මේ දවස්වල වැස්ස. ඒ නිසා හොඳට නින්ද යනවා. හොඳට හීනත් පෙනෙනවා. ඒ අතරේ හීනෙන් බයවෙන අයත් ඉන්නවා. පහුවදාට ඒ හීනය ගැනම හිත හිතා ළතැවෙන අයත් ඉන්නවා. ඒක හීනයක්නෙ කියලා අමතක කරලා දාන අයට නම් හීන ගැන තැකීමක් නැහැ. හැබැයි හීනයක් කියන්නේ මුළු ජීවිතයම කණපිට හරවන්න පුළුවන් සිදුවීමක් කියල තමයි සිහින පිළිබඳ විද්වතුන්ගේ මතය. ඒ නිසා සිහින නොසලකා හැරලත් බැහැ. දැකපු සිහිනයේ පලාපල මොනවගේද?
සිහින ගැන උනන්දු වෙන අයට ඒ ප්‍රශ්නය නිතරම හිතට වදදෙනවා. ඒ නිසා තමයි අපි හැම සතියකම සිහින පලාපල ගැන විග්‍රහයක් අරගෙන එන්නේ. මේ සතියේ සිහින පලාපල විග්‍රහය තමයි මේ.
- තම දූදරුවන්ගෙන් වැඳුම් – පිදුම් ලබනවා, ත්‍යාග ලබනවා සිහිනෙන් දකීනම් – සමාජයේ කීර්ති, ප්‍රශංසාවට ලක්වෙයි.
- අමු ලී ගොඩවල් පිලිස්සෙනවා සිහිනෙන් දකීනම් – තම ධනය එකවර විනාශ වී යයි.
- දුනු, ඊතල රැගත් පිරිසක් තමා වටකර සිටිනවා සිහිනෙන් දකීනම් – රජයෙන් ලැබෙන සහන නොලැබෙයි.
- තමන් ඉදිරියට කෑගසමින් පැමිණි මිනිසකු එකවර දෙපා ළඟ මැරී වැටෙනවා සිහිනෙන් දකීනම් – තමා සතු දේපොළ වෙනත් අය සතුකර ගැනීමට ආරවුල් ඇතිකර ගනී.
- විශාල මාළුවකුගේ පිටෙහි නැඟ මහ මුහුදේදී ජීවිතය බේරාගන්නවා සිහිනෙන් දකීනම් – තදබල රාහු අපල අවසන් වී ඇති බවකි.
- කඳු මුදුනකින් එන දිය ඇල්ලකින් හෝ දිය උල්පතකින් තම ඇඳුම් – පැලඳුම් තෙමීගියේ නම් – තමන් යන යන තැනින් ප්‍රශංසා ලැබේ.
- වැහිලිහිණි කූඩු හදනවා හෝ ඇඟ වටා කැරකෙනවා සිහිනෙන් දකීනම් – ප්‍රබල ආදර බැඳීමක් ඇතිවෙයි.
- විශාල එළවළු කොටුවක් බලාගන්නා මිනිසකු ඒවා තළාපෙළා, පොඩිකර දමනවා සිහිනෙන් දකීනම් – බලාපොරොත්තු මංගල යෝජනා, ස්ථිර නොවේ. ආදර බැඳීම් කැඬේ.
- තේ දලු නෙළන කතුන් පිරිසක් බුලත්විට කා තම ඇඟට කෙළ ගසනවා, බැණවදිනවා සිහිනෙන් දකීනම් – තම රැකියාව, ධනය අහිමි වෙයි. දුගී දුප්පත් වෙයි.
- පොල්ගසකට කිහිපදෙනකු නැඟ පොල්අතුවල එල්ලී ඔංචිලි පදිනවා සිහිනෙන් දකීනම් – තමන් කාගේ හෝ වංචාවකට අසුවෙයි.
- කුඩා ළමයින් පරිසක් විශාල මඩක එරී කෑගසනවා සිහිනෙන් දකීනම් – තම ඥාති දරුවකුට කරදරයකි.
- නිවෙස ඉදිරිපිටට රටේ රාජ්‍ය නායකයා පැමිණ තමන්ට අඬගසනවා සිහිනෙන් දකීනම් – ප්‍රබල ජයක් ලැබේ. රාජයෝගයකි.
- අඳින ලද චිත්‍රයට පණ එනවා සිහිනෙන් දකීනම් – නිකරුණේ මුදල් විනාශ කරගනී.
- නිතර නිතර ගෙදර අය කෑගසනවා, බණිනවා සිහිනෙන් දකීනම් – නිවෙසට ප්‍රේත දෝෂ ඇති බවකි.
- නිවෙසට ගෙන ආ මාළු මඟ හැලී එම මාළුන්ට පණ තිබෙනවා සිහිනෙන් දකීනම් – අසල්වැසියකුගෙන් තම බිරියට හෝ සැමියාට කරදරයකි.











