• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලතා මංගේෂ්කාර් ගීත කෝකිලාවියක් කළ ග්‍රහ බලය

April 1, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
ලතා මංගේෂ්කාර් ගීත කෝකිලාවියක් කළ ග්‍රහ බලය
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1929 ක්‍රි.පූ. සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා රාත්‍රි 11.50ට වෘෂභ ලග්නයෙන් ඉන්දියාවේ අනුරාෂ්ට දේශයේදී මෙලොව එළිය දුටුවේ වෘෂභ ලග්නය උදාව පවතින වේලාවේය. ලග්නයේ ගුරු තුන් වැන්නේ සඳු සිව්වැන්නේ සිකුරු පස්වැන්නේ රවි, හය වැන්නේ කුජ, බුධ, කේතු හා අටවැන්නේ ශනිත් දොළොස්වැන්නේ රාහුත් විය.

නවාංශකය කටක පළමු වැන්නේ ශුක්‍රත් දෙවැන්නේ ගුරු, සිව්වැන්නේ කුජ, බුධ, රාහුත් නව වැන්නේ සඳු දහවැන්නේ රවි, ශනි, කේතුත් විය.
රවි – හත නැකැතේ පළමු පාදය
චන්ද්‍ර – අස්ලිස නැකැතේ පළමු පාදය
කුජ – සිත නැකැතේ තුන්වැනි පාදය
බුධ – සිත නැකැතේ තුන්වැනි පාදය
ගුරු – මුවසිරස නැකැතේ පළමු පාදය
සිකුරු – මා නැකැතේ හතර වැනි පාදය
ශනි – මුල නැකැතේ පළමු පාදය රාහු – බෙරන නැකැතේ තුන් වැනි පාදය
කේතු – විසා නැකැතේ පළමු පාදය
ඉහත දක්වා ඇත්තේ ඇය උපදින විට ග්‍රහයන් ගමන් කළ නැකැත් පාදයි

මේ ග්‍රහයා සඳුගේ නැකැතක සිටිවිට ඇයට සුබපල දී ඇත. රවි ඇයව ලෝක ප්‍රසිද්ධියට පත්කර ඇත. රාජ්‍ය සම්මාන පවා ලැබී ඇත. ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර වාර්තා පිහිටුවීමටත් , රවි උපකාරි වී ඇත. රවි ග්‍රහයා උපතේදී වචනයට අධිපති බුධගේ කන්‍යා රාශියේ යෙදී ඇත.
උපතේදී ග්‍රහයා ස්වක්‍ෂේත්‍රව කටක රාශියගතව බුධ, කිවි, අස්ලිස නැකැතේ ගමන් අරඹා ඇත. සඳු, කටක රාශිගතව යෙදීම කාන්තාවකට ඉතා හොඳ පිහිටීමකි. හොඳ යහපත් ගතිගුණ ඇති වේ. කාගෙත් සිත් දිනාගෙන කටයුතු කරන්නියක් වීම සඳු තුන්වැන්නේ ඇයට විදෙස් ගමන්වලට අවස්ථාව සලසා දී ඇත.

කුජ ග්‍රහයා උපතේ සය වැන්නේ ඇත. එහෙත් වෘෂභ ලග්නයෙන් උපන් ඇයට සුබපල දෙන ග්‍රහයෙක් බැවින් කුජ සුබපල උදාකර දී ඇත. උපතේදී සය වැන්න ගතවූ බැවින් සුළු සුළු අසනීප කුඩා කල සිට සෑදී ඇති බව පෙනීයයි. කුජ, බුධ සමඟ කේතු කේන්ද්‍රයෙන් හය වැන්න ගතවීම ඇයට මිහිරි කටහඬක්ද ධන ලාභද ලබා දී ඇත.

බුධ ග්‍රහයා ජන්ම ලග්නයේ සය වැන්නත්, සඳු කේන්දරයෙහි හය වැන්නෙන් සිත නැකැතේ තුන් වැනි පාදයෙනුත් ගමන් කර ඇති බව පෙනී යයි. වෘෂභ ලග්න අයට බුධ සුබඵල ගෙනෙන ග්‍රහයෙකි. බුධ, තුලා, රාශි ගතවීම අලංකාර වස්ත්‍ර පරිහරණයට ලැබෙන ග්‍රහ බලයකි. පියකරු රූපයකටද හිමිකම් කියන ඈ බුද්ධිමත්ව කටයුතු කරන්නියක් විය. අතිවිශාල රසික රසිකාවන්ගේ සිත් ඇගේ ගායනයෙන් පිනවා ඇත.

