• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු විද්‍යාවේ සඳහන් ඍෂි මිනුම් ක්‍රම

January 9, 2021
in Astrology
Reading Time: 3 mins read
A A
වාස්තු විද්‍යාවේ සඳහන් ඍෂි මිනුම් ක්‍රම
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ සේම ඈත අතීතයේද විවිධ වූ මිනුම් ක්‍රම භාවිතා විණි. එහිදී නගර, ගම්, කුඹුරු මාර්ග, වතුපිටි වැනි දෑ මැනීම සඳහා දණ්ඩ යන මිම්මත් ප්‍රාසාද, ගොඩනැඟිලි ප්‍රාකාර වැනිදෑ මැනීම සඳහා රියන යන මිම්මත්, රථ ආදී කොට ඇති සියලු යාන වාහන මැනීම සඳහා වියත යන මිම්මත්, ගෘහ භාණ්ඩ, ආයුද ප්‍රථිමා ආදිය මැනීම සඳහා මානාංගුළියක්, ඔටුනු වැනි ආභරණ මැනීම සඳහා යව යන මිම්මත් රන්මසු, කහවණු ආදිය මැනීම සඳහා යුකා යන මිම්මත් භාවිතා වුණි. මේ බව පුරාණ වාස්තු විද්‍යා පොතපතෙහි ස්ලෝකයකින් මෙසේ දැක්වේ.

“පුරමානදී දණ්ඬේන – විමානාද්‍යාමරත්තිනා
සර්ව යාන විනසෛතව – ශනාශන මංගුලෛ”
ඍෂි භාෂිතයට අනුව වාස්තු විද්‍යාවේ පැරැණි මිනුම් ක්‍රම සිවුවැදෑරුම්ය. ඒ ඍෂි උතුමන් සිවු දෙනකුගේ මත අනුවය. ඒ මනු නම් ඍෂිවරයාගේ මිනුම් ක්‍රමයත් මෙය නම් ඍෂිවරයාගේ මිනුම් ක්‍රමයත් ත්වෂ්ටු නම් ඍෂිවරයාගේ මිනුම් ක්‍රමයත් විශ්වකර්ම නම් ඍෂිවරයාගේ මිනුම් ක්‍රමයත් ලෙසය. උක්ත ඍෂි උතුමන් සතරදෙනා බ්‍රහ්ම ඍෂින් වූ අතර මෙම ඍෂිවරුන් සතර දෙනාගේම මිනුම් ක්‍රම පරීක්ෂා කර බලා කැටිකොට වෛජයන්ත නම් වූ දිව්‍ය ඍෂි උතුමා පරමානුව මිනිස් ඇසින් හෙවත් මසැසින් නොදැකිය හැකි බවත් දිවැසට දෘශ්‍යමාන වන බවත් පවසා ඇත. එපමණක් නොව වෛජයන්ත නම් දිව්‍ය ඍෂිවරයා මෙය තවදුරටත් පැහැදිලි කරනු වස් පැරැණි මිනුම් ක්‍රම චක්‍රයක්ද ඉදිරිපත් කරයි. ඒ මෙසේය.
* පරමානු 8ක් = රජස් 1යි
* රජස් 8ක් = රෝම 1යි
* රෝම 8ක් = ලීක්ෂා 1යි
* ලීක්ෂා 8ක් = යුකා 1යි
* යුකා 8ක් = යව 1යි
* යව 8ක් = මානාංගුළි 1යි
* මානාංගුළි 12ක් = වියත් 1යි
* වියත් 2ක් = රියන් 1යි
* රියන් 5ක් = දඬු 1යි
* දඬු 2000ක් = ක්‍රෝශ 1යි
* ක්‍රෝශ 4ක් = යොදුන් 1යි

