නාඩි ජ්‍යොතිෂයට අනුව නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට ඉදිරි සතිය කෙසේ වේවිද? නොවැම්බර් 16 සිට නොවැම්බර් 23 දක්වා. Sri Lanka Latest News
ඔබට මෙම සතිය තරමක් දුරට අසනීප තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. ඉරුවාරදය (මිග්‍රේන්) වැනි රෝගාබාධවලින් පීඩා විඳින අයට මේ තත්ත්වයන් වැඩි වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බැවින් අධික රස්නය සහිත දහවල් කාලයේ එළිමහනේ ගැවසීමෙන් වැළකී සිටින්න. එසේම හෝමෝන අසමතුලිතතාවන් පවතින නොවැම්බර් මාසයේ ඉපදුණු පුද්ගලයන්ට ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සුදුසුම වෛද්‍යවරුන් මෙම සතිය තුළදී මුණගැසීමට අවස්ථාවන් යෙදේ.
ඔබගේ සිතට තරමක කනස්සලු ස්වභාවයක් ඇතිවීමට ඉඩකඩ පවතින අතර, එය ඔබ වටා ක්‍රියාත්මක වන යම් අදෘශ්‍යමාන ශක්තීන්ගේ ක්‍රියාත්මක වීමක් නිසා ඉස්මතු වන්නක් බව සිහිතබා ගත යුතුය. මන්ද යත් මෙම සතිය තුළදී ඔබට එවැනි තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන බැවිනි. එය සමනය කරගැනීම උදෙසා ආධ්‍යාත්මික කටයුතුවලට යොමුවීම වඩා සුදුසු වේ. ආගමික සිද්ධස්ථානවලට යෑම, බෝධි පූජා වැනි කටයුතු සිදුකිරීම මගින් මෙම අදෘශ්‍යමාන බලපෑම්වලින් බොහෝ දුරට සහනය ලබාගැනීමට අවස්ථාව යෙදේ.
ආර්ථිකයට එතරම් බලපෑමක් නොවන මෙම සතිය ඔබට අනවශ්‍ය දේට සිදුවන මුදල් වැයවීම් අඩුය. එබැවින් නිතරම යම් මුදලක් අතේ රැඳෙනු ඇත. දුගී මගී යාචකාදීන්ට දන්දීමටද සිත පහළ වේ. වෙනදාට නොලැබුණු එවැනි අවස්ථාවන් මේ සතිය තුළදී ඔබට උදාවේ. තම මවුපිය වැඩිහිටියන් උදෙසා සැලකීමේ ආශාවක්ද මෙම සතිය තුළ ඔබට උදාවේ. එය ඉතා යහපත් අයුරින් ඔබගේ දෛනික ජීවිතය ගතකිරීමට ආශීර්වාදයක් ලබාදේ.
තරග විභාග ආදියට ඉතා ශුභ සතියකි. කේතු ග්‍රහයා මුල් වීමෙන් පටන්ගන්නා මෙම සතිය ඔබට ප්‍රඥාවෙන් පිරිපුන් සතියක් වේ. තරග විභාග ආදියට නොසැලී මුහුණ දී ඒවායින් ජය අත්පත් කරගැනීමේ හැකියාවක් පවතී. මෙම තරග විභාග ආදිය බොහෝ දුරට ඔබගේ බුද්ධිය මෙහෙයවා සිදුකළ යුතු දේවල් වේ. එනම් ලිඛිත තරග විභාග ආදිය වේ.
තවදුරටත් විමසා බැලීමේදී ස්වභාවික අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුය. එය මෙම මාසය පුරාම බලපැවැත්වේ.
මනෝලි බණ්ඩාර











