• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

October 3, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටිහැටියේ කොණ්ඩදෙණියි ගියපු මන්ත්‍රි කවුද?

“අපේ නායක හාමුදුරුවනේ කවුද පන්සලේ ගේට්ටුවට තට්ටු කරනවා වගේ ඇහෙනවා…”
“මහ පොළොවට එළිය වැටිලවත් නෑ නොවැ. පැය හතරහමාරක් විතර රාජකාරියට කාලෙ ගියා නොවැ” කී කොණ්ඩදෙණියේ හිමියෝ, “බණ්ඩො… ගිහින් බැලුව නම්…” යැයි කීහ.
හිමියන්ගේ අණ ලැබුණු සැණින් බණ්ඩා ගේට්ටුව අසලට දිවගියේය.
“ම්… මේ කවුද…?”
“අපි මේ මාතර ඉඳලා… අනේ ළමයො වාහනේ මඟ දිගට ලෙඩ දුන්නා නොවැ… ඊයේ දවල් ඉඳලමයි මේ එන්නෙ…. කොණ්ඩදෙණියෙ හාමුදුරුවො පන්සලේ ඉන්නවැයි…?”
“ලොකු හාමුදුරුවො නම් ඉන්නව… මේ මහ රෑ නේද… උන්වහන්සෙ සැතපෙන වෙලාවනෙ…”
“දැන් වෙලාව කීයද… අනේ ළමයො අලුයම 2.45යි නොවැ…”
“හරි හරි… යමු ඇතුළට. මේ දෙන්නට පුළුවන්නෙ දන් ගේ පැත්තක පාන්දර වෙනකම් ඇලවෙලා ඉන්ට. ලොකු හාමුදුරුවො හතරහමාරට අවදිවෙලා බුදුන් වැඳල තේවා කටයුතු අහවර කළාම උදේ හතට විතර බැහැදකින්න පුළුවන්නෙ…”
“ඔව් ළමයො… එහෙම හොඳා… අපට ගේට්ටුව ඇරල දීපු එකත් කොච්චර එකක්ද?”
බණ්ඩා ඔවුන් දෙදෙනාට දාන ශාලාවේ නිදාගැනීමට සලසා නැවත ආවාස ගෙට ගොස් ඒ වන විටත් අවදියෙන් සිටි කොණ්ඩදෙණියේ හිමියන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන්නේය.
“හ්ම්… හොඳා බණ්ඩො එහෙනම් දැන් නිදාගෙන අමුත්තො ගැන උදේට බලාගමුකො..” හිමියන් කී පසු බණ්ඩාද නිදාගත්තේය.
උදෑසන සිය සුපුරුදු ආගමික වතාවත් නිම කළ හිමියෝ ආවාස ගෙය තුළ විවේකීව සිටියදී බණ්ඩා අමුත්තන් දෙපළත් කැටුව කොණ්ඩදෙණියෙ හිමියන් හමුවට පැමිණියහ. අමුත්තන් දෙපළ හිමියන්ගේ දෙපා නමැද පසෙකට විය.
“ම්… මේ ඇත්තො…”
“අවසර අපේ හාමුදුරුවනේ අපි මාතර ඉඳල… මාතර කීවට දෙනියාය කිට්ටුව…”
“මොකද මේ ඇත්තො හදිසියෙම මාව හමුවෙන්ට ආවෙ…?”
“ඔබවහන්සේ නැතිබැරි මිනිසුන්ට තමන්ගෙ ශාස්ත්‍රය අනුව කරන උපකාර අද මේ මුළු රටම දන්නව… ඒ වගේම ඒ ගැන රටේම ජනතාව නිතර නිතර කතා කරනවා. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර පැත්තෙනුත් බලපුළුවන්කාරයන්ව දණගස්වල, එවැනි අයගෙ බල බිඳල පොඩි මිනිසුන්ට සිදුකර ඇති මෙහෙවර ගැන අපේ මේ පුංචි රටේ මිනිසුන් විතරක් නෙවෙයි, රට රටවල අයත් දන්නව හාමුදුරුවනේ… ඒ විතරක්ද ඔබ වහන්සේ ගෙවීගිය කාලයෙ කිසිවකුට කළ නොහැකි හපන්කම් රැසක් පෙන්වල තියෙනවා. ඒව රටේ පත්තරවලත් ඉහළ මටටමෙන් පළවෙලත් තිබුණා…”
“හරි හරි…. මං අහන්නෙ මේ ඇත්තො මාව හමුවෙන්ට ආව කාරණාව මොකක්ද කියල කීවනං…”
“මේකයි අපේ හාමුදුරුවනේ… ඇත්තම කීවොත් මමත් ඔබවහන්සේගෙ පිහිටක් පතාගෙනයි ආවෙ… ඒ පිහිට පතන්නෙත් මේ රටේ නැති බැරි පන්තිය වෙනුවෙන් පෙනී ඉඳල ඒ උදවියට කිසියම් සේවයක් කිරීමේ පවිත්‍ර චේතනාවෙනුයි හාමුදුරුවනේ…”
“ඒ කිව්වේ….?”
