• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2020 බලගතුම කේන්දරය කාගෙද?

October 5, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
2020 බලගතුම කේන්දරය කාගෙද?
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්‍ෂ
1945 නොවැම්බර 18 උපත ලබා ඇත. කන්‍යා ලග්නයෙන් උපන් මෙතුමා මේ කාලය තුළ ගෙවන්නේ 4 සහ 7 අයත් ගුරු මහ දශාවයි. ගුරු කන්‍යා ලග්න හිමි අයට බාධා කරන අයෙකි. ගුරු ලග්නගතවීම තුළ ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරයි. නමුත් ගුරු ගමන් කර ඇත්තේ කුජගේ නැකැතේයි. පෙර පින් මතුකරන 5 වැන්න අධිපති සෙනසුරු සමඟ කුජ 11 වැන්නේ ශනි මංගල දෝෂ දැකීම එතරම් යහපත් එකක් නොවේ.

මිත්‍ර සම්බන්ධතා පලුදු වීම ඇති කරයි. නමුත් මහජන ප්‍රසාදයට පත්වීම කතාවෙන් ඕනෑම අයෙක් තමන්ගේ පැත්තට හරවා ගැනීම, ප්‍රසන්න ගතිය සිකුරු 2 වැන්නේ බැවින් ඇති වෙයි. මෙය දේශපාලන නායකත්වයට යහපත්ම දෙයකි.
දැනට තදබල අපල නැත. 2021 මුල් භාගය දක්වා ගෙවන දශාව යහපත් බැවින් ජයග්‍රහණය කිරීමේ වාසනාව ඇත. නමුත් බාධා පවතියි. රාහු 10 වැන්නේ ගෝචර වන බැවින් උසස් නිලතල බලය ලබන අතරම සුළු ජාතීන්ගේ ආදර ගෞරවය ලබයි. මෙම කාලය ජයග්‍රහණයට සුදුසුම කාලයකි. මහජන ප්‍රසාදය අඩුවක් නැතිව ලබයි.

ගෙවන ගුරු මහ දශාව තරමක් බාධා ඇති කරනවා වගේම සෙනසුරු 4 වැන්නේ ගෝචර වීමත් තරමක් වැඩකටයුතුවලට බාධා ඇති කරයි. කෙසේ නමුත් පසුගිය කාලය තුළ පැවති අපල ගතිය අවම වී ඇත. ඒරාෂ්ටක අපල කාලයක් නොමැත. ඉවසීමෙන් කලබල නොවී ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කළොත් ජයග්‍රාහී ගමනක් යෑමට හොඳම කාලයක් පවතී.
මෛත්‍රීපාල සිරිසේන (ජනාධිපති)

තුලා ලග්නයෙන් උපන් මෙතුමා මේ කාලය තුළ ගෙවන්නේ තුලා ලග්නයට යෝගකාරක සෙනසුරු මහ දශාවයි. එය 2023 මැද භාගය දක්වා පවතියි. යහපත්ය. දැනට සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශාව ගෙවයි. 2020 අවසානය දක්වා පවතියි.
ගෝචර පල බැලීමේදී සෙනසුරු 3 වැන්නේත්, ගුරු 2 වැන්නේත්, රාහු 9 වැන්නේත් ගෙවන මෙම කාලය යහපත්ය.
සෙනසුරුගෙ රාහු අතුරු දශාව ගෙවන බැවින් ඉවසීමේ සීමාව අවමය. කේන්ති යන ගතිය, කලබලකාරිත්වය පවතී.
කෙසේ නමුත් බලවත් කේන්දරයකි. පාලනය කිරීමේදී නැති ප්‍රශ්න ඇති වුවත් දක්‍ෂ පාලකයෙක් විදියට කටයුතු කරන අයෙකි. කුජ 10 වැන්නේ තැන්පත් වීම තුළ තදගතිය ඇත. කියන දේ මූණටම කියන කොන්දක් ඇතිව කටයුතු කළ හැකි නායකත්වයට සුදුසුම අයෙකි. ජයග්‍රාහී ගමනක් යෑමට වාසනා ගුණය කේන්දරය තුළ පවතී.
දැනට සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශාව ගෙවන බැවින් සුළු ජාතීන්ගේ සහ පොඩි මිනිසාගේ ගෞරවය ලබන අයෙකි. සෙනසුරු මහ දශාව වගේම ගෙවන රාහු අතුරු දශාව මෙතුමාට යහපත්ය. වාසනාව පෑදෙන කාලයකි. ඕනෙම ප්‍රධාන පක්‍ෂයකින් ජනාධිපති තරගයට ඉදිරිපත් වුවොත් අනිවාර්යයෙන්ම බාධාවක් නැතිව ජයග්‍රහණය ලබන අයෙකි.
රාජ යෝග පවතින මෙතුමාට කිසි දිනෙක වරදින්නේ නැත.
දුර්වලකම වශයෙන් තද ගතිය, කලබලකාරිත්වය ඕනෑවට වඩා ළඟ ඉන්න අය විශ්වාස කරන අයෙකි. මෙම දුර්වලකම් කේන්දරය තුළින් මනා ලෙස පැහැදිලි වෙයි. මෙය තේරුම්ගෙන ඉදිරියේ සැලසුමක් ඇතිව කටයුතු කළොත් හොඳ ගමනක් යෑමේ වාසනාව ඇත.
මෙම කේන්දරයේ රවි බලවත් වීමත් තුළ කාටවත් යටත් නොවන අයෙකි. නමුත් ඕනෑම අයෙක් තම ග්‍රහණයට ආකර්ෂණය කරගැනීමට උපන් හපනෙකි. එසේම කාටවත් නැති දුරදක්නා නුවණක් පවතියි. 2 සහ 7 අධිපති කුජ 10 වැනේ තැන්පත්ය. තරමක් තද ගති අයෙකි. නමුත් කාර්ය තුළ නැති ප්‍රශ්න ඇති කරන පිහිටීම් ඇත.
රාහු 9 වැන්නේ ගෝචර වීම තුළ හදිසි ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් වගේම පෙර පින් මතු කරන කාලයක් බව සඳහන් කළ යුතුය.