ඉහත චක්‍රයේ භාවිතා වූ පද වෙන වෙනම ගෙන ඒවාට අරුත් විමසා බලමු. රජස් හෙවත් ධූලි (දූවිලි) යනු හිරු එළිය තුළ පෙනෙනා දූවිලි අංශූන්ය. රෝම යනු කෙස් ගසක පළලය. ලීක්ෂාවක් යනු ලේඬියෙකු හෙවත් උකුණු බිත්තරයක ප්‍රමාණයය. යුකා යනු ඉකිණියට පර්යාය පදයකි. ඉකිණිය යනු උකුණාගේ ගැහැනු සතාය. යව යනු ඉකිණියන් 8 දෙනෙක් එකතුවෙන් නිර්මාණය වන ඉතා කුඩා හාල් ඇටයක ප්‍රමාණයකි. මානාංගුළි යනු විශ්වකර්ම ඍෂිතුමන්ට අනුව හොඳින් වැඩුණු පුරුෂයකුගේ දකුණු අත මැද ඇඟිල්ලේ මැද පුරුකේ දිගය. පුර්ණාචාරීන් විසින් ගොඩනගාගත් මෙම මිම්ම සම්බන්ධව පැරැණි ශ්ලෝකයක මෙසේ දැක්වේ.
‘පුංසොත්තමං දක්ෂිණ බාහු මධ්‍යමා
ඩගුලෙ ස්වපර්වායත මා නමාත්‍රකං’

තවද වියතක් යනු මහපට ඇඟිල්ලේ මුල සිට සුලැඟිල්ල අග දක්වා ඇඟිලි විහිදුවා ඇති විට ප්‍රමාණයවේ. එසේම වියත් 2ක් වූ රියන පුරාණයේදී නිවැරැදි වඩු රියන ලෙස භාවිතා විණි. එහිදී වියතක් අඟල් 7ක් සේ සැලකුණු නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට සුළු වශයෙන් වෙනස් වන බව දත යුතුය. කෙසේ වෙතත් පුරාණයේදී වියත් 2ක් ලෙස ගත් වඩු රියන අදටද ඉතාම නැවැරැදිය. වර්තමානයේ වාස්තු විද්‍යාවේ සම්මත වඩු රියන ලෙස එක් රියන් එක් වියත් සිව් අඟල් වූ අඟල් 31ක ප්‍රමාණය භාවිතා වේ. එම වඩු රියන යෝග්‍ය වනුයේ සාමාන්‍ය ජනයා සඳහාය. එය එසේ වුවද වඩු රියන ගත් කල තෙවැදැරුම්ව වර්ග කළ හැක. ඒ සාමාන්‍ය ජනයාට සුදුසු අඟල් 31ක් වූ බ්‍රහ්ම වඩු රියනත් රජ මැතිඳුන්ට සුදුසු අඟල් 32ක් වූ මහේෂ්වර වඩු රියනත් පූජනීය ස්ථාන සඳහා සුදුසු අඟල් 33ක් වූ විෂ්ණු වඩු රියනත් ලෙසය. තවද සම්මත වඩු රියන වූ අඟල් 31 ගෙන ඇත්තේ රියනක් අඟල් 18ක් සේ සලකාය. සම්මත වඩු රියන ඉහත ප්‍රමාණය වුවද මෙයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එහෙත් සම්මතය අඟල් 31 බැවින් වාස්තු විද්‍යා මිනුම්වලදී මෙම සම්මත වඩු රියන භාවිතයේ යෙදේ.

පැරැණි වාස්තු විද්‍යා පොත පතෙහි සඳහන් මානාංගුළි චක්‍රය පහත දැක්වේ.
* වියගුල් 60ක් = අඟල් 1යි
* අඟල් 7-9ක් = වියත් 1යි
* වියත් 2ක් = රියන් 1යි
* රියන් 5ක් = දඬු හෙවත් යෂ්ඨි 1යි
* රියන් 4ක් = බඹ හෙවත් දුනු 1යි
* රියන් 10ක් = වංශ 1යි
* වංශ 20/30ක් = නිවර්තන 1යි
* දඬු හෙවත් යෂ්ඨි 2000ක් = ක්‍රෝශ 1යි
* ක්‍රෝශ 4ක් = යොදුන් 1යි

