• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 155කට කලින් ග්‍රෙගරි සහ ලොංඩන් ලංකාව උඩුයටිකුරු කරපු හැටි…

November 8, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
අවුරුදු 155කට කලින් ග්‍රෙගරි සහ ලොංඩන් ලංකාව උඩුයටිකුරු කරපු හැටි…
Share on WhatsAppShare on Facebook

රොබින්සන්ගෙන් පසුව 1872 මාර්තු මස 04 වැනි දින ග්‍රෙගරිතුමා ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේය. කලින් එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මේ ආණ්ඩුකාරතුමා විශාරද දේශපාලනඥයකු විය. ජාති ආගම් භේද කුල භේද ආදිය ගැන කතා නොකළ මෙතුමා හැම දෙනාගේම සිත් දිනාගත්තේය.

එතුමා සත තුනේ තැපැල් සීට්ටු ව්‍යවහාරයත්, කොළඹ නගරයේ ගෑස් ලාම්පු පිහිටුවීමත් 1872දී ආරම්භ කරන ලදී. එම වර්ෂයේදීම ග්‍රෙගරිතුමා කොළ රෝගය නිසා කෝපි වැවිල්ලට පැමිණි හානිය වළක්වාගැනීමට උඩරට පළාත්වල තේ, කෝපි, රබර්, සින්කෝනා හා ලයිබීරියානු කෝපිද වැවීම පිණිස ධෛර්යය දුන්නේය. 1873දී එතුමා විසින් උතුරුමැද පළාත නම් වූ අලුත් පළාතක් වෙන්කරන ලදී. එතැන් සිට ඒ පළාතේ අගනුවර බවට පත්වූ අනුරාධපුර නගරයේ කැලෑ එළිවන්නට පටන් ගත්තේය. මේ අලුත් පළාත වෙන්කරන ලද්දේ පූර්වයෙහි මහත් සමෘද්ධියට පත්ව තිබුණු පිහිටි රටේ කැලෑ එළිකොට වැව් අමුණු ප්‍රකෘතිමත් කිරීම පිණිසය.

ග්‍රෙගරිතුමා පේරාදෙණියේ සිට නාවලපිටිය දක්වාද කොළඹ සිට පානදුර දක්වාද දුම්රිය මං දීර්ඝ කළේය. මුහුදුබඩ දුම්රිය මාර්ගය කළුතර දක්වාද, උඩරට දුම්රිය මාර්ගය නාවලපිටියේ සිට හපුතලේ හා මහනුවර සිට මාතලේ දක්වාද දිගු කිරීමට එතුමාගේ අදහස විය. 1866 නොවැම්බරයේදී සූවස් ඇළ විවෘත කරන ලදින් පෙරදිග මුහුදු ගමන් මාර්ගයෙහි වැදගත් තැනක් හිමිවිය. කොළඹ වරායද වැදගත් විය. කොළඹ වරාය වැඩිදියුණු කිරීම ග්‍රෙගරිතුමාගේ කාලයේ සිදුවූ ඉතා වැදගත් කටයුත්තකි. වරාය හරහා වැලි වේල්ලක් සෑදී තිබිණි. එහෙයින් වරායට නැව් ඇතුළු කිරීම දුෂ්කර විය. මේ නිසා ඒ වේල්ල හරහා දිග අගලක් කපා තිබුණේය. එය කාලගුණය අයහපත් වූ විට නොපෙනී ගියේය. එහෙයින් එවැනි අවස්ථාවල නැව් නතර වූයේ වරායෙන් සැතපුමක් පමණ ඈත්වය. ඉක්බිත්තෙන් කාලගුණය යහපත් වුවහොත් නැව් වරාය තුළට ගෙන එන ලද්දේය. නිරිතදිග මෝසම් සුළඟ හමන්නට වූ කල වරායෙන් නැව්වලට යෑම දුෂ්කර විය. මේ හේතුකොටගෙන නැව් ගාලු වරායට යෑම සිරිතක් කරගෙන තිබුණේය. ඒ නිසා සූවස් ඇළ හරහා නැව් ගමනාගමනය කරන්නට වූ විට ගාලු වරාය පෙරටත් වඩා වැදගත් තැනක් ගත්තේය. අනුක්‍රමයෙන් නැව් සංඛ්‍යාව වැඩි වූයෙන් ගාලු වරායේ ඉඩකඩ මදි විය. මේ හේතුවෙන් නැව්වල ගැටීමක් ඇතිවුවහොත් නැව් අයිතිකරුවන් ත්‍රිකුණාමලයෙහි පිහිට සොයති යැයි රජය බියට පත් වූයේය. කොළඹ ප්‍රධාන නගරය හා වෙළෙඳ මධ්‍යස්ථානයද වූයෙන් එහි විශාල වරායක් තැනීමේ සුදුසුකම ආණ්ඩුව අවබෝධ කරගත්තේය. එහෙයින් වහ වහා කොළඹ වරාය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලදින් 1873 දී ආරම්භ කරන ලද වරාය විශාල කිරීමේ වැඩපිළිවෙළ 1882දී නිමවන ලද්දේය. 1875 දෙසැම්බර් 08 වැනි දින දියකඩන බැම්මේ මුල්ගල තබන ලදී. කොළඹ කෞතුකාගාරය පිහිටුවීම 1876දී සිදුවිය. කොළඹ නළ මාර්ගයෙන් ජලය සැපයීමත් කරන ලද්දේ 1880දීය.

