• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජනවාරි 09 සිකුරු මාරුව ඔබේ ලග්නයට

January 4, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ජනවාරි 09 සිකුරු මාරුව ඔබේ ලග්නයට
Share on WhatsAppShare on Facebook

අරුන්දතිය හෙවත් සිකුරු තාරකාව අසුබ ඵල දෙනු ලබන ග්‍රහ තාරකාවක් නම් නොවේ. එනිසාම සිකුරුට ගුරුගේ පුත්‍රයා යන විරුදාවලී නාමයම ජ්‍යොතිෂයේ ලබා දී ඇත. ජන්මියාගේ දිවියේ පිරිසුදු ප්‍රේමය, ආලය, ඔපය, පිරිසුදු භාවය ආදී ගති සම්පත්තීන් නොඅඩුව නිබඳව ලබා දෙන්නියකි. දවල් උපන්නවුන්ට මවු වන මෙම සිකුරු බලවත් අයට මුළු ජීවිත කාලය පුරාවට සැපසේ එක ලෙස ගතකරන්නට තරම් ශක්තිය ලබා දෙනු ඇත. කේන්දර පත්‍ර පරීක්‍ෂාවේදී වුවද සිකුරුගේ අසුබතාවයක් දකින්නේ කලාතුරකිනි. තුරුණු වයසටද සිකුරු බලවත් වෙයි. පෘථිවියට එක් පැත්තකින් කුජද, අනෙක් පැත්තෙන් සිකුරුද පිහිටා තිබේ. සිකුරු තරුව සූර්යයාගෙන් අංශක 48ට වඩා ඈත් නොවෙයි. සිකුරු තාරකාව සමානත්වයෙන් සහ ප්‍රමාණත්වයෙන්ද පෘථිවියට සරිලයි. ගුරු ළඟට සෞම්‍ය ග්‍රහයාද සිකුරු වෙයි.

