• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පාප ග්‍රහයොත් නරකම නැහැ

May 1, 2021
in Astrology
Reading Time: 1 min read
A A
පාප ග්‍රහයොත් නරකම නැහැ
Share on WhatsAppShare on Facebook

පාප ග්‍රහයෙක් අසුබ ග්‍රහයෙක් විදිහට හිතන්නයි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. ඇත්තම කිව්වොත් ගොඩාක් ජනතාව මේ කාරණය ගැන හරි අවබෝධයක් නැතිව නිකරුණේ බයවෙලාද කියලත් හිතෙනවා. ජ්‍යොතිෂය ගැන යන්තමින් එහෙන් මෙහෙන් දැනගන්තාම තමන්ගෙ පාප ග්‍රහයෝ ගැනත් ඒ විදිහට යන්තමින් දැනගෙන නිකරුණේ බයවෙන අවස්ථා තමයි වැඩිපුරම දකින්න තියෙන්නෙ. එනිසා ඔබ පාප ග්‍රහයෝ ගැන ටිකක් හොඳින් දැන සිටීම වැදගත් කියලා හිතෙනවා.

ජ්‍යොතිෂයේදී නෛසර්ගික පාප ග්‍රහයන් විදිහට හඳුන්වන රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයන් තමන්ගේ දශා කාලය තුළදී අපට යහපත උදාකරලා දෙන අවස්ථාද හමුවෙනවා. එසේ වන්නේ ඒ ඒ ජන්ම පත්‍රවලදී ඒ ඒ ග්‍රහයන්ට හිමිවන රාශි අධිපතිත්වය නිසයි.

මේෂ ලග්න ජන්ම පත්‍රයක රවි ග්‍රහයාට හිමිවන්නේ පස්වැනි රාශියයි. පස්වැන්න ත්‍රිකෝණ ස්ථානයක් හැටියටයි සලකන්නේ. ත්‍රිකෝණ ස්ථානයක් කියන්නේ ජන්මියාට සුබපල ගෙනත් දෙන තැනක්. මේෂ ලග්න හිමියාට පස්වැන්න අධිපති තමයි රවි. එනිසා උපතින්ම පාපියෙක් හැටියට සලකන රවි මේෂ ලග්න හිමියාට පාපියෙක් නෙවෙයි. රවිගේ දශා අතුරු දශාවලදී මේෂ ලග්න හිමියාට ලැබෙන්නේ සුබපලයි.

ජන්ම පත්‍රයක 1, 4, 7, 10 කේන්ද්‍ර ස්ථාන ලෙස හඳුන්වනවා. කේන්ද්‍ර ස්ථානයක් පාප ග්‍රහයකුට අයිති වෙනවා නම් එම ග්‍රහයා එම ජන්ම පත්‍රයට සුබ ග්‍රහයෙක් හැටියට ක්‍රියා කරනවා. මේ අනුව වෘෂභ ලග්න හිමියාගේ හතර වැන්න වන සිංහ රාශිය, රවිට අයත් නිසා රවි, වෘෂභ ලග්නයට සුබ ග්‍රහයෙක් වෙනවා.

ජන්ම පත්‍රයක 1, 5, 9 ස්ථාන ත්‍රිකෝණ ස්ථාන ලෙස හඳුන්වනවා. කේන්ද්‍රස්ථානයකත් ත්‍රිකෝණස්ථානයකත් අයිතිය එකම ග්‍රහයකුට අයිති වෙනවා නම් එම ග්‍රහයා යෝගකාරකයා වශයෙන් හඳුන්වනවා. යෝගකාරක ග්‍රහයා කේන්දර හිමියාට සුබපල ගෙනැත් දෙන බවත් පැවසෙනවා. පාප ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා ඒරාෂ්ටක පවා ගෙනදෙන ප්‍රබල පාප ග්‍රහයකු හැටියටයි සලකන්නේ. ඒත් වෘෂභ ලග්න කේන්දරයක ත්‍රිකෝණස්ථානය වන නව වැන්න වන මකර රාශියත් කේන්ද්‍රස්ථානයක් වන 10 වැන් වන කුම්භ රාශියත් යන ස්ථාන දෙකම අයිති වන්නේ සෙනසුරුටයි. ඉතින් වෘෂභ ලග්න කේන්දරයක සෙනසුරු යෝගකාරකයා වෙමින් හැකි සෑම විටකම ජන්මියාට සුබපල ලබාදීමට කටයුතු කරනවා.

