• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බහින කලාවට තිත තියපු වාස්තු රහස

November 29, 2019
in Astrology
Reading Time: 1 min read
A A
බහින කලාවට තිත තියපු වාස්තු රහස
Share on WhatsAppShare on Facebook

කිරුළ පලඳින්නට රජෙක් නොමැති තැන රැජනකට කිරුළ හිමිවෙයි. ජනක වාණිජ උපාධිධාරියෙක් වුවත් ඔහුට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. ගෙදර බර කරට අරගෙන ජීවිතේ ඇදගෙන ගියේ රසිකාට ලැබුණු ආදායමෙන්. රසිකා කේක් සෑදීමට සහ ළමා සහ කාන්තා ඇඳුම් මැසීමට දක්‍ෂ තැනැත්තියක් ලෙස ප්‍රදේශයේ නමක් දිනාගෙන තිබුණා. රසිකා දරුවෝ දෙන්නගෙත් වැඩ කරගෙන ඇඳුම් මැසීමේ සහ කේක් සෑදීමේ කටයුතු කරගෙන ගියේ පුදුමාකාර ධෛර්යයකින්. ජනක තමන්ට පුළුපුළුවන් විදියට බිරියගේ වැඩවලට උදව් වුණා. විවාහ වුණු දා පටන් අවුරුදු එකොළහක් කුලී නිවෙස්වල ඔවුන්ගේ ජීවිත ගතවුණා. ගෙවල් මාරු කරමින් දරුවෝ එක්ක තැනින් තැනට යන ජීවිතේ රසිකටයි, ජනකටයි එපාවෙලා තිබුණේ. ඉතිරිකර ගත්ත මුදලකින් ඉඩමක් මිලදීගෙන බැංකු ණයක් අරගෙන නිවෙසක් ඉදිකිරීමට රසිකා පටන් ගත්තා. හම්බ කරපු මුදලුත් යොදවලා අවුරුදු දෙකක් යද්දී නිවෙසේ ඉදිකිරීම් අවසන් කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කුලී නිවෙස්වල ගතකළ දසකයක කාලයක් ගතකරපු ජීවිතයට සමුදීලා අලුත් ගෙදර පදිංචියට ගිය දවසේ ජීවිතයේ නැග්ම පටන්ගත්තා කියලා රසිකයි ජනකටයි හිතුණා කියලා නිවෙසේ වාස්තු පරීක්‍ෂා කරන්න ගිය දවසේ ඔවුන් මා එක්ක කිව්වා.

හිතුව විදියට නම් ජීවිතයේ නැග්මක් නම් ඇතිවුණේ නැහැ. පසුබැස්මක් පමණයි. රසිකා හදිසියේම රෝගාතුර වුණා. රසිකාට ස්නායු ආබාධයක් ඇති වුණා. රසිකාගේ වැඩිමල් දියණිය අධ්‍යාපන කටයුතුවලින් බැහැර වන්නට වුණා. පවුලට ශක්තියක් වෙච්ච රසිකාගේ රෝගාතුර වීම නිසා ආදායම් ඇනහිටියා විතරක් නෙවෙයි ජනකයි, දරුවෝ දෙන්නයි පුදුමාකාර විදියට අසරණ වුණා. රසිකට ප්‍රතිකාර සඳහා යන්න වෙන නිසා ජනකට රැකියාවක නිරත වෙන්න නොහැකි වුණා. නිවෙසේ වාස්තු පරීක්‍ෂා කරන්න ජනක හිතුවේ මේ හේතු නිසා. නිවෙසියන්ගේ කඩාවැටීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු නිවෙසේ සහ ඉඩමේ තිබූ වාස්තු දෝෂ පහදාදී දෝෂ ඉවත් කිරීමෙන් සාර්ථක වීමට මා උපදෙස් දුන්නේ මෙලෙසයි.
දිශාගත ප්‍රධාන දොර සහ මුළුතැන්ගේ දොර