මෙසේ ගති ලක්‍ෂණ පාන්නා වූ සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් භාවයකින් තවත් භාවයක් හැර යෑමට දින 30කට ආසන්න කාලයක් යොදා ගනු ඇත. මෙතෙක් කාලයක් පුරාවට මකර රාශියේ රැඳී සිටි සිකුරු මේ නව වසරේ ඉදිරි ජනවාරි 09 වැනි දින 04.22ට, එම රාශියෙන් මිදී කුම්භ රාශිය කරා සැපත් වීමට බලාගෙන සිටී. මේ ගමන් මඟ පාදක කර ගැනීමෙන් සමස්තයක් වශයෙන් ඉදිරි මසක පමණ කාලයක් පුරාවට ජලයෙන් බෝවන රෝග රට පුරාත්, විශේෂයෙන් උතුරු මැද පළාත් කේන්ද්‍රකොට ගනිමින් වකුගඩු රෝග උත්සන්න කරන තත්ත්වයන් ඉස්මතු වනු ඇත. එසේම කලා ක්‍ෂේත්‍රයේ යම් බලවත් වර්ධනයකට තුඩු දෙන කාරණා යෙදෙන අතර, කලාකරුවන් මතුව වැඩෙන අවස්ථාවන් රට තුළ ඉදිරි මස තුළ ජනිත වෙයි. විශේෂයෙන් කලාකරුවන්ට, දේශපාලනයට සහ සම්බන්ධ වීමේ අවස්ථාවන් ප්‍රබලව ඉස්මතු වනු ඇත. එසේම රටට මෙන්ම ජනතාවටද සහන ලැබෙන කාල සීමාවකට හිමිකම ලැබේ. දැන් මෙවන් සමස්ත ග්‍රහ තත්ත්වය පසෙකලා එක් එක් රාශින්ට සිකුරුගේ ගමන් වෙනස කෙබඳුදැයි විමසීමට ලක් කරමු.
මේෂ ලග්නය
කරදරකාරීව තිබූ බොහෝ කටයුතු බොහෝ දුරට අඩු වී යනු ඇත. දරුවන්ගෙන්ද සිතට සහනය උදා කරනු ඇත. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ අවධානය දිනාගත හැකි කාල සීමාවකි. උසස්වීම් පවා ඇති විය හැකිය. ශාස්ත්‍රීය කටයුතු බලවත් කර ගැනීමට හැකියාව පවතී. නිවෙසේ පැවැති ආර්ථික අපහසුතා තරමක් අවම වී යනු ඇත. දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාව උදාවෙයි.
වෘෂභ ලග්නය
නීතිමය ප්‍රශ්න හමුවේ පීඩා විඳින්නට සිදුවෙයි. බලාපොරොත්තු කාරණා ඉටු කරගන්නට හැකියාව පවතින්නේ සුළු වශයෙනි. දරුවන් ලෙඩ කරවයි. මංගල අවස්ථා හෝ වෙනත් පවුලේ උත්සව අවස්ථා වෙනුවෙන් කාලය යොමු කරවන්නට අවස්ථාව හිමිවෙයි. දුර ගමන්-බිමන් යෙදෙන අතර, විනෝද ගමන්-බිමන් පවා සංවිධානය කරනු ලබන කාල සීමාවකි.
මිථුන ලග්නය
අසල්වාසී පීඩාවන් හේතුවෙන් මානසික තත්ත්වය පහළ වැටෙනු ඇත. සෙම් ආදී රෝග තත්ත්වයන් පවා ඉස්මතු වෙයි. ළඟින් සිටි හොඳම කියන යහළුවකු අමනාප වන තත්ත්වයන් උද්ගත වෙයි. ලැබීම්වලට වඩා වියදම් අධික වන කාරණා කටයුතු යෙදේ. සහෝදරයන් වෙනුවෙන් කාලය යොදවන්නට සිදුවන අතර, මවුපිය පාර්ශ්වයන් තරමක ලෙඩට, දුකට පත්කරනු ඇත.
කටක ලග්නය
කලබලකාරී ගති පැවතුම්වලින් සිත වෙළා ගනී. ඉඩම් ආරවුල් ආදිය තරමක් තදින් ඇති වෙයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් යෙදවෙන්නට සිත් දුන්නද කෙසේ හෝ එම කාරණා අතපසු වී යනු ඇත. පවතින ස්ථාවර වත්කම්වල ගැටලුකාරීත්වයන් මතු වන අතර, නව මිලදී ගැනීම් සඳහා මේ කාලයේ නොයන්න. දරුවන් ලෙඩ කරවන අවස්ථාවන් පැමිණෙන අතර, ප්‍රවේශම් වන්න.
සිංහ ලග්නය
දානමය පින්කම්වලට සම්බන්ධ වීමේ අවස්ථාව සැලසෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නේ නම් ඒවාට බාධා, පීඩා එල්ල වනු ඇත. බෝවන රෝග නිවෙසේ අන් අයට හෝ තමාට එල්ල වීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් අවමන් විඳින්නට සිදුවෙයි. ස්වයං රැකියාවල යෙදී ඇති නම් ඒවායෙන් කරදරයක් නැතිව ලාභ ලබන්නට හැකියාව පවතී. නමුත් මුදල් අස්ථාන ගතවීම් ඇති විය හැකිය.
කන්‍යා ලග්නය