“මේකයි අපේ හාමුදුරුවනේ මම දැනට පළාතෙ ගම්සභාවක සභාපති කෙනෙක් විදියට වැඩ කරනව. පුද්ගලිකව හරි හම්බකිරීමක් කළේම නෑ. ඒකට හොඳම සාක්කිය තමා මගේ මේ කාරෙක. ගම්සභාවෙ මන්ත්‍රී කෙනකු වෙච්ච වෙලාවෙ පවුලෙ ඉඩම් කෑල්ලක් විකුණලයි මේ පරණ කාරෙක ගත්තෙ. කිව්වම මොකද හාමුදුරුවනේ මමයි, නෝනයි ඊයේ දවාලෙන්ම තමයි ගමෙන් පිටත් වුණේ. මේ කාරෙක ගමන ආරම්භයෙ ඉඳලම ලෙඩ දුන්නා හාමුදුරුවනේ… එහෙම රෑක ඇවිල්ල කරපු කරදරවලට අපට සමාවෙන්න හාමුදුරුවනේ…”
“මට මොන කරදරයක්ද? මං හැමදාමත් කළේ අසරණ අහිංසක උදවියට පිහිටවීමනෙ මහත්තයා… අනෙක මේ විශ්වයෙන් මට බලයක් ලැබුණෙත් එහෙම ඇත්තන්ට පිහිට වෙන්ටම තමා… හොඳයි මහත්තයගෙත් එහෙම පරමාර්ථයක් තියෙන එක… දැන් ඉතින් තව මොකක් කරන්ටද ඔය සූදානම…”
“අපේ හාමුදුරුවනේ… මට මේ සැරේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්ට ලොකු ඕනෑකමක් තියෙනවා. හැබැයි හාමුදුරුවනේ අනෙක් පැත්තෙන් ඉල්ලන්නෙ සල්ලිය බාගෙ හොඳට තියෙන, හයිකාරකම් තියෙන, ඇට්ටර වෙච්ච දේශපාලන පවුලක කෙනෙක්. එහෙම හයිකාරකම් අපට නෑ. අනෙක ආවට ගියාට වියදම් කොරන්ට සල්ලිය බාගෙත් නෑ….”
“හ්ම්… අරමුණ නම් ඉතා අගෙයි… මහත්තයෝ… කෝ දෙන්ට බලන්ට තමුන්නැහෙගෙ දකුණු අත මෙහෙට…”
කොණ්ඩදෙණියෙ හිමියෝ ඉතා විමසිල්ලෙන් අමුත්තාගේ දකුණතේ රේඛාවල පිහිටීම නිරීක්ෂණය කළහ. විටෙක හිමියන්ගේ මුවගට මඳ සිනහ නැඟෙන සැටිත්, තවත් විටෙක නළලත රැලි නැන්වෙන සැටිත් හිමියන්ගේ සහායකයා වන බණ්ඩා බලාගෙනය.
“අපූරුයි හොඳ ග්‍රහ පිහිටීමක් තියෙනව. තමන්ට යමක් හිතුණොත් ඒ දේ කරනකම් මහත්තයට ඉස්පාසුවක් නෑ නේද?”
අමුත්තා හිස සලා එය අනුමත කළේය.
“සමාජයේ ප්‍රසිද්ධියට බලපාන රේඛාවකුත් හස්ත රේඛා මණ්ඩලයේ පිහිටල තියෙනවා…” යැයි කී හිමියෝ මඳ සිනාවක් නඟාගෙන, “බාධක ටිකකුත් තියෙනවා…” යැයි පවසා හිස සැලූහ.
“එක අරමුණකම පිහිටල දුප්පත් පන්තිය නියෝජනය කරන කෙනෙක් හමුවීම ගැන මටත් සතුටුයි මහත්තයො… ඔය කාගෙවත් සල්ලිය බාගෙට, චණ්ඩිකම්වලට අපි යටවෙන්නෙ මොකටද? මහත්තයා ඡන්දෙට ඉදිරිපත් වෙන්ට… ජය ලබල දෙන එක මං භාරගන්නම්…” කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ අමුත්තාගේ මූණ බලාගෙන කෙළින්ම පැවැසූහ.
