• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජනවාරි 24 සෙනසුරු මාරුවෙන් ඔබේ ලග්නයට මොනව වෙයිද?

January 25, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ජනවාරි 24 සෙනසුරු මාරුවෙන් ඔබේ ලග්නයට මොනව වෙයිද?
Share on WhatsAppShare on Facebook

ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයකු වන දුකට අධිපති ශනි ග්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලටද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරිත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීචවෙයි. සූර්යාගේ සිට සැතපුම් 8,86,779,900ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 76,500 වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21,221ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විස ධූම වළලු 07ක් සෙනසුරු වටා ගමන් කරනු ලැබෙයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරණු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුබ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 02 තුළ තමා වටේ භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථීවිය මත සෑම පැය 24කටම 2 වරක් පතිත වෙයි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයන් ප්‍රධාන කොට ගනිමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථීවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ජායා ග්‍රහයන් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යොතිෂයේදී පාපී ග්‍රහයකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහමාරක පමණ කාලයකදීය. එය අපට බලපෑම් කරන ග්‍රහයන් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාව ධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.

වසර දෙකහමාරක් එක රාශියක ගත කර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිෂ්ට ග්‍රහයකු වන සෙනසුරු 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් සුබ ඵල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබා දෙන්නේ අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් සෙනසුරුගේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරැදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නවග්‍රහ මණ්ඩලයේ 7 වැනි ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කරදී ඇත. අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින තදබල කේන්තිකාරයාද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයාය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල්පවතින රෝගාබාධ ඇති කිරීම මෙන්ම ආයුෂවලටද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළුපාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුදු කපුටා තෝරා ගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරා ගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙසද සලකනු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රැඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සැම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථාද අපට දැක ගත හැකිය. සෙනසුරු හොඳට සිටිය කල ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරණා නිසාවෙන් වැඩි දෙනකු සෙනසුරු ගැන කතා කරයි.
ලෞකික අනිෂ්ට ග්‍රහයකු වන සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය හෙවත් නැවත වසර 30කට පසු මකර රාශි ග්‍රහ ගමන නිසාවෙන් එළැඹෙන මෙම ශනි මාරුව හේතු කොට ගෙන ලග්න 12 හා අතුරින් ධනු, මකර, කුම්භ හා මිථුන යන ලග්න හිමියන්ට තම ජන්ම පතේ ශනි පිහිටා ඇති ආකාරය අනුව සෙනසුරු ලග්න හා අෂ්ටම ඒරාෂ්ටක අපලත්, පොදුවේ ඒ ඒ ලග්න හිමියන්ට පිහිටීම හා මහ දශා, අතුරු දශා හා විදශා වශයෙන් පීඩා හා අපල තත්ත්වයන්ට හා සුබ, අසුබ මිශ්‍ර ඵලයන්වලට විශේෂයෙන් මුහුණ දීමට සිදු වනු ඇත. අනෙක් ලග්න අතරින් වෘෂභ, කටක, මකර කුම්භ යන ලග්නවලට පොදුවේ මධ්‍යම ඵලත් මේෂ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, යන ලග්නවලට සුබ ඵලත් උදා වනු ඇත. 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් වඩා සුබ ඵල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබා දෙන්නේ සම හා අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් තුළින් ඉදිරි සෙනසුරු මාරුවේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරැදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ඉදිරි ශනි ග්‍රහ මාරුව ජ්‍යොතිෂානුකූලව අප රටෙහි ජනතාවට මෙන්ම රටටද යම් පමණකට සුබවාදී වනු ඇත.