කරු ජයසූරිය
1940 සැප්තැම්බර් මස 29 වැනි ඉරිදා ඉපදී ඇත. ලග්නය තුලා ලග්නයයි. කේතුට අයත් මා නැකැතේ ඉපදී ඇත. උපතේ සිට ඉදිරියට කේතු මහ දශාව වර්ෂ 3කට ආසන්න කාලයක් පවතී.
බුද්ධිමත්ය. දුරදිග බලා කටයුතු කරන අයෙකි. ආගම දහමට ළැදිය, ගුණගරුකය. ඉවසීම ඉහළ මට්ටමින් පවතී. කලබලකාරී චරිතයක් නොවේ. ඕනැම කටයුත්තක් පිළිවෙළට, ලස්සනට කරන අයෙකි.
ඕනැම අයකුගේ ගෞරවය ලබන අයෙකි. වස්තුව ගලා එයි. ඉහළම නිලයකට සුදුසු අයෙකි. පෙර සූදානමක් ඇතිව ඕනැම දෙයක් කරන අවංක චරිතයකි. කලබල නොවේ. අඩියෙන් අඩිය ඉදිරියට යන ගති පැවතුම් ඇත.
තුලා ලග්නයට යෝග කාරක සෙනසුරු නීචය. නමුත් නවාංශකයේ බලවත් වීම තුළ සෙනසුරු බාධා නොකරයි. නායකත්වයට සුදුසුම පුද්ගලයෙකි. කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන හරි හෝ වැරදි බලා කෙළින් තීරණ ගන්නා අයෙකි. පොඩි මිනිසා මෙන්ම උගත්, බුද්ධිමත් අය ආදරය කරන නායකයෙකි.
දැනට ගුරු මහ දශාවේ අවසන් කොටස රාහු අතුරු දශාව ගෙවයි. මෙම කාලය 2020 මැද භාගය දක්වා පවතියි. හදිසි තනතුරු, ඉහළ නිලතල ලැබෙන කාලයකි. කෙසේ නමුත් 2020 මැද භාගයෙන් පසු ලබන සෙනසුරු මහ දශාව තුළ තරමක් ප්‍රවේශම් විය යුතුය. නායකත්වයට යහපත්ම අයෙකි.

