• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබට වෙනදේ කලින්ම දකින සතුන්…

November 8, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබට වෙනදේ කලින්ම දකින සතුන්…
Share on WhatsAppShare on Facebook

තේරුමක් නැතැයි සිතන වටිනාකමක් නැතැයි සිතන ඇතැම් දේ නොසිතූ මොහොතක අවශ්‍ය විය හැකිය. පැරැන්නන් මේ කාරණාව ගැන විවිධ කතා පවසා තිබෙනු අසන්නට ලැබෙන අතර, බළල් වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් කුකුළු වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් ප්‍රසිද්ධ කියුම් දෙකකි. එසේම බෙහෙත් සඳහා නොගන්නා පැළෑටියක් නොමැති බව බුදු සමයේ සිටි ජීවක වෙදැදුරාගේ චරිතයෙන් පැහැදිලි වෙයි. මේ ආකාරයට අගයක් නැතැයි කියා ඉවත දමන බොහෝ දේ මිනිසාට ප්‍රයෝජනවත් වන අතර, අගයක් නැතැයි සිතන සත්ව කොට්ඨාසත් කරදරයක් ලෙස දකින සත්ව කොට්ඨාසත් විටෙක මිනිසාට උපකාර වෙයි. ඒ, නොවරදින අනාවැකිකරුවන් වෙමිනි. ඒ අනුව සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති පෙන්වාදීම සේම, ගුරුකමටත්, වෙදකමටත් සතුන්ගෙන් ලැබෙන සහාය අපමණය. එහිදී සතුන් හා ගෙතුණු ඇදහිලි විශ්වාස සුළු කොට තැකිය නොහැකිය. එසේම එවැනි කතා සහ විශ්වාසයන්ද බොහෝය.

කෘෂිකාර්මික දියුණුවට උරදෙන ගවයා හින්දුන් විසින් දේවත්වයෙන් සලකනු ලබයි. ශිව දෙවියන්ගේ වාහනයද ගවයාය. එළදෙන කිරි මව ලෙස මිනිසුන් විසින්ම පිළිගනු ලබයි. සතුන් සහ පක්ෂීන්ට පැරැන්නන් දේව සංකල්පය මගින් ලබාදුන් දේවත්වය හාස්‍යයට යොමුවන අවස්ථාද නැත්තේ නොවේ.

සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන කපුටාට සමාජය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි. කපුටාටද ආහාර දීම ආදී කාරණා ඇසුරින් පිහිට පතන්නෝ බහුලය. කපුටා ස්නානය කළ ජලය ඇතැම් රෝග සඳහා ප්‍රතිකර්ම ලෙස භාවිත කරයි. හින්දු දෙවියන්ට අයත් සතකු ලෙස පිළිගැනෙන මොනරාටද හිමිවන්නේ විශේෂ ගෞරවයකි. තවත් ආකාරයට එම ගෞරවය අභියා්ගයට ලක් කරමින් මොනර හිස උයා කෑමට ගැනීමෙන් බලයත්, මොනර මල් ආහාරයට ගැනීමෙන් තිරිහන් බවත් ලැබෙන බව විශ්වාස කරති. මොනර පිහාටු කුෂ්ඨ රෝග සඳහා ප්‍රතිකාර ලෙස ගැනෙයි.

දින සහ යාමයක් ගෙවීයන මොහොතේ කුකුළකුගේ හැඬලීම භූතාවේෂයකින් සිදුවන්නක් බවට අතීත භාරතයේ පිළිගැනීමක් විය. එවැනි අවස්ථාවක මරණ ලද කුකුළන්ගේ මස් ආහාරයට නොගැනීමටත්, පිරුවටයක ඔතා වළදැමීමටත් අතීත භාරතීයයන් කටයුතු කර ඇත. කපුටන් නාදකිරීම නිවෙසකට අමුත්තන් පැමිණෙන බවට පෙරනිමිත්තකි. බකමූණන්ගේ නාදය මළවුන්ගේ පණිවුඩ රැගෙන ඒමක් ලෙස සැලකෙයි. තවද බකමූණා සහ කපුටා වෛරී පක්ෂීන් දෙදෙනකු ලෙසද සැලකේ. එම පක්ෂීන් දෙදෙනාගේම පිහාටු හූනියම් කටයුතු සඳහා යොදාගැනේ. බකමූණු මාංශ ආහාරයට ගැනීමෙන් නිවට ගති මතුවන බවටත් විශ්වාසයක් ඇත. හූනියම් නොවැදීමට බකමූණු අස්ථි කොටස් සුර තුළ දමා පැලඳීමද සිරිතකි.

