නාඩි ජ්‍යොතිෂයට අනුව නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට මාසයේ අවසන් සතිය (නොවැ. 24 සිට නොවැ. 30 දක්වා) කෙසේ වේවිද?Sri Lanka Latest News
සිකුරු ග්‍රහයාගෙන් ආරම්භ වී ගුරු ග්‍රහයාගෙන් අවසන් වන මෙම සතිය ඔබට ඉතා ආදරණීය සතියක් වනු නොඅනුමානය. තම පවුලේ අයගෙන් නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන් ආදරය, උදව් උපකාර මෙම සතිය තුළදී ඔබට නොඅඩුව ලැබෙනු ඇත. සිත තුළ සතුට, ප්‍රීතිය නිරතුරුවම පවතී. තවද ගේ දොර අලංකාර කිරීම උදෙසා ඔබ වැඩි කාලයක් මෙම සතිය තුළදී ගතකරයි. ඒ සඳහා මිල මුදල් වියදම් කරයි. විසිතුරු දේවල් මිලට ගැනීමට සිත් පහළ වේ. විසිතුරු මසුන්, විසිතුරු ගල් වර්ග මේ අතර විශේෂ තැනක් ගනී.
ඔබට විශේෂ වූ පුද්ගලයකුගේ පැමිණීමක් මෙම සතිය තුළදී අපේක්ෂා කළ හැකිය. එනම් විදේශ රටක හෝ දුර පළාතක සිට පැමිණෙන නෑ හිතමිත්‍රාදියකුගේ පැමිණීමක් විය හැකිය. තෑගිබෝග ආදිය ලැබෙන සතියකි. විනෝදාස්වාදය උදෙසා ගමන් බිමන් යෙදේ. රසවත් ආහාරපාන ආදිය භුක්ති විඳීමට හැකියාව ලැබෙන අතර, බොහෝ දුරට ඒවා තමන්ගේ මුදල් වැයවීමකින් තොරවම මෙම සතිය තුළදී ලැබීමේ අවස්ථාව යෙදේ.
අධ්‍යාපනයට ඉතා යහපත් සතියකි. වෙනදාට වඩා උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතුවල නියැළීමට හැකියාව ලැබේ. නව නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු වේ. ගද්‍ය පද්‍ය රචනා කරන අයට ලේඛන හැකියාවන් ඇති අයට නව අදහස් පහළවේ. ඒවා ක්‍රියාත්මක කළහොත් ලෝකයට අලුත් යමක් දීමට මෙම සතිය තුළදී මූලාරම්භය ගත හැකිය. එය ඉතා සාර්ථක වේ. තරග විභාගවලට මුහුණදෙන නොවැම්බර් මාසයේ ඉපදුණු අයට වැඩි අපහසුතාවකින් තොරව ඒවාට මුහුණ දීමට හැකිවේ. එසේම ඒවායින් ජයග්‍රහණද අත්පත් වේ. මේ මාසය පුරාම ඔවුන්ට මෙම අවස්ථාව ඇත. නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත හැකිය. එය හොඳින් සිහිතබා ගනිමින් තරග විභාග ආදියට ඉදිරිපත් වීමෙන් නිසැකව ජය ලැබෙනු ඇත.
රැකීරක්ෂාවල නියුතු ඔබට යම් යම් උසස් නිලතල අපේක්ෂාවෙන් සිටියා නම් ඒවාට අයැදුම් කිරීමට හොඳම සතියකි මේ උදාවන සතිය. එහිදී ඔබට මේ ගතවන ග්‍රහ තත්ත්වයන්ට අනුව වැඩි වාසි උදාවේ.
ආධ්‍යාත්මික කටයුතුවලටද කාලය යෙදවීමට වගබලා ගන්න. එයින් ඔබට එල්ල වන රෝගාබාධ ආදියෙන් යම් සහනයක් ලබාගත හැකිය. මන්ද මෙම සතිය තුළදී ඔබගේ සෞඛ්‍යයට නම් යම් යම් සුළු තර්ජන එල්ල විය හැකි නිසාය. බඩේ අජීරණ, හතිය වැනි රෝගී තත්ත්වයන්ට මුහුණපෑමට වැඩි ඉඩක් පවතී. එසේම වසංගත රෝග ආදියටද ගොදුරු වීමට ඉඩ පවතින බැවින් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිපදින්න. ස්වභාවික විපත්වලින් ප්‍රවේශම් වන්න. විශේෂයෙන්ම සුළංවලින් ප්‍රවේශම් වීම සිදුකළ යුතුමය. ගස් කඩාවැටීම වැනි සුළඟින් සිදුවන විපත්වලට ගොදුරු වීමේ අවදානමක් මෙම නොවැම්බර් මස ඉපදුණු පුද්ගලයන්ට පවතී.
සිතේ සාමය සතුට පවතින ආදරණීය සතියක් වශයෙන් මෙම සතිය සඳහන් කළ හැකි අතර, ලෙඩ රෝග ආදියෙන් මෙන්ම ස්වභාවික විපත්වලින්ද ආරක්ෂා වී කටයුතු කරන්න.
මනෝලි බණ්ඩාර
0779834889