7 වැනි එඩ්වඩ් නමින් රජකමට පත් වේල්ස් කුමාරයාගේ ලංකා ගමන ග්‍රෙගරිතුමාගේ කාලයේදී සිදුවූ වැදගත් සිද්ධියකි. 1875 දෙසැම්බර් 01 වැනි දින ලංකාවට පැමිණි මේ කුමාරයා දියකඩන බැම්මේ මුල්ගල තැබුවේය. එතුමා විසින් මහනුවර මඟුල් මඬුවේදී ග්‍රෙගරිතුමාට නයිට් පදවියක් ප්‍රදානය කරන ලදී. මේ ආණ්ඩුකාරතුමාගේ කාලයේදී ලංකාවේ ප්‍රාචීන භාෂා දියුණු වීම පිණිසද මං පෑදුණේය. 1873දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද, 1875දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනද ආරම්භ කරන ලදී. 1873දී නීති අධ්‍යාපන මණ්ඩලයද නීතිඥයන් හා අධිනීතිඥයන්ද ඇතිකරවීම සඳහා පිහිටුවිය.

ග්‍රෙගරිතුමාගෙන් පසු ලොංඩන්තුමා 1877 සැප්තැම්බර් මස 04 වැනි දින ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේය. ග්‍රෙගරිගේ කාලයේ ආරම්භ වූ කෝපි කොළ රෝගය ක්‍රමයෙන් දියුණු විය. එනිසා ලොංඩන්තුමාගේ කාලයේදී රටට මහත් හානියක් ඇතිවිය.

1847 සිට 1850 තෙක් වූ කාලය තුළ පහත බැස තිබුණු කෝපි කර්මාන්තය 1853 වන විට නැවත දියුණු විය. සිලිම් 27ට බැස තිබුණු කෝපි හොණ්ඩරය 1850දී සිලිම් 41 දක්වා නැඟිණි. 1850දී කෝපි හොණ්ඩර 3, 78, 473, 1850දී අපනයනය කරන ලද අතර, 1855දී 5, 6, 540 දක්වාද, 1870දී 10, 59 දක්වාද ඉහළ නැඟිණි. 1850දී රන් පවුම් 6, 9, 263 ලැබුණු අතර 1870දී රන් පවුම් 27, 53, 005ද මේ සඳහා ලැබිණි. කෝපි නැපදවීම හොඳ ආදායම් මාර්ගයක් වූ බැවින් ගෙවතුවලද කෝපි වවන්නට පටන්ගත් අතර ලොකු වතුවල ප්‍රමාණයද වැඩිවිය. 1859දී යුරෝපීයයනට අක්කර 81,000ක් පමණ තිබුණු අතර දේශීයයනට අක්කර 48,000ක් පමණ විය. මෙයින් දේශීයයනට කෝපි වැවිලිවලින් විශාල කොටසක් අයත්ව තිබුණු බව පෙනීයයි. මේ මධ්‍යම පන්තියේ අය කෝපි වැවීම නිසාය. එහෙත් දස අවුරුදු කාලයක් ගතවන විට යුරෝපීය වතු ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවිය. මේ අතරතුර රජය මගින් වැවිලිකරුවන්ට රජයේ ඉඩම් දීම වැඩි වැඩියෙන් කරන ලදින් ඔවුහු ප්‍රබල වූහ. වැවිලි ප්‍රමාණයද වැඩි විය. 1878 වන විට ඔවුන්ගේ ඉඩම් ප්‍රමාණය අක්කර 2,75,000ක් පමණ විය. එහෙයින් අලුතින් ලැබුණු ඉඩම්, දේශීයයන් අතට පත් නොවූ බව පෙනේ. මෙසේ සමනල වනාන්තර අඩවිය ප්‍රදේශය විශේෂයෙන් වගාවන් සඳහා යෙදවිණි. 1870 වන විට මේ කෝපි කර්මාන්තය ඉහළම පෙත්තට නැඟ තිබිණි. එහෙත් අවුරුදු කිහිපයකින් මෙය බැස යන්නට පටන් ගති.

