• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තුන් කුලුඳුලේ විවාහ රහස්

November 17, 2019
in Astrology
Reading Time: 1 min read
A A
තුන් කුලුඳුලේ විවාහ රහස්
Share on WhatsAppShare on Facebook

විවාහයට පෙර ජන්ම පත්‍ර පරීක්‍ෂාව පුරාණයේ සිටම පැවත එන්නකි. එහිදී විවිධ ක්‍රම න්‍යායන් ඔස්සේ ස්ත්‍රී ජන්ම පත්‍රයට පුරුෂ ජන්ම පත්‍රය ගැළපේ දැයි විමසා බැලේ. මෙහිදී විශේෂයෙන්ම පොරොන්දම් පරීක්‍ෂාවට මූලිකත්වය හිමි වෙයි. පොරොන්දම් හෙවත් කූට පරීක්‍ෂාවේදී පරීක්‍ෂා කරනු ලබන පොරොන්දම් ගණනාවකි. ඒ අතර, දස පොරොන්දම, එකොළොස් පොරොන්දම, විංශති හෙවත් විසි පොරොන්දම, අෂ්ටකූට හෙවත් අට පොරොන්දම මූලිකව විමසා බැලුවද ඊටත් පරිබාහිරව ගුරු කුල වශයෙන් විමසා බලන පොරොන්දම් ලෙස පරාශර ඍෂි උතුමන් හඳුන්වා දුන් සුදර්ශණ චක්‍රය, අය වර්ග පොරොන්දම, යෝගිනී පොරොන්දම, චන්ද්‍ර නක්‍ෂත්‍රාධිපති හෙවත් චන්ද්‍ර යෝග පොරොන්දම, එක දින පොරොන්දම ආදී කොට ඇති පොරොන්දම් වර්ග හුවා දක්වාලිය හැකිය.

සාමාන්‍යයෙන් මෙකී පොරොන්දම වර්ග ගළපාලීම තුළින් පමණක්ම විවාහ පත්වන දෙදෙනා හොඳින් ගැළපේද? ඔවුන්ගේ ඉදිරි විවාහ ජීවිතය සාර්ථක වේද? සැපවත් වේද? යන්න නිවැරැදිව තීරණය කළ නොහැකි බව අත්දැකීම් බහුල, පළපුරුදු, උගත් ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂවේදිනියන් හොඳාකාරවම දනී. ඒ උක්ත පොරොන්දම් වර්ග සියල්ලටම පරිබාහිරව දෙදෙනාගේම ජන්ම පත්‍රවල තවදුරටත් සලකා බැලිය යුතු ගැළපීම්ද විශේෂ වූ විවාහ දෝෂද වන බැවිනි. එලෙස සලකා බැලිය යුතු විවාහ දෝෂ අතර, කුජ දෝෂය, භෞම දෝෂය හෙවත් මඩිගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, ශනි මංගල දෝෂය, සිකුරු මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය, තුන් කුලුඳුල් දෝෂය, නාශාංශක දෝෂය, කුජ රාහු දෝෂය, ශනි රාහු දෝෂය, ඒරාෂ්ටක අපල දෝෂය, සමදශා ලැබීමේ දෝෂය හෙවත් කඩහංදි දෝෂය, යුජී වර්ග විභාගය, ස්ත්‍රී මර යෝග, පුරුෂ මර යෝග මෙන්ම දරුඵල විමර්ශනය සඳහා ස්ත්‍රී කේන්දරයට ක්‍ෂේත්‍ර ස්ඵුට ගණනය හා පුරුෂ කේන්දරයට බීජ ස්ඵුට ගණනය යන ක්‍රමයෙන් හදුන්වාදිය හැකිය. මෙකී දෝෂ අතරින් විශේෂයෙන් භෞම දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, ශනි මංගල දෝෂය, සිකුරු මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය වැනි විවාහ දෝෂ භංග වන පිහිටීම්ද ජ්‍යොතිෂයේම සඳහන් වෙයි. මේ නිසා උගත් ජ්‍යොතිෂවේදීන්, ජ්‍යොතිෂවේදිනියන් ජන්ම පත්‍රවල පොරොන්දම් පරීක්‍ෂාවේදී එම දෝෂ භංගයන් පිළිබඳවත් අවධානය යොමු කරයි. කෙසේ නමුත් මූලික විමර්ශනය ලෙස මෙකී සියල්ල පරීක්‍ෂාවට ප්‍රථම දෙදෙනාගේ ජන්ම පත්‍ර දෙක අන්‍යෝන්‍ය වශයෙන් ගැළපේද? යන්න හොඳින් විමසා තහවුරු කරගත යුතුය. එහෙත් මේ සියල්ල ගැළපුණද, විවාහ පත්වන දෙදෙනා ප්‍රදේශ දෙකක, පරිසර දෙකක විවිධ සිරිත්-විරිත්, සංස්කෘත රාමු තුළ හැදී වැඩුණු අය බැවින් අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය හා විශ්වාසය විවාහ ජීවිතය සාර්ථකව, ප්‍රීතිමත්ව ගළපාගෙන ජීවත් වීමට ඉතාම අත්‍යාවශ්‍යය. එසේම එහිදී ආදරයටද, අවංකභාවයටද, සත්‍යවාදී බවටද විශේෂ ස්ථානයක් හිමිවෙයි.