රනිල් වික්‍රමසිංහ
මීන ලග්නයෙන් උපත ලබා ඇත. 11 සහ 12 අයත් සෙනසුරු මහ දශාව ගෙවයි. ඔක්තෝබර් අවසානය දක්වා පවතියි. සැප්තැම්බර්වලින් පසු 4 සහ 7 අධිපති බුධ මහ දශාව ලබයි.
මෙම කාලය තුළ සෙනසුරු දශාව අවසන් කොටස සහ ගුරු අතුරු දශාව ගෙවයි. ජනවාරි දක්වා කාලය යහපත් වුවත් 2020 ජනවාරිවලින් පසු වර්ෂ 2 1/2ක් පවතින පංච ඒරාෂ්ටක අපල කාලයක් ලබයි. මෙම කාලය තුළ මීන ලග්නයට බාධක බුධ මහ දශාව ගෙවන නිසාත්, ඒරාෂ්ටක අපල කාලයක් ලබන නිසාත් නැති කරදර බාධකවලට මුහුණ දීමට සිදුවෙයි.
හවුල් කටයුතු අවුල් කරයි. දේශපාලන කටයුතුවලින් පවා ඉවත්වීමට සිදුවනවා වගේම තනතුරුවලින් පවා ඉවත් වීමට සිදු වන කාලයකි. ළඟින් ඇසුරු කරන අය පවා දුරස්වන කාලයකි. එනිසා සතුරු කරදර බාධක ඇති කරයි. ලග්නය බලවත්ය. ර, තු, ශු ලග්නගතව ඇත. මාලවි යෝගය පවතියි. රවි, කුජ ලග්න ගතවීම තුළ කාටවත් යටත් නොවන තම මතයේම කටයුතු කරන අයෙකි. උගත්, බුද්ධිමත් අයගේ ආදරය, ගෞරවය ලබයි. නමුත් පොඩි මිනිසාගේ ගෞරවය නොලබන අයෙකි. එසේම පොඩි මිනිසා ගැන නොසිතන තරමක අහංකාර ගතිය පවතියි.
ගෝචර පල බැලීමේදී සෙනසුරු 10 වැන්නේ ගෝචර වීම, රැකියාව සම්බන්ධ තරමක බාධා ඇති කරයි. ගුරු ලග්නයෙහි 9 වැන්නේ ගෝචර වීම යහපත්ය. එසේම රාහු 10 වැන්නේ ගෝචර වීම තුළ තරමක බාධා ඇති කරයි. මෙම පසුබිම තුළ ඒරාෂ්ටක අපල කාලය ලබන බැවින් ජනවාරිවලින් පසු නැති කරදර බාධක, තනතුරු හැරයෑමේ කාලයක් උදාවෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ
1949 ජුනි මස 19 වැනි ඉරිදා උපත ලබා ඇත. වෘශ්චික ලග්නයෙන් උත්‍රපුටුප නැකැත හිමිව උපන් බැවින් සෙනසුරු මහ දශාව වර්ෂ 2කට ආසන්න කාලයක් පැවතිනි.
මෙම කාලය තුළ වර්ෂ 18ක් පවතින රාහු මහ දශාව ගෙවයි. දැනට රාහු මහ දශාවේ රාහු අතුරු දශාව ගෙවයි. ඉදිරියට 2021 මුල් භාගය දක්වා පවතී.
උත්පත්ති කේන්දරය ගැන සැලකීමේදී ලග්නාධිපති කුජ 8 සහ 11 අධිපති බුධ සමඟ සංයෝගව 7 වැන්නේය. එය යහපත්ය. කාර්ය ශූරව උද්‍යෝගිමත්ව පිළිවෙළකට කටයුතු කිරීමේ හැකියාව ඇත.
ලග්නය සහ 5 වැන්න, 9 වැන්න යන ත්‍රිත්වය ගැන සැලකීමේදී ලග්නය බලවත්ය. නමුත් 5 වැන්න අධිපති ගුරු 3 වැන්නේ නීච වීමත්, 9 වැන්න අධිපති සඳු රාහුගෙන් පීඩාවට පත්ව පෙර පින් මතුකරන 5 වැන්නේ තැන්පත්ය. එසේම වික්‍රමස්ථාන අධිපති සෙනසුරු 10 වැන්නේ තැන්පත් වගේම සෙනසුරු කේතුට අයත් නැකැතක ගමන් කර ඇත. මේ සියලු කරුණු සැලකීමේදී ලග්නය බලවත් වුවත් පුණ්‍යස්ථානය සහ භාග්‍යස්ථානය දුර්වල වීමත් එම අධිපතියන් දුර්වල වීමත් තුළ පෙර පින් වගේම වාසනාව ගිලිහෙන බව නම් පෙන්වයි.
එසේම ගෝචර පල බැලීමේදී දැනට ගෙවන මහ දශා අධිපති රාහු 8 වැන්නේය. රාහු ස්වභාවයෙන් 8 වැන්නට අයහපත්ය. එසේම සුළු ජාතීන් රාහු නියෝජනය කරයි. දේශපාලනය කිරීමේදී සුළු ජාතීන්ගේ සහයෝගය වඩාත් වැදගත්ය.
කෙසේ නමුත් ගුරු වික්‍රමස්ථානව නීච වීම තුළ චරිත ඝාතන, නින්දා අපහාස, අපකීර්ති ඇති වීම වැළැක්විය නොහැක. මුදල් ඉපයීමට යහපත්ය. ඒ තුළ ආර්ථික මට්ටම යහපත් වෙයි.
ක්‍රියාශූරත්වය, පිළිවෙළකට කටයුතු කිරීම යහපත් වුවත් මිත්‍ර සම්බන්ධතාවලදී නම් ප්‍රශ්න ඇතිවීම ඒ තුළින් මිත්‍රයන් දුරස්වීම පෙන්වයි.
නායකත්වයට නම් මේ කේන්දරය එතරම් යහපත් නොවේ. නමුත් නාකයෙක් යටතේ කටයුතු කරන්නේ නම් ඉහළ හැකියාවන්, දක්‍ෂතා දක්වයි.
කවුරු හෝ මොනයම් බලවේගයකින් නායකත්වයට පත්වුවත් වැඩිකල් නොගොස් නැති ප්‍රශ්න මතුවිය හැකිය.
මේ අනුව මෙතුමාට මෙම ගෙවන මහ දශා අතුරු දශා තුළ වගේම ගෝචර පල බැලීමේදීද යහපතට වඩා අයහපත් ප්‍රතිඵල ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
නායකත්වයක් යටතේ මෙතුමාට ඕනෑම කටයුත්තක් කිරීමේ හැකියාව උපරිමයෙන් පවතී.

