OPPO Reno 2F දුරකතන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම මෑතකදී කටයුතු කළේය. මෙම දුරකතනය OPPO සමාගමේ අතිශයින් ජනප්‍රිය දුරකතන මාලාවක් වන Reno දුරකතන අතරට එක්වන අලුත්ම මාදිලියයි. Quad-camera setup මෙන්ම දැඩි අඳුරේ පවා පැහැදිලි ඡායාරූප ගැනීමට ඉඩකඩ සලසන Ultra Dark Mode සහ ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමට උපකාරී වන Ultra Steady Video ඒ අතරින් ප්‍රධාන වේ. Quad-camera පද්ධතියට 48MP Ultra-clear Main Camera, 8MP Wide Angle Lens, 2MP Mono Lens iy 2MP Portrait Lens යන අංග ඇතළත් වී ඇත.
“දුරකතන මාලාවේ ජනප්‍රියත්වයට හේතු වූ සාධකවලින් පන්නරය ලබන මේ නව දුරකතන මාදිලිය නිර්මාණශීලීත්වය පෙරටත් වඩා දුරකට රැගෙන යාමට උපකාරී වන තාක්ෂණයන් හා විශේෂාංග සහිත මාදිලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අවට පරිසරය හා එහි ආලෝක තත්ත්වය වැනි කිසිදු දෙයකින් සීමා නොවී විශිෂ්ට තලයේ ඡායාරූප ලබාදීමට එහි ඇති කැමරා තාක්ෂණය සමත් වනවා” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසීය.
OPPO Reno 2F මාදිලියේ තිරය 6.5′ AMOLED Panoramic තිරයක් වන අතර එහි RESOLUTION මට්ටම 2340×1080කි. එහි screen-to-body අනුපාතය 91.1%ක් වන අතර, 5th Generation Corning® Gorilla® Glass යොදා නිපදවා ඇත. Sunlight AMOLED Screen නිසා එළිමහනේ දැඩි ආලෝකය මැද පවා තිරය පැහැදිලිව දර්ශනය වන අතර බලශක්තිය භාවිත කිරීම 6% ක් අඩු නිසා සේවා කාලය 50% ක් දීර්ඝ වේ.
Android Pie 9.0 පදනම් කරගත් ColorOS 6.1 මෙහෙයුම් පද්ධතිය OPPO Reno 2F දුරකතන මාදිලියට ඇතුළත් වී ඇත.
රු. 74,990කට මිල කර ඇති OPPO OPPO Reno 2F මාදිලියේ නිමාව ‘Sky White’ සහ ‘Lake Green’ වර්ණවලින් මිලදීගත හැකිවේ.