අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාව අනුව උපන් මොහොතේදී කේන්දර සටහනේ ග්‍රහයන් පිහිටන අන්දම හරහා පිහිටි තැන, දැකීම, පරිවර්තනය, වර්ගෝත්තම බලය, දිග්බලය, නීච යෝග බලය, නැකැත් බලය ආදී විවිධ අන්දමේ ග්‍රහයන්ගේ බලය වෙනස් වීම සිදුවෙයි.
ලග්නය 4, 7, 10 යන්හිද, 5, 9 දෙතැනද පිහිටි සුබ ග්‍රහයන්ගේ බලය වඩාත්ම යහපත්ය. 3, 6, 10, 11 තැන්වල පාපීන්ගේ බලය වැඩියි. 6, 8, 12 දුෂ්ට තැන්වල ඒ තැන්වල සුබයන්ගේ බලය හීනවන අතරම ඒ තුන්පලෙන් එකක අධිපතියකු එතැන පිහිටීම රාජ යෝග බලය දෙයි. විපරීත රාජ යෝග හර්ෂා, සරලා, විමලා නම්ය. පාපී තුන්පොළේ අධිපතියකු ඒ තැනකට වැටීම යහපත් වුණත් 7 වැන්නාධිපතියා 6, 8, 12 වැටීම යුග සැපතට යහපත් නොවේ. එතැන සිටින ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වන ග්‍රහයාට වුවත් සුබයක් නොවේ. අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාව අනුව උපන් මොහොතේදී කේන්දර සටහනේ ග්‍රහයන් පිහිටන අන්දම හරහා පිහිටි තැන, දැකීම, පරිවර්තනය, වර්ගෝත්තම බලය, දිග්බලය, නීච යෝග බලය, නැකැත් බලය ආදී විවිධ අන්දමේ ග්‍රහයන්ගේ බලය වෙනස් වෙමින් පවතී.
ලග්නය 4, 7, 10 යන්හිද, 5, 9 දෙතැනද පිහිටි සුබ ග්‍රහයන්ගේ බලය වඩාත්ම යහපත්ය. 3, 6, 10, 11 තැන්වල පාපීන්ගේ බලය වැඩියි. 6, 8, 12 දුෂ්ට තැන්වල ඒ තැන්වල සුබයන්ගේ බලය හීනවන අතරම ඒ තුන්පලෙන් එකක අධිපතියකු එතැන පිහිටීම රාජ යෝග බලය දෙයි. විපරීත රාජ යෝග හර්ෂා, සරලා, විමලා නම්ය. පාපී තුන්පොළේ අධිපතියකු ඒ තැනකට වැටීම යහපත් වුණත් 7 වැන්නාධිපතියා 6, 8, 12 වැටීම යුග සැපතට යහපත් නොවේ. එතැන සිටින ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වන ග්‍රහයාට වුවත් සුබයක් නොවේ.
සියලුම ග්‍රහයන්ට එම ග්‍රහයා සිටින තැනින් 7 වැන්න පෙනෙයි. ඊට අමතරව රවි, සඳු, ශනි තිදෙනාට තමන් සිටි තැනින් 3, 10 යන රාශිද, කුජ, බුධ දෙදෙනාට 4, 8 යන රාශිද, ගුරු, කිවි දෙදෙනාට 5, 9 රාශිද පෙනෙයි.
මෙකී පෙනීම් බලයත් යෝගකාරකීය බලයත් ඉතාම යහපත් වෙයි. 1,2, 4, 7, 8, 12 තැනක කුජ යෙදීම භෞම දෝෂය වුවත් එකී කුජ බලවත්ව ගුරුට පෙනීමට ලක්වීමෙන් භෞම දෝෂය බඳේවි.
විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියාට වඩා 7 වැන්නාධිපති හා ගෝචරය තුළින් කරුණු වටහාගත හැකිය. 8 වැනි රාශිය අධිපතියා ලග්නයේ හෝ 7 වැන්නේ නම් අනියම් සබඳතා සහ සරාගී නාටාංශක යෝග දෝෂයද හටගනී. තුලා ලග්න කේන්දරයක 7 සිකුරුත්, 8 කුජත් පිහිටීම අයහපත් වන්නේ විවාහයටයි.
මෙහිදී රාශි පරිවර්තනය හා නැකැත් පරිවර්තනයද යෙදේ. කාමුක යෝග වන සරාගී යෝග නවාංශක දෝෂ නිසා යුගදිවිය කැඩී යනු ඇත. දස පොරොන්දම් සහ ග්‍රහ හැසිරීම් රටාව ගැඹුරින් නිරීක්‍ෂණය කර විවාහය තීරණය කිරීමෙන් සුබවාදී යුගදිවියක් ගතකිරීමේ වාසනාව පෑදෙනු ඇත.
විවාහවීමේදී ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ දෙදෙනාගේම මානසික හැසිරීම්, චරිත ලක්‍ෂණ, ආධ්‍යාත්මික ගුණවගාව, මානව භක්තිය, කායික (ලිංගික) ගැළපීම සෑහීමකට පත්වන්නේ සෞන්දර්යාත්මක රිද්ම රටාවකටද යන්නත්, විශේෂයෙන් දාරක සම්පත්, නිරෝගී දරුවන් හිමිවේද මෙන්ම බිරියට ගැබ් දැරීමේ ශක්තිය තිබේද ගර්භාෂගත රෝගවලින් යුක්තද, සැමියාගේ ශාරීරික ජීව ශක්තියත්, සරුදාරක බීජ පෝෂණයන් ගැනද ග්‍රහ හැසිරීම අනුව විමසා බැලීම අනිවාර්ය වෙයි.
උඩින් පල්ලෙන් කෙටි වේලාවකදී කේන්දර දෙක බලා විවාහයකට තීන්දු ගැනීමෙන් ඉදිරියට වන හානිය ගැන කියනු කවරේද?
උගත් ජ්‍යොතිෂවේදියාට විවාහයකට කේන්දර දෙක පරීක්‍ෂා කර බැලීමට කාලයක් දීම සේවාදායකයාගේ පරම යුතුකමකි. පුවත්පත්, මුහුණුපොත ආදියෙන් මංගල යෝජනා විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂවේදියා වෙතට යොමුකිරීමෙන් තමන්ද අපහසුතාවකට පත්වන්නේ කාලය නොදීම නිසා යැයි පැවසීම ඇත්තකි. විවාහ ගැළපීම කිරන මනින ද්‍රව්‍යයක් හෝ දියරයක් නම් නොවේ.
වත්මන්හි විවාහ දිවිය කෙටි කාලයකින් අසාර්ථක වීමට එක් හේතුවක් වී ඇත්තේ ක්‍ෂණික තීන්දු තීරණ ගැනීමය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල