතය කුඩා කලම කෙළෙසා ගනී. අයථා ක්‍රම අයථා පෙම් සබඳතා ඇති කරගනියි. එසේම මෙම නොමනා ක්‍රියා කලාප නිසා යුග දිවිය අසාර්ථක වේ. බොහෝ කාම අධික වේ. ඒවා තෘප්තිමත් කිරීමට ඔනෑම ක්‍රියාවක නිරත වේ. අශුභ ග්‍රහ දෘෂ්ටි ඇති උවහොත් මෙම ගතිගුණ වැඩි වේ. ගුරු හෝ සඳු දෘෂ්ටි ලදොත් තරමක් දුරට ඇයට හෝ ඔහුට සුඛයන් සලසයි.
ධනු ලග්නකරුගේ හත්වැන්න මිථුනයට පත්ව කුජ යෙදීම ශුභ නැත. පෙම් සබඳතා කිහිපයක් ඇති වේ. එසේම අදහස් උදහස් වෙනස් කරන්නෝ වෙයි. දැඩි තීන්දු තීරණ ගැනීමට අපහසු වෙයි. එමෙන්ම විවාහ ජීවිතය දෙදරා යාමට කරුණු කාරණා යෙදේ. පොරොන්දම් පරීක්ෂාවකින්ම විවාහ වීම ශුභ වේ.

මකර ලග්නයේ කුජ යෙදීමද එසේම වෙයි. යුග දිවිය එතරම් සාර්ථක නැත. අසමගිකම් බොහෝ දුරට බලපායි. නිතර නිතර කරදර ඇති කර ගනී. නමුත් බුධ කිවි හෝ ශනි වැනි සුඛයන් දුටොත් ඉහත කී අසුබ තරමක් දුරට මගහැරී යයි.

කුම්භයේ හත්වැන්නේ කුජ යෙදී නම් අසුබ නැත. හොඳ පිහිටීමකි. සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් දැඩි ඇල්මක් ආදරයක් දක්වයි. නිතර විනෝද වේ. ප්‍රියමනාප දේ කතාකරයි. අවංක නිහතමානී අය වෙයි. දේපළ ලබයි. විනෝදයට බර පුද්ගලයන් වේ. සතුටින් කාලය ගතකිරීමට වැඩි රුචියක් දක්වයි.

මීනයේ හත්වැන්න කුජ යෙදීම හොඳ පිහිටීමක් නොවෙයි. නොගැළපෙන අය සමග රහස් ඇසුරුකම් පවත්වයි. කපටි අය වේ. විශ්වාසය තැබීමට නොහැක. විවාහය ප්‍රමාද කරයි. බහු විවාහ ඇති වේ. නමුත් මෙම ලග්නකරුගේ සිකුරු බලවත් නම් දෝෂ නොයෙදේ. සඳු පෙනීම ඉතාම යහපත්ය. සඳු ලග්නයට පත්ව යෙදී ඇතොත් වන්ද්‍ර මංගල නම් රාජයෝගයද යෙදේ. එය ධනවත් වීමට හොඳ පිහිටීමකි. යුග දිවිය ද ඉතා සාර්ථක වේ.

තවද ඔබට අවශ්‍ය ජ්‍යොතිෂය දැනුම ලබාගැනීමට chiranjeewani astrology youtube නාලිකාවද chiranjeewani astrology ෆේස්බුක් හා ටික්ටොක් නාලිකාවද අනුගමනය කරන්න. ඉදිරියේදී ඔබට දැනගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය ගැටලු පවතිනවා නම් අපි ලිපි මාර්ගයෙන් ඔබට එයට පිළිතුරු ලබාදීමට කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා ඔබගේ ජ්‍යොතිෂමය ගැටලු චිරංජීව ඇස්ට්‍රොලොජි ෆේස්බුක් නාලිකාව හෝ පහත සඳහන් අපගේ දුරකතනයට කෙටි පණිවුඩයක් යොමුකිරීම මගින් ඔබගේ ගැටලු අප වෙත යොමුකිරීම සිදුකරගත හැකියි.

මිහිරාජ් සිසිල – ශාස්ත්‍රවේදී (ගෞරව)

SendShareShare
Previous Post

සජිත්ගේ ඉන්දීය ගමනෙන් දේශපාලන පෙරළියක්! කිසිම නායකයකුට නොලැබුණු අවස්ථාවක් ලැබෙයි! ලංකා ආණ්ඩුව දීපු වරප්‍රසාද එපා කියයි! සියල්ල පෞද්ගලික වියදමෙන්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

කිසිදා එළියට ආපු නැති රෝහණ විජේවීර ලියපු ලියුමක් ‘ධර්මන්’ එළියට දායි! ලියුම අරගෙන ආපු විජේවීරගේ දොස්තරත් එළියට එයි…! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.