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුම්භ ලග්න කේන්දරය හිමි අප රටෙහි ලග්නාධිපති ග්‍රහයා වන අතර එම ලග්නාධිපති ශනි මෙම ග්‍රහ මාරුවත් සමඟ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නයෙන් 12 වැන්නට හෙවත් මකර රාශියට පැමිණ තමාගේම රාශි ගත වනු ඇත. පොදුවේ අප රට සම්බන්ධයෙන් සිතා බැලීමේදී මෙම සෙනසුරු මකර රාශි මාරුවෙන් ඉදිරි කාලය විශේෂයෙන්ම අප රටට සමඵල උදාවන අතර නමුත් දේශගුණ විපර්යාස ඇති වීමේ අවදානමක් දක්නට ලැබේ. විකෘති වූ කාලගුණ ස්වරූපයන් මෙන්ම ගංවතුර, නායයෑම්, ජලාශ පිටාර ගැලීම් අධික සුළං තත්වයන්ද, නියඟයන්ද ඇති විය හැකිය.

ඉදිරි කාලය තුළ අප රට සම්බන්ධයෙන් ගත් කල දේශපාලනික ක්ෂේත්‍රයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවනු ඇත. දේශපාලන පිල්මාරු නව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බිහි වනු ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂවල නව පිබිදීම් මෙන්ම නව නායකයන් රටට බිහිවන කාලයක් වනු ඇත. ජනතාවට ආර්ථික වාසි ඇතිවන අතර කම්කරු ප්‍රශ්නවලට යම් පමණක විසඳුමක් ඇති වනු ඇත. විවිධාකාරයේ උද්ඝෝෂණ, වැඩවර්ජන ඇතිවුවද කම්කරු ව්‍යාපාරයේ නැඟිටීම්ද ඇති වේ. එමෙන්ම සමාජීය ගැටලු රාශියක් ඉදිරි කාලයේ ඇතිවේ. අධ්‍යාපන හා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ගැටලුකාරී තත්ත්වයන් ක්‍රමයෙන් නැතිවේ. රිය අනතුරු, ගිනි අනතුරු, හදිසි පිපිරීම් තත්ත්ව, හදිසි අනතුරු, උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විවිධ නොසන්සුන්තා යම් පමණකට ඇති වන තත්ත්වයන් උදාවන්නේය. බුද්ධිමතුන්ට මෙන්ම පැවිදි උතුමන්ට අපල හා බාධාකාරී කාලයකි. දේශපාලන වාද විවාද, මැති ඇමැති මාරු අතිවන කාලයකි.

ලෝකය සම්බන්ධයෙන් ගත් කල රටවල්වල විවිධාකාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් හේතුවෙන් යුධ තත්ත්වයන් හා ගැටුම් ඇති විය හැකිය. ලෝකයේ රටවල් ආශ්‍රිතව විශාල වශයෙන් කාලගුණ විපත් ඇති වන අතර එම නිසාවෙන් ජනතාවට විවිධ වූ අපහසුතාවලට ලක් වීමට සිදුවේ.
ශනි අපල ඇති ලග්න හිමියන් එම අපලවලින් මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්ති කර්ම පිළිබඳව අවධානය දක්වන්නේ නම් යහපත්ය.
ශනි මකරයට පිවිසීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද?

මේෂ ලග්නය
ශනි ලග්නයෙන් 10 වැන්නට පැමිණීම යහපත් කාලයකි. වෘත්තීය අංශවල මෙන්ම රැකියාවල යහපත උදා වනු ඇත. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබ ඵල ගෙන දෙන අතර ප්‍රමාදවී පවතින රැකියා ස්ථාන මාරුවීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

වෘෂභ ලග්නය
ඔබගේ අෂ්ටම ඒරාෂ්ටකය අවසන්ව ශනි ලග්නයෙන් 9 වැන්නට පැමිණීම ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. පෙර පින ඇති කරයි, මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ්‍රඵලදායක වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

මිථුන ලග්නය
ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ටම ඒරාෂ්ටකයයි. සෙනසුරු ග්‍රහයා ධනුවේ ගත කරන ඉදිරි වසර දෙකහමාරක කාලය අෂ්ටම ඒරාෂ්ටක අපලය උදාවන කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාළීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක ලග්නය
ශනි 7 වැන්නේ ගමන් කරන මෙම කාලයේ ඔබට සමඵල උදා කරයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලයෙහි එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලයෙහි විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යෑමට හැකිය.