කොණ්ඩදෙණියෙ හිමියන්ගේ ප්‍රකාශයෙන් අමුත්තාගේ ඉහේ මලක් පිපුණා වැනි සතුටක් ජනිත කළේය.
“මහත්තය ඡන්දෙ ඉල්ලන පක්ෂයේ ඉහළම උදවියත් මෙහාට යන එන උදවිය තමා. ඒ අමුත්තන්ට ජයග්‍රහණ ලැබෙන්නත්, පැවැති බාධක ඉවත් කළේ මම තමයි…” කොණ්ඩදෙණියෙ හිමියෝ සියුම් සතුටක්ද මුවගට නඟාගෙන කීහ.
“හොඳයි මහත්තයා… නාමයෝජනා ඉල්ලන දවස මට කියන්න. ඒකට මං වෙලාවක් හදල දෙන්නම්… ඊට පස්සෙදි ප්‍රතිවාදිය දණගස්සල දෙන්නත් මං පොරොන්දු වෙන්නම්කො…”
ඔවුහු එකවරම පහත්වී කොණ්ඩදෙණියෙ හිමියන්ගේ පාද නමස්කාර කළෝය.
“හොඳයි දැන් ඔය දෙන්න උඩහ බුදුමැඳුර වැඳගෙන, දෙවනුව මගේ දේව මන්දිරයට එන්නකො…”
වටින් ගොඩින් එළිය වැටෙමින් තිබූ ඒ සුන්දර හිමිදිරියේ සුදුවතින් සැරසී සිටි අමුත්තන් දෙපළ බුදුමැඳුර වන්දනාවට යන ආකාරයද සීලරතන හිමියෝ ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කළහ.
සුපුරුදු පරිදි දේව මන්දිරයට ගිය සීලරතන හිමියෝ පහන් වැට දැල්වූහ. බණ්ඩා රැගෙන ආ ගිනිකබලට කට්ටකුමංජල් එකතු කළ හිමියෝ දේව මණ්ඩලයටම සුවඳ දුම් අල්ලා හිමිදිරි වතාවත් ඇරැඹූහ.
අමුත්තන් දෙපළ දේව මණ්ඩලයට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් විශේෂිත පුද පූජාවක් පැවැත්වූ සීලරතන හිමියෝ ඔවුන්ට පළමුව දේව ආශීර්වාද පැතූහ.
ඊළඟ මොහොතේ දේව මණ්ඩලය හමුවේ විශේෂ භාරයක් වූ සීලරතන හිමියෝ තම කැපකරුවා එළඹෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු රූපෙට රූපයක්, ප්‍රාණයට ප්‍රාණ ඇපයක් කැපකරන බවටද සපථ කළහ.
ඒ සමඟම ඉදිරි දෙසතිය තුළ නාමයෝජනා භාරදෙන විට ඊට අදාළ නැකැතක්ද සීලරතන හිමියන් අමුත්තාට හදා දුන්නේය. එසේ කළ සීලරතන හිමියෝ මහ ඡන්දය එළඹෙන දිනට පෙර දින තම ප්‍රතිවාදියාගේ උපන් කේන්දර සටහනද රැගෙන තමා හමුවන ලෙසටද උපදෙස් දුන්හ. අමුත්තෝ කාණ්ඩදෙණියට පැමිණියාටත් වැඩි සතුටකින් ආපසු ගම්බිම් බලා ගියහ.
මහ මැතිවරණයට දිනක් තිබියදී අමුත්තා තම සමීප ඥාතියකුද සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණියේය. මන්ත්‍රී සූට් එකකින්ම සැරසී අමුත්තා පැමිණ සිටිනු දැකීමෙන් සීලරතන හිමියන්ට මඳ සිනාවක්ද නැඟිණි.
“ම්… මහත්තය දැනටම ඡන්දෙ දිනල වගෙයි…” සීලරතන හිමියෝ අමුත්තාගේ මූණ බලාගෙනම කීහ.
“අපේ හාමුදුරුවනේ මගේ සිත පිරිසුදුයි. අරමුණත් යහපත්… මං මේ දේශපාලනයට එන්නෙ අනුන් තළාපෙළා හරිහම්බ කරන චේතනාවෙනුත් නෙවෙයි නෙ. අනෙක අපේ හාමුදුරුවො මා ළඟ සිටින විට පරාජයක් ලැබේවි කියල හිතෙන්නෙත් නෑ හාමුදුරුවනේ…”
“ම්… මේ මහත්තය අර ප්‍රතිවාදියාගෙ උපන් කේන්දර කොපිය අරගෙන ආවැයි…?”