සජිත් ප්‍රේමදාස
1967 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා මිථුන ලග්නයෙන් තුලා නවාංශකය ඇතිව උපත ලබා ඇත. සජිත් ප්‍රේමදාස සුවණ නැකැතින් උපන් බැවින් 2 අධිපති සඳු මහ දශාව වර්ෂ 4කට ආසන්න කාලයක් පැවතිණි.
7 සහ 10 අධිපති ගුරු ධනස්ථානගතවීමත්, ලග්නාධිපති බුධ වික්‍රමස්ථාන අධිපති රවි සමඟ 7 වැන්නේ යෝග වීමත් යහපත්ය. 5 වැන්න අධිපති, 2 වැන්න අධිපති, සමඟ 8 වැන්නේ සංයෝගව උපතේදී සිටීම තරමක් අයහපත්ය.
මෙම කේන්දරයේ ශනි මංගල දෝෂය දෘෂ්ටිමය වශයෙන් පවතී. එය තරමක් හවුල් කටයුතුවලදී ප්‍රශ්න ඇති වීමට හේතුවක් වෙයි. මිත්‍ර සමාගම් වැඩි කලක් ගෙන යෑමේ නොහැකියාව ඇත.
තරමක් තද, නීතියට කටයුතු කරන, කාටවත් කතාවෙන් හිත් නොරිදවන, හොඳ කථිකත්වය ඇති අයෙකි. 9 අධිපති, 10 වැන්නේ වියෝවීම රැකියාව තුළින් සෑහෙන වෙහෙසක් කිරීමට සිදුවන අයෙකි.
මෙම කේන්දරයේ පෙර පින් පෙන්වන පස්වැන්න පීඩාවට පත්වුවත් ලග්නය සහ භාග්‍යස්ථානද පෙන්වන 9 වැන්න බලවත් වී ඇත.
2020 ජනවාරි අවසානය දක්වා සෙනසුරු 7 වැන්නේ ගෝචර වෙයි. එසේම රාහු ලග්නගතවීම තුළ තරමක් කලබල වීම ඉක්මන් වීම ඇති කරයි. බොහෝ විට දුරදිග නොබලා කටයුතු කළොත් තීරණ ගතහොත් එය නිවැරැදි වීමේ ප්‍රවණතාව අවමය.
රාජ යෝග පවතී. ගමනක් යා හැකිය. ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වන්න. යහපතට වඩා අයහපත් දේවල් සිදුවිය හැකිය.
කෙසේ නමුත් 2020 ජනවාරි සිට එකවර ඒරාෂ්ඨක දෙකක් ලබන බැවින් ප්‍රවේශම් වන්න.
ආර්ථික මට්ටම යහපත් වුවත් දේශපාලන කටයුතුවලදී නොසිතන බාධක, සතුරු කරදර ඇති විය හැකිය.
කලබල නොවී ඉවසීමෙන් ස්ථිර ප්‍රතිපත්තියක් ඇතිව බුද්ධිමත්ව කටයුතු කළොත් හොඳ ගමනක් යාහැකි කේන්දරයකි. සුළු පක්‍ෂ, සුළු ජාතීන් ළඟාකර ගැනීම, පොඩි මිනිසාගේ හිත දිනා ගැනීමේ උපන් හැකියාවක් ඇත. එය මෙතුමාගේ දේශපාලන ගමනට ආශීර්වාදයකි. රාහු 11 වැන්නේ උපතේදී තැන්පත් වීම එම කටයුතුවලට හේතු වන කරුණු යෙදේ.

SendShareShare
Previous Post

පෙත්සම විසිවෙයි: ‌ගෝඨා දිනුම්

Next Post

පබා ගැන ඔබ නොදන්න කතා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.