ගුරු ග්‍රහයා උපතේ ලග්නය වන වෘෂභ රාශිගතව ඇත. ගුරු වෘෂභ ලබන අයට අසුබ ග්‍රහයෙක් ලෙසද සඳහන්ව ඇතත්, (වෘෂභයට ගුරු සතුරු වේ) එය හතර කේන්ද්‍රයෙන් එකක් වන ලග්න ස්ථාන ගතවීම එහි දෝෂ භංගයට හේතුව වී ඇත. ගුරුට ලග්න ස්ථානය සුබපල ගෙන දෙන ස්ථානයකි. එයින් ගුරුගේ අසුබ දෝෂ භංග වී ඇයව හොඳ තත්ත්වයකට පත්කර ඇති බව පෙනෙයි. සිකුරු ලග්නයේ සිව්වැන්න වන සිංහ රාශියේ සතුරුව යෙදී ඇත. නවාංශකය වන කටක නවාංශක ගතවත් සතුරු වී ඇත. සිකුරු යෝග කාරක ශනිගේ අර්ථ දෘෂ්ටියකටද ලක්ව ඇති බව පෙනේ. යෝග කාරක ශනි අර්ධ දෘෂ්ටියක් සිකුරුට හෙළා ඇත. මේ අනුව සිකුරුගේ අසුබ බලය තරමක් දුරට හෝ හීනකර ඇත. සිකුරු පීඩාවට පත්වීමත් කලාවට බලපාන සිකුරු ඇයව ලෝකප්‍රකට ගායිකාවක් කිරීමේ රහස කුමක්ද? සිකුරු ලග්න කේන්ද්‍රයෙහි සතර ගතවීමත් නවාංශක කේන්ද්‍රයෙහි ලග්නගත වීමත් බව පෙනී යයි. අපේ ලාංකීය ගායන ලොවේ සිකුරු මෙසේ මුල්ව ජයකෙහෙළි නැංවූ රූපසිංහ මාස්ටර් ප්‍රධාන පුද්ගලයෙකි. ශනි ග්‍රහයා යෝගකාරක ග්‍රහයෙක් බව ජ්‍යොතිෂය අනුව පෙනී යයි. එහෙත් තවත් තැනක වෘෂභ ලග්න අයට නව වැන්න බාධකස්ථානය වී ශනි මකරය වන එහි අධිපති වී ශනි බාධක ග්‍රහයා වන බවද සඳහන් වේ. තවද ශනි උපතේ අටවැන්න ගතවීම අසුබ බවක් දැක්වේ.

පොදුවේ ගත්කල රාහු ග්‍රහයා මෙම හඳහනේ දොළොස්වැන්න වන රවිට රාශිගතව සතුරුව යෙදී ඇත. රාහු ග්‍රහයා දොළොස්වැන්නට සුබයි යන මතයක්ද එක් තැනක අසුබයයි යන මතයන් දෙකක් වේ. 6, 8 12 පාපීන්ට සුබයි යන මතය අනුව සුබ බව තීරණය වේ. එහෙත් (මේෂ රාශියට රාහු සතුරු බවක් දක්නට ඇත.)

කේතු මෙම හඳහනේ හය වැන්නේ විය. තුලාවට කේතු සතුරුයි. කේතු හය වැන්නට සුබ ග්‍රහයෙක් බවත් සඳහන් වේ. කුඩා කල නිතර නිතර ලෙඩ රෝග සෑදී ඇතත් බොහෝ දුරට වැඩිවියට පැමිණෙත්ම නිරෝගී ශරීරයකට හිමිකම් කියන්නියකි.

මෙම තැනැත්තියට ගායිකාවක් වීමට රවි, බුධ උපකාර වී ඇති බව පෙනේ. රවි, කන්‍යාව ගතවීමත් බුධ, තුලා ගතවීමත් ඇයට අග්‍ර ගණයේ කලාකාරියක් වීමට භාග්‍යය උදාකළේය. ඇයට විදෙස්ගතව සංගීත ප්‍රසංගවලට සහභාගී වීමේ අවස්ථාව, වාසනාව උදාකර ඇත. ඇයගේ විදේශ ගමන් පෙන්වයි. තුන් වැන්නේ සඳු යෙදී ස්වක්‍ෂේත්‍රවීම විදේශ ගමන්වලට ඇයව වැඩි වශයෙන් යොමුකර ඇත්තේය.

ශනි අට යෙදීමෙන් විවාහය පමා වීමක් හෝ අවිවාහක බවද උදාකරයි. මෙහි සඳු තුන් වැන්න වීම නිතරම ඇවිදවන ග්‍රහ පිහිටීමකි. ඇය තම ජන්ම භූමිය පුරාම සංගීත ප්‍රසංගයන්ට සහභාගි වී ඇති අතර, හින්දි සිනමාවේ වැඩිම චිත්‍රපට ගීත ගායනාවක් සිදුකර වාර්තාවක් පිහටුවා ඇත. එසේම චිත්‍රපට ගීත සෑහෙන ප්‍රමාණයකට ඇයට සම්මානයන් ලැබී ඇත. ක්‍රි.ව. 1951 සිට ක්‍රි.ව. 1971 දක්වා වූ සිකුරු මහ දශාව ගතවූ කාලය ඇගේ ජීවිතයේ ස්වර්ණමය කාල වකවානුවක් වූ බව කිවයුතුයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

වජිර රාජපක්ෂලාගේ ඩීල්කාරයෙක් -මනූෂ හෙළිකරයි

Next Post

කුණුහරුප කියමින් ගහගත් වීරකැටියේ සංජය හිමි අත්අඩංගුවට: අල්ලද්දී බීමතින් ඉඳලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.