• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

September 7, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දේව වන්දනාවේදී බෞද්ධාගමිකයන්ට සුවිශේෂී දෙවි කෙනෙක් තමයි විෂ්ණු දෙවියෝ. අතීතයේදී ඉන්දියාවේ පහළ කොටස ලෙස ලංකාව හැඳින්වුණු නිසා ජම්බුද්වීපය යන නමින් ලංකාව ව්‍යවහාර වෙලා තියෙනවා. එකලදී විෂ්ණු දෙවියන් උත්පලවන්න නමින් බැතිමතුන්ගේ වන්දාවට පාත්‍රවීම විශේෂයි. පසුකාලීන ලංකාවේදී විෂ්ණු දෙවියන් වන්දනාමාන කරනවාට අමතරව උත්පලවන්න දෙවියන් වන්දනා කිරීමද සිදුවෙලා තිබෙනවා.

පැරැණි පන්සල්වල විහාරගෙයි බුදුපිළිමයට පසෙක බටනළාව වාදනය කරන ක්‍රිෂ්ණ නමෝ නාරායන හෙවත් උත්පලවන්න දෙවියන් අදටත් දැකගන්න පුළුවන්. යුද්ධ කාලයේදී විනාශ වුණු පන්සල්වල උත්පලවන්න දෙවියන්ගේ ප්‍රතිමාව කැඩිබීඳී ගිය කොටස් එක්කර විෂ්ණු දෙවියන්ගේ කොටස් සමඟ එක් ප්‍රතිමාවක් බවට සකසා තිබුණේ එකම පැහැය නිසයි. පසුව මේ දේවතාවුන් දෙදෙනාම වෙනුවෙන් උත්පලවන්න ශ්‍රී විෂ්ණු නමින් අදටත් දේව වන්දනාව සිදුවෙනවා.

ලංකාව ආරක්‍ෂා කරදෙන ලෙස බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ට භාර දී තිබෙන බව අනාදිමත් කාලයක සිට බෞද්ධයන්ගේ විශ්වාසයයි. ඒ නිසාම විෂ්ණු දෙවියන්ගේ පිහිට, ආශීර්වාදය ලැබෙන්නේ යහපත්, සාධාරණ කාරණා සඳහා පමණයි.
නවග්‍රහ මණ්ඩලයේ අධිපති ලෙස සැලකෙන්නේද විෂ්ණු දෙවියන්ය. දෙවුන්දර විෂ්ණු දේවාලය සහ කන්දෙ විහාරය විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතර ලැබෙන ප්‍රදේශ බවට සැලකෙනවා.
විෂ්ණු දෙවියන් පලතුරු, කැවිලි පූජාවල් බලාපොරොත්තු වෙන්නෙ නැති අතර පලතුරු පූජාවක් තබනවා නම් උක්දඬු, සුවඳැල් කෙසෙල්, තැඹිලි හෝ නවසි පොල් ඇතුළුව පලතුරු පහක් සමඟ පූජා කරන්න පුළුවන්. විෂ්ණු පූජාව සඳහා නිල් මහනෙල් මල් අනිවාර්යයි. තුල්සි ගහේ මුල, දලු ආදී වශයෙන් පංචාංගයම කඩා වතුර භාජනයකට දමා විෂ්ණු දෙවියන් නෑවීම මෙහිදී විශේෂ වෙනවා.

සුදු සහ දම් පැහැ මල් මිශ්‍ර කර පූජා කිරීමත්, ගිතෙල්, පොල්තෙල් මිශ්‍ර පහනක් දැල්වීමත් විෂ්ණු දෙවියන් වෙනුවෙන් කරන විශේෂ පූජාවකි. විෂ්ණු දෙවියන්ට පුදපූජා කිරීමේදී දවල් 12.12 සිට 12.24 දක්වාත්, රාත්‍රී 12.12 සිට රාත්‍රි 12.24 දක්වාත් ප්‍රධාන වන්නේ මේ කාලයේදී විෂ්ණු දෙවියන්ගේ ඇල්ම – බැල්ම ලැබෙන බැවිනි. එහිදී සෙනසුරාදා දවස සුවිශේෂී වෙනවා.

විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගත හැකි සුවිශේෂී ලග්න හිමියන් ලෙස මකර, කුම්භ ලග්න හඳුන්වන්න පුළුවන්. සෙනසුරු අපල තිබෙන අයට විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය මහත් ප්‍රතිඵල ලබාදෙනවා.
විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා විශේෂ දුම් පූජාවක්ද කරන්න පුළුවන්. නෙලුම් රේණු, අගිල්, ගුහුල් සුවඳ කොට්ටම්, කුන්දිරික්කම්, සැවැන්දරා කුඩු, හල්දුම්මල ආදී මේ සියල්ල සිහින්ව කොටා දුම් ඇල්ලීමෙන් විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න පුළුවන්.
හත්වරක් පෙරන ලද පිරිසුදු පැන් සහ සීනි රහිතව සැකසූ මිදි යුෂ පානය විෂ්ණු දෙවියන්ගේ පූජාවේදී ප්‍රධාන අංගයක් වෙනවා.

සෙනසුරුගේ අපලයට, නඩුහබවලට, රෝගපීඩා ආදියට, රැකියාවේ ගැටලුවලට, හඳුනා නොගත් රෝග සඳහා ආදී වශයෙන් සාධාරණ කරුණු කාරණා සම්බන්ධයෙන් විෂ්ණු දේව පිහිට ලබාගන්න පුළුවන්.
සෙනසුරාදා දිනක බ්‍රහ්ම මුහුර්තයෙන් නිල් මහනෙල් මල් 9ක් සමඟ නුගකොළ නවයක් මත එළඟිතෙල් මිශ්‍ර කිරිබතක් පූජා කිරීමත් වැදගත්. මෙහිදී නිවෙසේ හෝ එළිමහන් තැනක පූජා කරනවා නම් පපුවට වඩා උස් තැනක් තෝරා ගතයුතුයි. එහිදී එළඟිතෙල් පාංකඩ දැමීම නුසුදුසු අතර කපුටන් එළඟිතෙල් ආහාරයට ගනිමින් කුස පුරවා ගන්නා නමුත් පහන්තිරත් ඒ සමඟ ශරීරගත වීම අකුසලයක් වෙන්න පුළුවන්.

ශ්‍රී විෂ්ණු නමස්කාර ආරාධනාව
ශ්‍රී විෂ්ණු රාජං දින ප්‍රභාවං
ශ්‍රී දේව රාජං ක්‍රතස්‍ය රූපං
ශ්‍රී අෂ්ට රූපං ගිරි මේකලාන්‍යං
ශ්‍රී රාම චන්ද්‍රං සිරසා නමාමි

සුශ්‍රිව මිත්‍රං පරමං පවිත්‍රං
සිතා කලත්‍රං නදමේඝ ගාතාං
කරුණ්‍ය පාත්‍රං ශතපත නේත්‍රං
ශ්‍රී රාම චන්ද්‍රං සිරසා නමාමි

පූජ්‍ය ආචාර්ය වල්පොල සද්ධානන්ද හිමි

SendShareShare
Previous Post

දමිත් අසංක ගැන කිංස්ලි කියන දේ

Next Post

හෙළ වෙද රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.