මිථුන ලග්න හිමියාට සෙනසුරු සුබපල ගෙන දෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි ස්ථානයක් වූ අටවැන්නේ අධිපතිකම දැරීම නිසයි. කටක ලග්න හිමියාගේ ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්නත්, කේන්ද්‍රස්ථානයක් වූ 10 වැන්නත් අයිති වන්නේ කුජ ග්‍රහයාටයි. මේ අනුව උපතින්ම පාපියකු වූ කුජ කටක ලග්න හිමියාට සුබපල ගෙනත් දීමට ක්‍රියා කරනවා.

සිංහ ලග්නයේදී කුජ ග්‍රහයාට කේන්ද්‍රස්ථානයක් වූ හතර වැන්නත්, ත්‍රිකෝණස්ථානයක් වූ නව වැන්නත් අයිති වෙනවා. මේ අනුව උපතින්ම පාප ග්‍රහයකු හැටියට සලකන කුජ සිංහ ලග්න හිමියන්ට සුබපල ලබා දෙනවා. කන්‍යා ලග්නයේදී මේ කුජ ග්‍රහයාට අටවැන්න අධිපතිකම ලැබීම නිසා ක්‍රියා කරන්නෙ පාපියකු හැටියටයි.

තුලා ලග්න හිමියන්ටත් සෙනසුරු සුබපල ගෙනැත් දෙන්න බලනවා. තුලා ලග්න කේන්දරයේ හතරවැන්න වූ මකර රාශියත් ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්න වන කුම්භ රාශියත් යන දෙකම අයිති වන්නේ සෙනසුරුටයි. එනිසා ඔවුන්ටත් සුබපල උදාකරනවා. වෘශ්චික ලග්න කේන්දරවලද හතර වැන්න අධිපතිකම දැරීම නිසා සෙනසුරු සුබපල ගෙනදෙන්නකු ලෙස ක්‍රියා කරනවා.
ධනු ලග්න හිමියාට රවි නව වැන්න අධිපතිකම දැරීම නිසා සුබපල ගෙනදෙනවා. මකර ලග්න කේන්දරයේ රවිට හිමිවන්නේ අට අධිපතිකම නිසා සුබපල ගෙනදෙන්න පුළුවන්කමක් නැහැ. කුජ ග්‍රහයා මකර ලග්න හිමියාට සුබපල උදාකරන්න බලන්නේ හතර වැන්න අධිපතිකම නිසයි. කුම්භ ලග්නයේදී කුජ ග්‍රහයා සුබපල උදාකරන්නේ 10 වැන්නේ අයිතිය නිසයි. ඒ වගේම මීන ලග්නයේදී නව වැන්නේ අධිපතිකම නිසාත්, සුබපල ගෙනදීමට ක්‍රියා කරනවා.

මෙයින් තේරුම්ගත යුතු වන්නේ අසුබ ග්‍රහයකුගේ දශාවක්, අතුරු දශාවක් ආදිය ගෙවෙනකොට හොඳ නෑ අසුබයි කියලා නොසිට ඒ ඒ ග්‍රහයන්ගේ සුබ කාල දැනගෙන තමන්ගේ වාසනාව උදාකර ගැනීමට උත්සාහ කිරීමයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

‘සන්තෝසෙන්’ කිව්වේ තහරකට නෙවෙයි

Next Post

කොණ්ඩෙත් දිගයි – බැල්මත් හැඩයි කුමාරියක්ම තමයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.