ගිරවකු ඇතිකිරීමෙන් කඩිනම් විවාහයකට මඟ පෑදෙන බවටද විශ්වාසයක් තිබේ. මේ අතර ගිරවුන් පිළිබඳ හරි අපූරු ජනප්‍රවාදද තිබේ. ඒ අනුව එකල බිරියන්ගේ නොමනා ක්‍රියා ගැන ගිරවුන් සැමියාට කේලාම් කියූ බවද පැවැසේ. ඇටිකුකුළු පිටවකුගේ පාද රන් කෙන්දකින් බැඳීමෙන් පසු ඇටිකුකුළා ලී කැබැල්ලක් තබා එම රන් කෙන්ද කඩා දමයි. එම ලී කැබැල්ල තමන් සන්තකගේ තබාගැනීමෙන් බොහෝ සම්පත් උදාකරන අතර, එය කළුනික යනුවෙන් හඳුන්වයි.

කුඹුරට බසින විට ගොවීන් රාජාලියකුගේ නම තුන් වරක් මතුරා තමන්ව නාගයන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස අයැදීමද පැරැණි කෙම් පිළිවෙතකි. සර්පයන් අතර විශේෂ සර්පයකු වන පිඹුරාගෙන් ලබාගන්නා තෙල අනතුරකින් වෙන්වූ සම සහ මස සම්බන්ධ කිරීමට සමත් වෙයි. පිඹුරු අස්ථියක් ඉණට තබා බැඳීමෙන් අපස්මාර රෝගය සුවවන බවත්, සිහිනයෙන් බියවීම නවතින බවත් විශ්වාසයකි. කොටි දත් හෝ නිය ඉණේ හෝ ගෙල පැලඳීමෙන් භූත දෝෂ දුරු වෙයි.

නාගයකු නිවෙසට පැමිණීමෙන් රජයෙන් හෝ රජයේ නිලධාරීන්ගෙන් අසුබයක් සිදුවන බවට පෙරනිමිත්තකි. නීතිමය ගැටලු සහ විවිධ චෝදනාවන්ට ලක්වීමද එයින් හඟවන බව පැවැසේ. පරවියකු නිවෙසට පැමිණීම සතුරන් මිතුරු වීමකි. අසල්වැසි සුහදතා වර්ධනයක්, නීතිමය ගැටලු නිරාකරණයක්, සාමදාන වීමක් පරවියන්ගේ පැමිණීමෙන් දැනුම් දෙයි.

කුරුල්ලන් නිවෙසේ කූඩු තැනීම විවාහක කාන්තාවකට දරුපල හිමිවීමකි. ගේ කුරුල්ලන් නිවෙසේ පදිංචි වීම අඹුසැමි සමගියට හේතු වෙයි. මීමැස්සන් මී වද බැඳීම නිවැසියන්ට හදිසි ධන ලාභ උදාකර දෙන බවත්, කබරගොයා නිවෙසට පැමිණීම නිවෙස පාළුවීමේ පෙරනිමිත්තක් බවත් විශ්වාසයක් ඇත. හක් බෙල්ලාගෙන් සාදාගන්නා හක්ගෙඩිය උතුම් ජය සංකේතයකි.

මේ අනුව තවත් බොහෝ විශ්වාසයන් සහ ඇදහීම් සමාජය තුළ අනන්තවත් අසන්නට දකින්න ඇත. ඒ ඒ කාල අනුව, ඒ ඒ ප්‍රදේශ අනුව මේවා වෙනස් වෙමින් අලුත් වෙමින් යන බවක්ද පෙනෙන්නට ඇත. මෙම විශ්වාසයන් සුළු කොට සිතා පහසුවෙන් බැහැර කළ නොහැකි බව බහුතරයක් දෙනාගේ මතයයි.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

සතොස පවුල් පාලනය ටික්ටොක් එකකින් එළියට ආවේ මෙහෙමයි! (VIDEO)

Next Post

අවුරුදු 155කට කලින් ග්‍රෙගරි සහ ලොංඩන් ලංකාව උඩුයටිකුරු කරපු හැටි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.