සෑම නිවෙසකටම ඇතුළු වීමේ දොරටුවක් මෙන්ම පිටවීමේ දොරටුවක්ද පැවැතිය යුතුය. විශේෂයෙන් නිවෙසට ඇතුළු වීම සඳහා නිවෙසේ ප්‍රධාන දොරත්, පිටවීමට කුස්සියේ දොරත් භාවිත කළ යුතුය. මෙම නිවෙසේ ප්‍රධාන දොර සහ කුස්සියේ දොර එකම දිශාවට පැවතියේය. මෙය බරපතළ දෝෂයකි. මෙවැනි නිවෙස් පල නොදේ. ප්‍රධාන දොර කොතරම් සුබ පාදයක තැබුවත් පලක් නෑ. වාස්තු පුරුෂයා ඔළුවෙන් සිටවූවා සේ පවතින්නා වූ මෙවැනි නිවෙස් දිනෙන් දින පරිහානියට පත්වෙයි. හිස ආශ්‍රිතව සහ ස්නායු රෝග ඇති වෙයි. ඔළුවේ ගිනිමැළයක් තැබීමට සමාන කළ හැකිය. ජීවිතයේ සමබරතාව බිඳී යයි. සතුට නැති එක තැන පල්වෙන ආකාරයේ ජීවිත නිර්මාණය වෙයි. කුස්සියේ දොර ගලවා වෙනත් දිශාවකට තැබීමෙන් දෝෂය ඉවත් කිරීමට හැකිය.

බ්‍රහ්ම පාදය පීඩා කළ අහසට විවර වූ කොටස
මෙම නිවෙසේ නිවාස සැලසුම් මුලින් පැවතියේ කොට්යාඞ් එකක් පමණි. නමුත් නිවෙස තුළ අලංකාර කිරීම සඳහා අභ්‍යන්තර ගෘහ අලංකාරය පිණිස කොට්යාඩය තරමක් විශාල කොට මැද මිදුලක් ලෙස සකස් කොට තිබිණි. එමඟින් බ්‍රහ්ම පාදය පීඩාවට පත්විය. මෙය නිවැසියන්ගේ ඉණෙන් ඉහළ විශේෂයෙන් හිසෙහි රෝගාබාධ ඇති කිරීමට හේතු වෙයි. මිදුල ආසන්නයේ බ්‍රහ්ම පාදය පිහිටීම ජීවිත එළියට විසි කිරීමට සමාන වෙයි. එනිසා මැද මිදුල සාලයේම කොටසක් වන ලෙස සකස් කළේය.

වයඹට පැවති ඉඩමේ බස්නාව
මෙම ඉඩමේ වර්ෂා අවස්ථාවලදී වැසි ජලය ගලාගෙන ගොස් ඉඩමෙන් පිටවූයේ වයඹ දිශාවෙනි. මාගේ පරීක්‍ෂණ සහ අත්දැකීම් අනුව පෙනී ගොස් ඇත්තේ එවැනි ඉඩම්වල ජීවත් වන කාන්තාවන් බොහෝ කරදර, ලෙඩ-දුක්වලට මුහුණ පෑමට සිදුවන බවයි. මෙම දෝෂය මඟහැරවීමට ඉඩමේ බස්නාව නිවැරැදිව දිශාගත කිරීමට නොහැකි බැවින් කානු පද්ධතියක් මාර්ගයෙන් වැසි ජලය ඉඩමටම උරාගැනීමට සැලැස්වීමෙන් දෝෂය ඉවත් කිරීමට හැකිවිය.
නිවෙසේ සහ ඉඩමේ පැවැති මෙම වාස්තු දෝෂ සියල්ල නිරාකරණය කිරීමෙන් පසු රසිකා රෝගී බවින් මිදී ව්‍යාපාරය නැවත ආරම්භ කර සාර්ථකත්වයට පත්විය. වැඩිමල් දියණිය මවගේ ව්‍යාපාර කටයුතු සඳහා නොමඳ සහායක් ලබාදෙයි. ජනකට උගත්කමට සරිලන හොඳ රැකියාවක් හිමිවිය.

වාස්තු විද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

නිතර ඇවිළෙන බච්චන් – ඛාන් සීතල යුද්ධය

Next Post

සල්ලි ගිලපු MH – 17

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.