තවද සිංහල ඉතා පැරැණි මිනුම් චක්‍ර කිහිපයක් පහත සැකවින් දැක්වේ.
* රජස් 1000ක් ු ලේඬිත්තො 1යි
* ලේඬිත්තො 1ක් = මාවී ඇට 1යි
* මාවී ඇට 8ක් = අගුල් 1යි
* අගුල් 1ක් = කඩතීරු 5යි
* අගුල් 10ක් = අගල් 12 1/2යි
* කඩතීරු 1ක් = අගල් 1/4යි
* නූල් 8ක් = අගල් 1/4යි
* නූල් 2ක් = අගල් 1/4යි

ඉහත චක්‍රයේ සඳහන් අගුල් යන මිම්මද වඩු රියන සේම ත්‍රිවිධාකාරය. ඒ අගල් 1 1/4 වූ මහේෂ්වර අගුල අගල් 1ක් වූ බ්‍රහ්ම අගුල් හා අගල් 1යි නූල් 3ක් වූ විෂ්ණු අගුලද ලෙසය. තවද සිංහල වඩු මිම්ම පහත ආකාර වේ.
* නූල් 2ක් = කඩතීරු 1යි
* කඩතීරු 4ක් = අගල් 1යි
* අගල් 31ක් = වඩුරියන් 1යි

පුරාණ දර මැනුම් පහත ආකාරවේ.
* අගල් 7ක් = වියත් 1යි
* වියත් 2ක් = රියන් 1යි
* රියන් 4ක් = බඹ 1යි (අඩි 6ක් – බඹ 1යි)
* රියන් 7ක් = යෂ්ඨි 1යි
* යෂ්ඨි 20ක් = ඉස්බ 1යි
* ඉස්බ 20ක් = සැතපුම් 1යි
* සැතපුම් 4ක් = ගව් 1යි
* ගව් 4ක් = යොදුන් 1යි

ඉතා දුර්ලභ ගණයේ මිනුම් රැසක් පහත දැක්වේ.
* අබ ඇට 2ක් = තල ඇට 1යි
* තල ඇට 2ක් = මුං ඇට 1යි
* මුංඇට 2ක් = යටි 1යි
* වියටි 2ක් = අගල් 1යි
* අගල් 2ක් = අගුලින් 1යි
* අගුලින් 4ක් = විශ්ගුහු 1යි
* විශ්ගුහු 2ක් = වියන් 1යි
* වියන් 2ක් = රියන් 1යි
* රියන් 2ක් = අබඩින් 1යි
* අබඩින් 2ක් = මහබඹ 1යි
* මහබඹ 2ක් = අඩදුනු 1යි
* අඩදුනු 2ක් = මහදුනු 1යි
* දුනු 100ක් = විදිලිය 1යි
* පණිවිඩ 4ක් = කම්කරු 1යි
* කම්කරු 4ක් = සුලුගව්තම 1යි
* සුලුගව්තම 4ක් = විදාන 1යි
* විදාන 4ක් = අඩගව්තම 1යි
* අඩගව්තම 4ක් = මුලුගව්තම 1යි
* මුලුගව්තම 4ක් = මහදුර යි

ඉහත දැක්වූ සියලු මිනුම් ක්‍රම පුරාණයේ ඉතා ප්‍රකටම භාවිතා වූ ඒවාය. එහෙත් වර්තමානයේ භාවිතා වන බෙටි්‍රක් ක්‍රමය පැමිණීමත් සමඟ මෙම පුරාතන මැනුම් ක්‍රම බොහෝමයක් ගුරු මුෂ්ටි වශයෙන් වැළලී අභාවයට ගොස්ය. එහෙත් අදටත් මෙහි සඳහන් ඇතැම් මිනුම් ක්‍රම භාවිතයේ යෙදේ. කරුණු කාරණා කෙසේ වුවත් මෙවැනි පුරාණ දේ සම්බන්ධව දැනුවත් වීම කාලෝචිතය.
ජ්‍යොතිෂවේදී ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

පොඩි ලැසීත් පොසිටිව්

Next Post

පළාත් සභා ජන්දය තිබ්බොත් මොනවා වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.