“එහෙමයි හාමුදුරුවනේ… ඒක නම් ටිකක් අමාරුවෙන් හොයාගත්තෙ… ඒ මනුස්සය ඒක බලවගන්න අපි දන්න කියන කෙනකුට දීලා තිබුණා. ඒ හින්දම ඒකෙන් කොපියක් හදවගන්න පහසුවක් වුණා…”
“හ්ම්… කෝ ගමු බලන්ට ඔය කේන්දර කොපිය”
ප්‍රතිවාදියාගේ කේන්දර කොපිය පරීක්ෂා කර බැලූ හිමියෝ මඳක් කල්පනා කරනු පිරිස බලාගෙනය.
“ඇ… ඇයි… අපේ හාමුදුරුවනේ….?”
“වැරැදි අරමුණු තියෙන අයෙක් වුණත් මහත්තයෝ මේ කේන්දරය නම් ඉතාම බලවත් එකක්…. හොඳයි කොයි එකටත් අපි අපේ සටන අතහරින්න නාකයි… එහෙම නේද මහත්තයො…” කියමින් සීලරතන හිමියන් අමුත්තාගේ මුහුණ බැලුවේ ඒ කතාවෙන් අමුත්තාගේ හිත පසුබසින සෙයක් දුටු හෙයිනි.
“ම් මහත්තයා ටිකක් එළියෙන් ඉන්න… අපි යමු දේව මන්දියරට…“කී හිමියෝ ආවාස ගෙයි ඇතුළු කාමරයට ගොස් යමක් රැගෙන ආපසු පැමිණියහ.
“හොඳයි… මට දේව මන්දිරයේ තේවා කටයුතු ටිකක් තියෙනව… මහත්තය තමන්ගෙ අරමුණ හිතේ තියාගෙන කෙළින්ම දේව මණ්ඩලය දිහා බලාගෙන වැඳගෙන ඉන්න ඕනෑ…”
“හොඳයි හාමුදුරුවනේ…”
සීලරතන හිමියෝ පැය දෙකහමාරක පමණ කාලයක් දේව ස්තෝත්‍ර කියමින්ද, මන්ත්‍ර කියමින්ද, දිෂ්ටිගන්වන අයුරු දැක අමුත්තාට දාඩිය දමන්නට විය. හිමියන්ගේ හඬ උස් පහත්වන හැම විටෙකම අමුත්තා තරමක් වෙව්ලන්නට වූයේ මෙවන් අත්දැකීමකට තමන් මින් පෙර මුහුණදී නොතිබුණු බැවිනි.
“හොඳයි දැන් මගේ කටයුතු කම්මුතුයි. මහත්තයා හිතන ආකාරයටම කටයුතු ඉෂ්ට සිද්ධ වෙයි. මැතිවරණය ජයග්‍රහණය කරල මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීල මේ පැත්තෙ ඇවිත් ගියාට කමක් නෑ… ඡන්දෙට ඉස්සරින් දවසෙ ගෙදර ඇතුළතට කාමරයක් කහ වතුර ඉහළ සුද්ද කරලා, කාමරය මැද ළිපක් බැඳල ඒකට පොල් තෙල්
බෝතල් භාගයක් වත්කරල පැඟිරි මුසුකරල ළිප අවුළුවල තෙල් තාච්චිය නටනකොට මේ තඹ කොළය අතින් නොඅල්ල බුලත් කොළය පිටින්ම තෙල් තාච්චියට දමන්ට ඕනෑ තේරුණාද? පැය භාගයකට පස්සෙ තාච්චිය පිටින්ම කාටවත් නොපෙනෙන ලෙස ගෙනිහින් ගලායන වතුරකට දමන්ට ඕනෑ… තේරුණාද….?
“එහෙමයි හාමුදුරුවනේ…”
අමුත්තා පිටව ගියේය. ඡන්දෙ දවසෙ පාන්දර යාමයේ රැයක් පුරා බීමතින් සිටි ප්‍රතිවාදියා තම වාහනය තමන් විසින්ම හප්පාගෙන ඇතිවූ අනතුරකින් තුවාල ලැබීය. හෙතෙම ඡන්ද කටේම ප්‍රතිකාර පතා රෝහල්ගත කළේය.
බියෙන් සැකයෙන් මිරිකී සිටි ජනතාව නිදහසේ සිය ඡන්දය භාවිත කළහ. ප්‍රකෝපකාරී සිදුවීම්වලින් තොරව පැවැති මහ ඡන්දයෙන් කොණ්ඩදෙණියේ හිමියන්ගේ මනාපය දිනූ අපේක්ෂකයා වැඩි ජනතා ඡන්දයෙන් ජයග්‍රහණය කළේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

වාස්තු පුරුෂයා නිසා නිවෙසේ ඇතිවන දෝෂ

Next Post

සිහින ලොවක මතක සටහන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.