යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් විසින් අයථා ලෙස වත්කම් ඉපැයීම සහ මත්පැන් බලපත්‍ර ලබාගැනීම සම්බන්දයෙන් එල්ල වී ඇති පැමිණිලි සම්න්ධයෙන් විමර්ශන අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.Sri Lanka Latest News
අදාළ මන්ත්‍රීවරයා විසින් පසුගිය රජය හරහා මත්පැන් බලපත්‍ර ලබාගනීම සහ සුපිරි වෙළඳ සංකීරණයක් ආරම්භ කිරීම සම්බන්දයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙක් වන සංජය මහවත්ත විසින් පසුගියදා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් සිදුකර තිබිණ.
එම පැමිණිල්ලට අදාලව අද ඔහුගෙන් අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු ශ්‍රීදරන් අමාත්‍යවරයා සතු අයථා වත්කම් පිළිබඳව තොරතුරු අල්ලස් කොමිෂමට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රීදරන් මන්ත්‍රීවරයා සිය පුත්‍රයා වන සාරංගන් හරහා කන්දවලේ ප්‍රාදේශීය ලේකම් (DS) කාර්යාලයට මුදල් ගෙවා මේ මත්පැන්හල සදහා ලබාගෙන ඇති බවයි චෝදනා එල්ල වන්නේ.
එමෙන්ම ඔහුට අයිති සුපිරි වෙළඳසැල් දෙකක් ඇති බවට අනාවරණය වන අතර ඉන් එකක් යාපනයේ කන්කසන්තුරේද අනෙක් වෙළඳසැල කිලිනොච්චියේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පිහිටා තිබෙන බවයි පැවසෙන්නේ.
නමුත් එම වෙළඳසල් ඔහුගේ සහෝදරියකගේ දියණියක් සහ ඔහු සහෝදරයෙක් හරහා ක්‍රියාත්මක කරන බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ තොරතුරුවලට අදාළව ඉදිරියේදී මන්ත්‍රී ශ්‍රීදරන් සහ ඔහුගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.











