ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් හට අවසන් විනය පරීක්‍ෂණ සදහා දින 2ක් වෙන්කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 14, 15 දිනවල මෙම සිවුදෙනා කැදවා විනය පරීක්ෂණයේ අවසන් වටය පැවැත්වීමට තීන්දු කර තිබේ.
යම් හෙයකින් ඔවුන් විනය පරීක්ෂණයෙන් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට එරෙහිව නීති පියවර ගැනීමටද ශ්‍රීලනිපය සැලසුම් කර ඇත.










