ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ සිදු විය.
ඒ අවස්‍ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන ,සහ තුසිතා විජේමාන්න යන දෙපලද එක්ව සිටියහ.
ජනතාවාදී සෞඛ්‍ය ක්ශෙත්‍රයක් ගොඩ නැගීමත් නව තාක්ෂණික ශක්තීන් ඉවහල් කර ගැනීමත් මෙහිදී සාකච්ඡාවට ගැනුනි.
සමගි ජන බලවේගයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ තවත් පියවරක් ලෙසද මේ අවස්‍ථාව ප්‍රයෝජනයට ගැනේ.