සිංහ ලග්නය
ලග්නයෙන් 6 වැන්නට ශනි පැමිණෙයි යම් යම් අංශවලින් යහපත උදා කරයි. වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. නමුත් යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනකුට යම් අපලදායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් ලාභ සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා නව වාහන ලැබීමේ ප්‍රවණතාවක් පවතී. එසේම ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්ථා ද උදා වනු ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර විදේශ ගමන්වලටත් සුබදායක වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි ඉතා යහපත්ය.

කන්‍ය ලග්නය
ලග්නයෙන් 5 වැන්නේ ශනි බලවත් වීම යහපත් වේ. මෙම කාලය තුළ ඔබට යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. එසේම ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදා වනු ඇත.

තුලා ලග්නය
ලග්නයෙන් 4 වැන්න තුළ ශනි මෙවර බලවත් වීමෙන් ඔබගේ යහපත් සුබදායක කාලය පැමිණ ඇත. ගේ දොර ඉඩකඩම් කටයුතුවලට යහපත්ය. මව් පාර්ශ්වයෙන් දේපළ ලාභ ඇතිවන කාලයකි. ධන ලාභ ඇති වේ. ශරීරයේ ඇති ලස්සන වැඩි වන අතර ශරීර ශක්තිය වර්ධනය වීමට කාරණා යෙදේ. මුදල් අතේ රැඳෙන වියදම් අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟතා ඇති වීමට නොහැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් සුළු ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. පාදවල ලප කැළැල් ඇති විය හැකිය.

වෘශ්චික ලග්නය
වසර හතහමාරක ලග්න ඒරාෂ්ටක අපල අවසන්ව ශනි ලග්නයෙන් 3 වැන්නට පැමිණෙන මෙම වසර දෙකහමාරක කාලය ඔබගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. නව ආදායම් මාර්ග ඇති විය හැකිය. රෝගාබාධ මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන ප්‍රශ්න දුරු වන කාලයකි. නව ආදායම් මාර්ග හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලින් ජය ගත හැකි අතර එය තමාට ඉතාම වාසි සහගත වනු ඇත. රැකියා ස්ථානයේ උසස් වීම් ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය නොහැකිය. සුබදායකය. විදේශ ගමන් සඳහා යහපත් අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. එයින් දරුවන්ගේ අනාගත යහපත උදා වනු ඇත. සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී යහපත් වන අතර තම සහෝදර සහෝදරියන් සමඟ වෙනදාට වඩා සබඳතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීමෙන් එම තත්ත්වයන් තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ධනු ලග්නය
ලග්නයෙන් 2 වැන්නේ ශනි ගමන් කරන මෙම කාලය ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැළීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

මකර ලග්නය
ශනි ලග්නයට පැමිණීම ඔබට සමඵල උදාකරයි. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථාවෙහි ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගාබාධ, වාතා රෝගාබාධා, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙයි.

කුම්භ ලග්නය
ශනි 12 වැන්නේ ගමන් කරයි. ලග්න ඒරාෂ්ටකයේ ආරම්භක අවස්ථාව වේ. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශවල කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශවල කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ.

මීන ලග්නය
ලග්නයෙන් 11 වැන්න හෙවත් අයස්ථාන ගතව ශනි බලවත් වීම ඔබට සුබ ඵල දායකය. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් සුළු බාධා ඇතිවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝවිට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබිය හැකිය. ඥාතීන් සමඟ මත බේද පහව යනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සුබයි. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.
සැ.යු. ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

යාපනය විශ්වවිද්‍යාල ICTCS සිසුන් ගෙන් Hackintra 2020

Next Post

කේ.ඒ.ඩබ්ලිව්. හොයාගත්ත ලස්සන කෙල්ල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.