• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පවුල් පිටින් පාරට වට්ටන මාර්ගවේදය

May 30, 2020
in Astrology
Reading Time: 1 min read
A A
පවුල් පිටින් පාරට වට්ටන මාර්ගවේදය
Share on WhatsAppShare on Facebook

ජීවිතයක් අසාර්ථක වුණාම බොහෝ දෙනෙක් සමාජයෙන් කොන් වෙනවා. ඔවුන් දිහා හැමෝම බලන්නේ හොඳ ඇහැකින් නොවේ. අසාර්ථක වෙච්ච මිනිසුන්ට ජීවිතය එපා වෙනවා. හෙට දවස ගැන අනියත බියක් ඇති වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම. සියදිවි නසාගැනීම කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරක් නම් නෙවෙයි. ප්‍රශ්නවලින් පැරැදී ජීවිතයෙන් පලායෑමක්. ප්‍රශ්නවලින් පැනලා යන්නැතිව ගැටලුවලට පිළිතුරු හොයාගෙන ජීවිතය ජයගන්න ඕන. එවිට අපට ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්. එවන් මිනිසුන් නිරන්තරයෙන් අපට හමුවෙනවා. සියදිවි නසාගන්න පොලඹවන වාස්තු දෝෂ සහ අසාර්ථකත්වයට පත්ව ජීවිත මහපාරට ඇද දමන මාර්ග වේද දෝෂය ගැන අපි අද උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.