කරුණු කාරණා එසේ වුවත් ඉහත සඳහන් කළ විවාහ දෝෂ අතරින් වර්තමානයේ විවාහ දෝෂයන් නොවන තරමටම පත්ව ඇති විවාහ දෝෂයකි තුන් කුලුඳුල් දෝෂය. විශේෂයෙන් අතීතයේ නොදියුණු නීතිමය වටපිටාවක් පැවති කාලවකවානුවල නිධාන ලබා ගැනීම සඳහා පැවැත්වූ බිලි පූජා ආදියේදී තුන් කුලුඳුල් දරුවන් ඒ සඳහා යොදා ගැනීම සිදුවිණි. එහෙත් වර්තමානයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ප්‍රදේශ මෙන්ම ස්ථාන ආරක්‍ෂා කර ඇති නිසාත්, ගුරු මුෂ්ටි සැඟවීම නිසාවෙන් ගුප්ත විද්‍යාව ඉහළටම උගත් අය නොමැති වීම නිසාත්, රටේ බලපැවැත්වෙන අපරාධ සම්බන්ධ නීතිය ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසාත් එදා අතීතයේදී මෙන් අද වර්තමානයේ තුන් කුලුඳුල් දෝෂය දෝෂයක් සේ සලකා ඊට බිය විය යුතු නැත. තුන් කුලුඳුල් දෝෂය යෙදෙන ක්‍රම කිහිපයක් ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වෙයි.
එය මෙසේය.

පවුල් දෙකක වැඩිමල් දරුවන් දෙදෙනෙක් අතර සිදුවන විවාහයෙන් බිහිවන පළමු දරුවා තුන් කුලුඳුල්ය.
විවාහපත්වන තරුණයා හා තරුණිය පවුලේ වැඩිමලා වී දෙදෙනාගේම මවුපියන්ද ඔවුනොවුන්ගේ පවුල්වල වැඩිමලුන් වීම. මෙවැනි අවස්ථාවක විවාහපත්වන යුවළට ලැබෙන පළමු දරුවා තුන් කුලුඳුල්ය.
විවාහ පත්වන තරුණයා වැඩිමල් වී ඔහුගේ පියාද වැඩිමහලු අයකු වීම හා විවාහ පත්වන තරුණියද, වැඩිමල් වී ඇගේ පියාද වැඩිමල් වීම තුළ ලැබෙන පළමු දරුවා තුන් කුලුඳුල්ය.
පොසොන් මාසය හෙවත් ජුනි මාසය තුළ බුධ හිමි දෙට නැකැතේ ඉපදී පවුලේ වැඩිමලා වූවන්ද තුන් කුලුඳුල්ය.

අතීතයේ තුන් කුලුඳුල් ගැහැනු දරුවන්ට වඩා වැඩි අවදානමක් තුන් කුලුඳුල් පිරිමි දරුවන්ට විය. ඒ බිලිපූජා සඳහා එවැනි දරුවන් සෙවූ බැවිනි. කෙසේ නමුත් ඉහත සඳහන් කළ ලෙසට වර්තමානයේ බිලිපූජා ආදිය සිදු කිරීම කිසිසේත්ම සිදු නොවන බැවින් ඉහත සඳහන් වූ කවර ආකාරයකට වුවද තුන් කුලුඳුල් වන අයකු හා විවාහයට කිසිසේත්ම බිය විය යුතු නැත. එහෙත් විවාහය සඳහා සර්ව සම්පූර්ණ ස්ත්‍රියක් හෝ පුරුෂයකු කිසිසේත්ම සොයාගත නොහැකි බැවින් දෙදෙනාගේ අදහස්, උදහස් ගළපා ගැනීම තුළ කිනම් වූ හෝ විවාහ දෝෂ හරහා යුග දිවියට වන සුළු හෝ බලපෑමක් වේ නම් එයද මඟහරවා ගතහැකි බව මෙහිලා පැවසිය යුතුමය. ඒ සර්වතෝභද්‍ර නැකැතක් සෑදීම උගහට සේම විවාහයක් සඳහා දෙදෙනෙක් හැම අතින්ම ගැළපීමද උගහට බැවිනි.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යයේ යන තැපැල් ජන්ද ප්‍රතිපල අමූලික ‌බොරු

Next Post

රඟපෑම වෙනුවෙන් වෙනස් වුණු නිළිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.