• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දේශීය වගා සරුකළ විස්මිත කෙම් ක්‍රම…

March 13, 2022
in Astrology, Kendaraya
Reading Time: 8 mins read
A A
දේශීය වගා සරුකළ විස්මිත කෙම් ක්‍රම…
Share on WhatsAppShare on Facebook

අතීතයේ අද මෙන් රසායනික තෙල් පොහොර භාවිතයක් නොවූ අතර ගොවීන් සිය වගා කටයුතුවල සියලු ගැටලු නිරාකරණය කරගත්තේ යන්ත්‍ර මන්ත්‍ර කෙම් ක්‍රම භාවිතයෙනි. එහෙයින් එම විස්මිත කෙම් ක්‍රම වර්තමානයේ ගොවීන්ද දැන සිටීම ඉතා වැදගත් වෙතැයි සිතේ. එහෙයින් මෙම ඉතා පැරැණි කෙම් ක්‍රම මෙලෙස ඉදිරිපත් කරමි.

මීයන් ගොයම් කනවාට
නොපෑගුණු ඇළකින් හෝ දොළකින් කතා නොකර වැලි මිටක් ගෙන වියළා පූජාසනයක තබා මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන කුඹුරේ සෑම තැනම ඉසින්න. යල ඉවර වෙන තුරුම මීයෝ නොකති.

ඕං නමෝ ඇති හිමියේ ස්වාහඃ
මා නැකැතින් මීගසක බස්නාහිර දිසාවට ඇදීගිය මුලක් කතා නොකර ගලවාගෙන කුඹුරේ මැද සිටුවීමෙන් මීයන්, ඌරන්, හාවුන්, කුරුල්ලන්ගෙන් රැකගත හැකි වේ.

කෘමි උවදුරට ගොදුරුවී ඇති වෙලකින් අල්ලාගත් ගොයම් මැස්සාට මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරට අතහරින්න. ඌ ඉගිළී යන විට සියලු මැස්සන් කුඹුරෙන් ඉගිළී යනු ඇත.

ඕං නමෝ නිරේස්වාහඃ ආරේස්වාහඃ නමෝ පරකේස්වාහඃ

ගොයම් මැස්සන්ගෙන් වන උවදුරුවලට
නොපෑගුණු තැනකින් වැලි ගෙන මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරට කතා නොකර ඉසින්න.

ඕං නමෝ නික්ක මන්තං සාරිපුත්තම් මහා මොග්ගල්ලානම් ථෙර යාවජීව ඕං හනේස්වාහඃ

කුරුලු උවදුරට
මා නැකැතින් මීගසක මුලක් කතා නොකර ගලවාගෙන කතා නොකර ඉර මුදුන් මධ්‍යාහ්න කාලයේදී කුඹුර මැද සිටුවන්න.

බදාදා හෝ සෙනසුරාදා දිනෙක දිය කිරිල්ල අත්තක් කඩාගෙන මතුරා කුඹුර මැද කතා නොකර සිටුවන්න.

ඕං නමෝ වෙනි වෙනි වලාවෙහි ඒස්වාහඃ
(108 වරක් මතුරන්න)

කතා නොකර කිතුල් අතු කැබැලි හතරක් හෝ මල්කෑර කෝටු 4ක් ගෙන මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරේ සතර කොන සිටුවන්න.

කුරුල්ලන් නොකයි. අත්දුටුවයි.

නමෝ මහා මේ ගත්තේ මමයි ඒහි ඒස්වාහඃ

පීදෙන ගොයම් ආරක්ෂාවට
පොල් ගෙඩියක් කතා නොකර කඩා තෙල් සිඳ එම තෙල් ඉහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරේ, නියරේ සතර කොන ගස්ලබු පහන් 4ක් පත්තු කරන්න.

මැස්සන් එළවීමට
නමෝ නීල නීල අනිලේ ස්වාහඃ
කුඹුරට ගොස් වක්කඩෙන් කතා නොකර වැලි ගෙන කුඹුරේ නියර උඩ සිටගෙන 21 වරක් මතුරා කුඹුරට ඉසින්න.