ජලය සම්බන්ධ දෙයින් පීඩාවට පත්වන්නට සිදුවෙයි. නිවෙසේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වැඩිපුර වෙහෙසෙන්නට සිදුවෙයි. රජයේ නිලධාරීන් සමග මුසුව කටයුතු සිදු කරන්නට සිදුවෙයි. ආරක්‍ෂක අංශයේ යෙදී සිටින අයට යහපති. විභාග ආදියට යොමු වන්නට සිදුවන අතරම ඒවායින් සාමාන්‍ය පල නෙළා ගැනීමට හැකියාව උදාවනු ඇත. රස ආහාර භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.
තුලා ලග්නය
ආත්ම විශ්වාසය හීන වී යනු ඇත. නමුත් විවාහක නම් සුබපල දිවියට ලැබෙනු ඇත. යහපත් ලැබීම් තරමක් ප්‍රමාද කරනු ලබන අතර, විශේෂයෙන් ආදායම් ලැබීම්වල එම තත්ත්වය බලපානු ඇත. කලක සිට යටගියා වූ රෝග තත්ත්වයන් ප්‍රබල ලෙස මතු විය හැකි අතර, ඒ වෙනුවෙන් වියදම් සිදු කරන්නට සිදුවෙයි. මනස නිස්කාරණේ අවුල් කරගන්නා අවස්ථාවන්ද ඇති වෙයි.
වෘශ්චික ලග්නය
බලාපොරොත්තු සුන්වෙයි. එදිනෙදා කටයුතුවලටත් බාධා ගෙන දෙනු ලබන කාල සීමාවකි. විභාග ආදියට පෙනී සිටින්නේ නම් දුෂ්කරතා මතුවෙයි. විවාහකයන්ට රෝග පීඩා ගෙන දීමෙන් පවුලේ කටයුතු තරමක් අවුල් වී යෑමට ඉඩ ඇත. ආගමික ගරු සරු භාවය ඇතිවී ඒ සම්බන්ධ කටයුතුවලට යොමු වීමට අවස්ථාව සැලසෙයි. රෝග පීඩාදියද නිතර මතුවෙයි. ආගමික දර්ශන පිළිබඳ කටයුතුවලට නිතර නැඹුරු වීමට අවස්ථාව උදාවෙයි.
ධනු ලග්නය
සතුන්ගෙන් පීඩා විඳින්නට සිදුවෙයි. සතුරු කරදර නිතර මතුවෙයි. තමා සතුව පවත්නා කෘෂි වගාවන් නිස්කාරණේ විනාශ වී යන්නට හේතු වනු ඇත. කලත්‍රයාගේ ඥාතීන් අසනීප වෙයි. විදෙස් ගමන්වලට සිත් යෙදෙන අතර, නමුත් ඒවායින් බලවත් සුබපල ලබන්නට හැකියාවක් නොමැත. සිත් වේදනාවන් ගෙන දෙන කාරණා කටයුතුවලට යොමු වන්නට සිදුවෙයි.
මකර ලග්නය
මංගල යෝග උදාවෙයි. යටගියා වූ යෝජනාපත් ආදියද නැවැත මතුවී වර්ධනය වනු ඇත. පවුලේ කටයුතුවලටද යහපත් වන අතර, දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළ යුතු අතරම, ඒවායින් සතුටු විය හැකි කරුණු යෙදේ. සෙම්, පිත් ආදී රෝග තත්ත්වයන් මතු විය හැකි අතර, ප්‍රවේශම් වන්න. තමා යටතේ පවත්නා ස්වයං රැකියා ව්‍යාපාර ආදිය අඩාළ වන කරුණු යෙදේ.
කුම්භ ලග්නය
යාන-වාහන, ඉඩකඩම් මිලදී ගැනීමට ඉතා සුබ කාල සීමාවකි. දියුණුව උදෙසා එම කටයුතුවල සාර්ථකව යොමු වන්නට අවකාශය සැලසෙයි. දීර්ඝ ගමන්-බිමන් පිළිබඳ සංවිධානය කරගෙන තිබූ කටයුතු අසාර්ථක භාවයට පත්වෙයි. දරු සම්පත් පිළිබඳ සිහින මල්පල ගැන්වෙයි. පින්වත් දරුවන් ලැබීමට සුදුසු කාල සීමාවක් වන්නේය. අඹු-සැමි අසිරිය ඇති වී සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව සැලසෙයි.
මීන ලග්නය
මුහුණ, කට, බෙල්ල ආදියේ තුවාල ඇති විය හැකිය. බලාපොරොත්තු නොවන අයුරින් වස-විස හානි හෝ වෙනත් ආසාත්මිකතා මතු වීමට ඉඩකඩ ඇත. විවාහ ආදීවලින් ලැබිය යුතු දේපොළ සම්බන්ධ ලැබීම් ලැබිය හැකි අතරම, ඒවාට බාධා ගෙන දීම්ද සිදුවිය හැකිය. කට පරෙස්සම්කර නොගැනීමෙන් විපත්වලට ගොදුරු විය හැකිය. වියදම් පාර්ශ්වය තරමක් ඉහළ යනු ඇත.
ජ්‍යොතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ
වාස්තු විද්‍යාවේදී, කේ. පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර

SendShareShare
Previous Post

බයික් තුනයි – දවස් හතයි – රටම කවර්

Next Post

මිහිරි මතක අවදි කරන වසන්ති

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.