• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්න හතරකට කෙටි කසාදයද, දික් කසාදයද

February 11, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලග්න හතරකට කෙටි කසාදයද, දික් කසාදයද
Share on WhatsAppShare on Facebook

විවාහය ගැන කතා කිරීමේදී අද වන විට කාලීන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ දික්කසාදයයි. පැරැණි සමාජ රටාවට වඩා නවීන සමාජය අතිශයින්ම සංකීර්ණයි. ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයම රැකියාවේ නියැළීම දෙදෙනාගෙන් එක් අයකු විදේශගත වීම් ආදිය කැපී පෙනෙන චරිතයන්ය.
මෙවැන්නක් නිසා එන්න එන්නම යුග දිවි ගැටලු පැනනැඟීම පුදුමයක් නොවේ. මේ පිළිබඳව සොයා බැලීමේදී ලග්න 4කට පමණක් වැඩිමනත්ම දික්කසාද වන තැනට පත්වී ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න එක්තරා කුකුසකි.

විවාහය ප්‍රමාද වීම යුගදිවි අසහනය විවාහය කඩා වැටීම ආදී යුග දිවියට සම්බන්ධ කිනම් ගැටලුවකදී අහිතකර ප්‍රතිඵල අත්වන්නේ සිංහ, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට බැව් බොහෝ දෙනා ප්‍රශ්න කරති. මේ මතය එකවරම ඉවත් කිරීමට නොහැකි වන කරුණු කාරණා බොහෝ ගොනුවී ඇති බැව්ද පෙනේ.

දික්කසාද නඩු, නඩත්තු නඩුවලට වැඩියෙන්ම මැදි වන්නේ පළමු, දෙවැනි හා තෙවැනි විවාහවලට මුහුණ දෙන්නේද ඉහතකී ලග්නකරුවන් යැයි යන මතයක් සමාජගතවී තිබේ. ඒ ගැන වැඩිපුර කතා කරති.

ඉතිරි ලග්න අටට විවාහ සම්බන්ධ ඌනතා ඇති නොකරන්නේ යැයි වැරැදි මතයක් ගොඩනැඟීමද එතරම් යෝග්‍ය නොවේ. කුමන ලග්නකරුවකුට වුවත් එවන් සිද්ධියකට මුහුණ පෑමට සිදුවෙයි.

කේන්දර අති විශාල සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමෙන් පොදුවේ කරුණු කාරණා හෙළි වී තිබේ. එහිදී මේ මේ ලග්නකරුවන්ට පමණක් සීමා වන බවක් නොදක්වමු.

අපි දැන් මේ ප්‍රශ්නය ගැන කල්පනා කර බලමු. සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න තිර රාශීන්ය. මකරය චර රාශියකි. සිංහයේ 7 වැන්න අධිපති ශනිය, සිංහ ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයන් තෝරා ගැනීමද අපහසුය. කුජ යෝගකාරකයා වෙයි. එහෙත් 9 වැන්නාධිපති මෙන්ම බාධක ස්ථානාධිපති බැවින්ද කුජගේ අසුබ පල ලැබෙන අවස්ථා වැඩිය. 5 සහ 8 අධිපති නිසා ගුරුගෙන් සිංහ ලග්න හිමියාට අයහපත් ප්‍රතිඵල අත්වෙයි. ධනාත්මක නොවේ. බුධ හා ශුක්‍ර පාපීන්ය. ශනි 7 වැන්නේ සිටීමෙන්ද සස යෝගය නිසාද සිංහ ලග්න හිමියාට යහපතක් වී නැත. ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර, සතුරු නීච, රාශියක සිටියත් විවාහය ගැන සෙවීමේදී සෙනසුරා සෙනසුරාම බැව් අමතක කළ නොහැකිය. අත්දැකීම් අඩු, ඉක්මන් තීරණ ගැනීම අන්‍යයන් කෙරෙහි අනිසි විශ්වාසය තැබීමත් නිසා අමාරුවේ වැටී සිටින සිංහ ලග්න හිමියන් කොතෙකුත් ඇත.

වෘශ්චික ලග්නයට 7 අධිපති ශුක්‍රයයි. 12 අධිපතිය. බුධ, කුජ, ශුක්‍ර පාපීන්ය. ලග්නාධිපති වුවද 6 වැන්නද අධිපති නිසා කුජ පාප ගණයට අයත් වෙයි.

ගුරු – සඳු සුබයි. විවාහයේදී අනෙකා පාලනය කිරීම අධික ආත්මාර්ථකාමීත්වය, තමාගේ නියෝග අන්‍යයන්ට නිකුත් කිරීම ඉක්මන් කෝපය, හදිසි තීරණ ගැනීම, වෘශ්චික ලග්න හිමියන්ගේ කැපී පෙනෙන දුර්වල ගති ලක්‍ෂණයන්ය.

මකර ලග්නයට 7 අධිපති සඳුය. කුජ, ගුරු, සඳු පාපීන්ය. ලග්නාධිපති වුවත් සෙනසුරු මාරක ඵලගෙන දෙයි. මකර ලග්න හිමියාට ඉඩ ලද හැම විටම අසුබ ඵලගෙන දෙනු ඇත. දැඩිම ආත්මාර්ථකාමී බවක් මකර ලග්න හිමියන් සතුය. දැඩි ලෝභීය. අන්‍යයන් ගැන අවදානම අඩුයි. මුදල් මතම යැපෙයි. තමා ගැනම සිතා ක්‍රියාකරන චරිතයකි.

අන්‍යයන් යටත්කර ගැනීමටත් දැඩි ලෙස ලෝභකමත්, මුදල් මතම යැපෙන වගත් සුළු කරුණු ලොකුවට පෙන්වීමත් යටින් පළිගැනීමත් සැකයෙන් බැලීමත් යන දුබලතා කැපී පෙනේ.
ලග්න 12න්ම සුවිශේෂිත ලග්නයකි මකර

බුධ, ශුක්‍ර සුබ වුවත් යුග දිවියට යහපත් නැත. මකර ලග්නකරුවාට මකර කාන්තාව පිරිමි වහා තමා වෙතට ආකර්ෂණය කරගැනීමට සමත්ය. ඒ කිසිවක් නොව මුදල් අවශ්‍යතා මතයි. මකර ලග්න හිමියා සියල්ලම මනින්නේද මුදල් හරහාය.

කුම්භ 7 වැන්නාධිපති රවිය. ගු-ච-කු පාපීන්ය. ශුක්‍ර සුබයි. බාධක දෙන වූ 9 වැන්නාටද අධිපතිය. තනිව විවේකීව වාසය කරයි. අන්‍යයන්ගේ සිත් වංචාසහගතව දිනා ගැනීමට අසමත්ය. තෝරාගත් කිහිප දෙනෙක් සමඟ මිත්‍රකම් පවත්වති. ඉදිරිපත් වීමේ ගතිය අඩුයි. අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට අසමත්ය.

මෙවන් කරුණු කාරණා මත ඉහත සඳහන් ලග්න හතරට විශේෂයෙන්ම විවාහ කටයුතු පිළිබඳ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වන්නේ උත්පත්ති ග්‍රහ හැසිරීම හරහා බැව් පැහැදිලිය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

වැලන්ටයින් දා එස්.බී-යාපා-ඩිලාන්-විජිතමුණි ශ්‍රිලනිපයෙන් පන්නයිද?

Next Post

ද්වාරකා ගල්කිස්සේ විවෘත වේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.