අද අප කතා කරන නිවෙසේ ගෘහමූලිකයා වෘත්තියෙන් නගර නිර්මාණ කරන ශිල්පියෙක්. ඔහු කලක් විදෙස්ගතව රැකියාව කර පසුව රජයේ ආයතනයක සේවය කළා. රැකියාවට අමතරව තම පියා ආරම්භ කළ නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීම් ආයතනයක් ඔහු සතුවිය. නව නිවෙසක් ඉදිකොට එහි පදිංචි වන විට ඔහුගේ බැංකු ගිණුම්වල ඉතුරුම් වශයෙන් විශාල මුදලක් පැවැතිණි. ඊට අමතරව හොඳින් ලාභ ලබන ව්‍යාපාරයක්, යාන-වාහනවලින් යුතු ගෘහමූලිකයා ශක්තිමත් ආර්ථික තත්ත්වයක පසුවිය. නිවෙසේ පදිංචි වී වසරක් පමණ ගතවන විට නොසිතූ පරිදි ඉදිකිරීම් වැඩබිම්වල විවිධ ගැටලුසහගත තත්ත්වයන් ඇති වුණි. කලට වේලාවට වැඩ කිරීමට නොහැකි වීමෙන් ව්‍යාපාරය පාඩු ලබන්නට විය. ප්‍රථමයෙන් ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා ඉතිරුම් ගිණුම්වල තැන්පතු මුදල් ලබා ගැනුණි. එම මුදල්ද ප්‍රමාණවත් නොවූ නිසා වාහන එකින් එක විකුණා මුදල් ලබා ගත්තේය. අවසානයේ විශාල මුදලක් ගෘහමූලිකයා ණය වී තිබිණි. ණය ගෙවා දැමීමට නොහැකිව ණයකරුවන් ගෘහමූලිකයා සොයා පැමිණීම නිසා දැඩි මානසික පසුබෑමකට ලක්ව කිහිපවරක්ම දිවිනසා ගැනීමට ඔහු උත්සාහ කර තිබිණි. නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු වූයේ මෙම තත්ත්වයයි. එවන් තත්ත්වයක් උද්ගත වීමට හේතු වූ නිවෙසේ සහ ඉඩමේ තිබූ වාස්තු දෝෂ සහ ඒවාට යෙදූ පිළියම් මෙසේය.
ප්‍රධාන දොර කෙළින්ම තුන්මං හන්දියක් පැවතීම
ප්‍රධාන දොර කෙළින් තුන්මං හන්දියක්, ගේට්ටු පැවැතීම මාර්ගවේදයට අයත් ප්‍රධානතම වාස්තු දෝෂයි. මාර්ගවේද යනු ප්‍රවේශ මාර්ග නිසා හටගන්නා වාස්තු දෝෂයි. තවදුරටත් විග්‍රහ කළහොත් වේද වීම යනු යමක් තවත් දෙයකට එක එල්ලේ පිහිටීම, සමාන්තර පිහිටීමයි. උදාහරණයක් වශයෙන් පුද්ගලයන් දෙදෙනෙක් එකිනෙකා මුහුණට මුහුණ බලාගෙන සිටීම දැක්විය හැකිය. හරියටම මෙම නිවෙසේ ප්‍රධාන දොර කෙළින් තුන්මංසලක් සහ ගේට්ටුව පිහිටා තිබිණි. ගෘහමූලිකයාට ඉතාම අසුබ පල උදාකරන පිහිටීමකි. නිවෙසේ පදිංචි වී කලක් ගතවන විට නිවෙසියන් පාරට ඇද වැටෙන තත්ත්වයක් ඇති වෙයි. මානසික සැනසීම නැතිවී උමතු වූවන් සේ, ඉබාගාතේ යන ජීවිත නිර්මාණය වෙයි. කොතරම් සුබ පාදයක ප්‍රධාන දොර උළුවස්ස පිහිටා තිබුණද පල නොදේ. සමාජයෙන් එල්ල වන විවිධ ප්‍රශ්න කරදරවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවෙයි. කායික, ආර්ථික, මානසිකව සියලු දේ පිරිහීමට ලක්කරයි. ප්‍රවේශ මාර්ගය වෙනස් කිරීමෙන් හෝ ප්‍රධාන දොර වෙනස් කිරීමෙන් මාර්ගවේද දෝෂය ඉවත් කළ හැකිය.
නිවෙස සමචතුරස්‍රාකාර වීම
නිවෙසක දිග – පළල අතර වෙනස අවමය අඩි 5යි අඟල් 6ක් විය යුතුය. එසේ නොමැති නම් සමචතුරස්‍ර නිවෙසක් ලෙස සැලකෙයි. මෙම නිවෙසේ දිග – පළල අතර වෙනස අඩි 4කි. සමචතුරස්‍ර නිවෙසක් තුළ මළ මිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. කිසිදු සතුටක් නොමැති ජීවිත ඇති වෙයි. දිනෙන් දින ලෞකික ජීවිත පිරිහී කලකිරීමෙන්, දැඩි මානසික පීඩනයකින් නිවැසියන් දිවි ගෙවයි. ජීවිතය අන්තයටම කලකිරී සමහරුන්ට මතකය අඩු වෙයි. සියදිවි නසාගන්නට පෙලඹෙන්නන් මෙවැනි නිවෙස්වල බහුලය. නිවෙසේ දිග පැත්තට අඩි 4 කොටසක් එකතු කිරීමෙන් සමචතුරස්‍ර දෝෂය මෙම නිවෙසින් ඉවත් කළේය.
නිවෙසේ මුල්ලකට හසුවන සේ ළිඳ ඉදිකොට තිබීම
හතරැස් කඩදාසියක් සිහියට නඟාගන්න. එහි මුළු හතර යා කරමින් කතිරයක් ගැසුවා යැයි උපකල්පය කරමු. කඩදාසියේ මුළු කපාගෙන රේඛා ගමන් කරන ආකාරය හොඳින් බලන්න. මෙලෙස නිවෙසක මුළුවලට හසුවන ආකාරයට ළිඳක් සෑදීම ඉතා අසුබ වෙයි. කොතරම් ධන සම්පත් තිබුණද ජීවිතයේ හිස්බවක් ඇති වෙයි. ජීවිතය වරින්වර කඩාවැටේ. ලැබීම්වලට බාධා පැමිණේ. නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් මුළු වෙනස්වීම නිසා දෝෂය ඉවත්විය. නිවෙසේ පැවැති වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසු ව්‍යාපාර සහ ගෙහිමියාගේ මානසික තත්ත්වය යහපත් විය. ඔබ සැමට තෙරුවන් සරණයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

ලෝක ස‌ෞඛ්‍ය සංවිධානයේ ප්‍රබලයෙක් සජිත් හමුවන්න එයි (VIDEO)

Next Post

මහින්ද සිරස තෝරගත්තෙ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.