වැවිලි කර්මාන්තයට තම ගොවි තැනට හා ගමට බැඳී සිටි දේශීය කම්කරුවන් යෙදීමට මැළිකම් දැක්වූ හේතුවෙන් වතු ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ලාභ පඩිවලට වැඩකරන කම්කරුවන් වුවමනා විය. තවද මේ අවධියේ වතු ව්‍යාපාරයට ශීඝ්‍රයෙන් පුළුල් වෙත්ම කම්කරුවන්ද විශාල වශයෙන් අවශ්‍ය විය. ඒ නිසා ආණ්ඩුව ඒ ගැන සැලකිලිමත් විය. 1860 දී මුරිසි හා බටහිර ඉන්දීය ප්‍රදේශ කෙරෙහි කම්කරුවන් එහි වූ වැඩි පහසුකම් නිසා එහි ඇදීගිය හෙයින් ලංකාවට ඇදගැනුම අපහසු විය. 1857දී රජයේ දුම්රිය ආදී කටයුතු සඳහාද ඔවුන් අවශ්‍ය බව දුටු ආණ්ඩුකාර තෙමේ රාමේෂ්වරම් හා මන්නාරම් අතර ගමන් කිරීමට නැව් සතරක් යෙදවූ අතර 1866-1869දී කොළඹට කම්කරුවන් ගොඩබෑමට නැව් සමාගමකට ආධාර මුදලක්ද දෙන ලදී. 1861දී දීර්ඝකාලීන සේවා ගිවිසුම් රාජාඥාව පනවා විදේශීය කම්කරුවන්ගේ අයිතිවාසිකම් සලසන ලදී. 1865 සිට ඔවුනට වෛද්‍ය පහසුකම් සැලැස්වීමට හාම්පුතුන්ට බලකරන ලදී.

කෝපි කර්මාන්තයෙන් වැඩි ප්‍රයෝජනයක් අයිති වූයේ යුරෝපීය වැවිලිකරුවන්ටය. එකල යුරෝපීය වැවිලිකරුවෝ දහස් ගණනක් උඩරට කෝපි වැවීමෙහි යෙදී සිටියහ. කෝපි වතුවල කොන්ත්‍රාත් කිරීමෙහිද, බඩු සැපයීමෙහිද, කර්මාන්ත කිරීමෙහිද, බඩු ඔබමොබ ගෙනයෑමෙහිද යෙදී සිටි බොහෝ ලාංකිකයෝද මුදල් ඉපයූහ. කෝපි වතුවලට බඩු සැපයීම පිණිස පිහිටුවනු ලැබූ සුළු කඩපළවල් කල් යෑමේදී විශාල නගර බවට පත්විය. මෙසේ අප රටේ සමෘද්ධිය බොහෝ දුරට කෝපි කර්මාන්තය උඩ රැඳී පැවැතියේය.