ලී දඬු කපා ඒවා උල්කර උල උඩ කතා නොකර මඩුමල් ගසා කුඹුර හතර වටේ සිටුවන්න. එම ගඳට මැස්සන් පලායනු ඇත.

ඇටිකෙසෙල් ඉස්ම බිත්තර වී සමග කළවම් කර ඉසින්න. අස්වැන්න වැඩිවේ.

කලාඳුරු කොළ ගෙඩි වක්කඩේ දැමීමෙන් කෘමීන්ගෙන් කුඹුර ආරක්ෂා වේ.

පඹවැල් තළා වක්කඩේ කතා නොකර බැඳීමෙන් එහි අඩංගු රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම නිසා කෘමීන් සහමුලින්ම වඳ වේ.

ගෙයි ළිපෙන් අළු කතා නොකර කොළපතකට ගෙන කතා නොකර කුඹුරට පිටිපස්සට යමින් ඉසින්න. කීඩෑ උවදුර දුරුවේ.

වරා අතු වක්කඩේ කතා නොකර දැමීමෙන් කෘමීන් වඳවේ.

කෘමිනාශක දේශීය පැරැණි ඖෂධයක් වූ දළුක් දඬු පෙති ගසා වක්කඩේ දමන්න. කෘමීන් නැතිවේ.

කලවැල් තළා කුඹුරේ වතුර බසින වක්කඩේ කතා නොකර තබන්න. සියලු පණු රෝග නැතිවේ.

කීඩෑවන් සහ වේයන්ගෙන් රැකගැනීමට
ශණිකුණ්ඨ බන්ද පන්දම් යේස්වාහඃ
නොපෑගුණු වැලි ගෙන මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා වැලි ඉසින්න.

බුළු ගසේ පිළිලයක් කතා නොකර ගලවාගෙන කමතට එළන මාගල් පැදුරු යට තබන්න. අස්වැන්න වැඩිවේ.

කොහොඹ කුඩා ලෑල්ලක සුදු හඳුන් පිනිදියෙන් ගලගා මෙම යන්ත්‍රය ලෑල්ලේ ඇඳ ගොයම් පාගන කමතේ මැද කොටස් මධ්‍ය ලක්ෂ්‍යයේ පොළොව යට නිදන් කර ගොයම් පාගන්න. කමතේ බහිරව දෝෂ භංග වේ. පැරැණි ගොවි කෙමකි.

හිරු පෑයීමට පෙර ළිපේ අළු කතා නොකර කොළපතකට ගෙන කතා නොකර එළවළු පැළවලට පාන්දරම ඉසින්න. කෘමීන් හා කොඩයි නොකයි.

මෑකරල් වැනි බෝගවලට කොඩයි කූඩිත්තන් වැනි කෘමීන්ගෙන් වන හානිවලට කතා නොකරම (පිටි අතින් දෙඅත් පිටිපස්සට ගෙන) දිමි ගොටුවක් කඩාගෙන ඇවිත් බෝග වගාවන්ට කතා නොකර දමන්න.

දිමියන් තමාවද කන්නට පෙර දිමියකු අල්ලාගෙන ඌ නොමරා තම රෙදිපටේ සඟවාගන්න. (මෙය පැරැණි කෙමකි).

ඌරන් සහ මුවන්ගෙන් රැකගැනීමට නොඉඳුල් තැඹිලි තෙල් ගෙන හේනේ දණ නමාගෙන ඉඳ බෝග වැපිරූ දිනයේ රාත්‍රියේ මෙම මන්ත්‍රයෙන් 21 වරක් මතුරා පැපොල් ගෙඩි බෑයක පහන් වැටියක් දමා දල්වන්න.

ඕං නමෝ උග්‍රමනී ඒස්වාහඃ

පහන හේනේ ඇවරි කණුවක් මත කතා නොකර තබන්න.

දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

HNB සමූහය අභියෝග මධ්‍යයේ 2021 සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි…

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ජන රැකුම හදිසි අනතුරු ආවරණය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.