1869දී හිමිලියා වෙස්ටාටි්‍රක්ස් නම් කොළ රෝගයක් කෝපි ගස්වලට වැලඳී අවුරුදු කිහිපයකදී ශීඝ්‍ර ලෙස පැතිරුණේය. බ්‍රසීලයෙන් යුරෝපීය වෙළෙඳපළවලට කෝපි යැවීම ආරම්භ වූ පසු කෝපි මිලද පහත බසින්නට පටන් ගත්තේය. මුලින් මේ ගැන වගක් නොතිබුණද 1882 වන විට මේ රෝගය පැතිරී ගියෙන් අපනයන ප්‍රමාණය 436,881 තෙක් පහත බැස්සේය. මෙය ඉතා අඩු වුවද 1889 වන විට හොණ්ඩර 76,416 දක්වා බැස ගියේය. 1876-80 යුරෝපයේද ආර්ථික අවපාතයක් ඇතිවූයෙන් ඉඩම් විකිණීමටද ණය ලැබීමටද බැරි යුරෝපීය වැවිලිකරුවන් 1,700න් 400ක් පමණ සිය රටවලට ගියහ. තවද මේ කරදර මධ්‍යයෙහි 1884දී ලංකාවේ ව්‍යාපාර කෙරෙහි බලපෑ ඔරියන්ටල් බෑන්කිං කෝපරේෂන් නම් බැංකුව බංකොලොත් වීමෙන් මේ දුර්භාග්‍යය තවද තියුණු විය. 1889 වන විට බොහෝ කෝපි වතු පාළුවට හැරදමන ලද බැවින් ඉතිරි වි තිබුණු කෝපි වතුවල ප්‍රමාණය අක්කර 50,000කට වැඩි නොවීය.

කෝපි කර්මාන්තයේ පරිහානියෙන් ලංකාවේ ආර්ථික තත්ත්වයට බලවත් පහරක් වැදුණු හෙයින් ඔරියන්ටල් බැංකුව වස්තු භංගත්වය ලැබ වසාදමන ලදී. ආණ්ඩුවේ ආදායමද බෙහෙවින් අඩුවීමේ හේතුවෙන් මංමාවත් තැනීම ආදී ව්‍යාපාර ආණ්ඩුව මගින් නවත්වන ලදී.

1861දී අත්හදාබැලීම පිණිස හග්ගල මල් වත්තෙහි කරන ලද සින්කෝනා වැවිලි තරමක් දියුණු විය. ලංකාවේ නිපදවූ සින්කෝනා යුරෝපීය වෙළෙඳපොළවල වැඩි මිලට විකිණිය හැකි වූ බැවින් කෝපි කොළ රෝගය පැතිරී යන විට බොහෝ වතු හිමිකරුවන් උඩරට ප්‍රදේශවල සින්කෝනා වැවීමට පටන් ගත්තේය. 1872දී අක්කර 500ක් වූ වගාව 1879 වන විට අක්කර 60,000ක් පමණ විය. ජාවා රටේ සින්කෝනා නිසා ලංකාවේ සින්කෝනාවල මිල ශීඝ්‍ර ලෙස පහළ බැසීමට පටන්ගත් හෙයින් සින්කෝනා වැවිල්ල අත්හැරී තේ වැවීම පටන් ගැනිණි.

1873දී සුළුවෙන් ආරම්භ කරන ලද තේ වැවිල්ල කෙරෙහි අවුරුදු කිහිපයක් ගතවන තුරුම වැඩි සැලකිල්ලක් නොදැක්විණි. 1883 වන තුරු ලංකාවේ තේ වවා තිබුණු බිම් ප්‍රදේශයේ විශාලත්වය අක්කර 35,000ක් පමණ විය. 1889 වන විට තේ වැවීම පිණිස යොදන ලද බිම් ප්‍රදේශය අක්කර 2,20,000ක් විය. ඒ අවුරුද්දේ ලංකාවෙන් තේ රාත්තල් 3,50,00,000ක් පමණ පිටරට යවන ලදී, 1902දී ලංකාවෙන් පිටරට යවන ලද ද්‍රව්‍යවලින් අඩකටත් වැඩි කොටසක් තේ විය. දැනුදු තේ කර්මාන්තය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයවී තිබේ.

SendShareShare
Previous Post

ඔබට වෙනදේ කලින්ම දකින සතුන්…

Next Post

අලියට බය වෙලා සෆාරි ජිප් එක පෙරළිලා එක්කෙනෙක් මැරිලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.