• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බයික් තුනයි – දවස් හතයි – රටම කවර්

January 4, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
බයික් තුනයි – දවස් හතයි – රටම කවර්
Share on WhatsAppShare on Facebook

කඳු හෙල් වනාන්තර තරණය කරමින් දිය ඇලි ගංගා, දූපත් හා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ මව්බිමේ ඉතාමත් සුන්දර තැන්වල සංචාරය කරන ඇවිදිමු ලංකා අපි අපේ හිත්වල කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ තමයි මුහුදු බඩ මාර්ග ඔස්සේ වෙරළට සමීපව ලංකාව වටා මෝටර් සයිකල් සංචාරයක් යෑම. විවිධ අත්දැකීම් විවිධ ජාතීන්, ආගම්, විශ්වාස, ඇදහිලි චර්යාවන් දකිමින් විඳිමින් විවිධ කාලගුණික තත්ත්ව යටතේ ඒ සොඳුරු සංචාරය අප සාර්ථකව නිම කළෙමු.

ශ්‍රී ලංකාව යනු වර්ග කිලෝමීටර 25,332ක් වැනි කුඩා වපසරියකින් යුත් කුඩා දිවයිනක් වුවත් මේ සුන්දර රටේ ඇවිද යන සංචාරකයකුට නම් මෙහි විශාලත්වයක් ඇති බව හොඳින් වැටහේ. එය වඩාත්ම උතුරු පළාත්වල සංචාරය කරන විට එහි මුඩු බිම් දකින විට එකම ඉරක් සේ එක දිගටම ඒ මාර්ගවල පැද යන ඔබට මේ පුංචි දිවයින කොතරම් විශාලද යැයි සිතේ.

මේ රට වටේ යන ගමන අපිට සතියක් වගේ කාලයකින් තමයි සැලසුම් කරන්න වුණේ. මාත්, වසන්ත, රුවන්, ගයාන්, චින්තක අපි ඔක්කෝම පස් දෙනෙක්, බයික් තුනක්, දවස් පහකට හයකට ඕනැම කරන රෙදි ටෙන්ට් විතරක් අරන් මේ වගේ සංචාරවල අත්දැකීම් තියන අපේ මිත්‍රයන්ගෙන් උපදෙස් හා තොරතුරුත් හොයන් 21 උදේ පහයි තිහට ගෝල්ෆේස් එක ළඟින් ගමන පිටත් වුණේ උඳුවප් මහේ නත්තල් සීතලත් එක්කමයි.

මේ වගේ ගමනක් ඔයාලත් යනවා නම්, යන්න හිතනවා නම්, හිතන්න ගොඩක් දේවල් තියෙනවා. පළමුවැනි කාරණාව නම් අපි පැදගෙන යන බයික් එක හොඳම තත්ත්වයෙන් තියෙන්න ඕනේ. ආහාර, ආරක්ෂාව, නවාතැන්, දේශගුණය හා මාර්ග පිළිබඳව අනිවාර්යයෙන් ඔබ දැනුවත් විය යුතුමය. සමහර මාර්ග ටදදටකැ ප්ච වෙතින් පෙන්වන නමුත් සියයට සියයක් නිවැරැදි සිතියම් නොවන බව සංචාරය පුරාම දැකිය හැකි දෙයක් වුණා. ඨදදටකැ ප්ච පාවිච්චි කර යනවාට වඩා ප්‍රදේශයන්හි ජීවත්වන ගැමියන්ගෙන් මඟ විස්තර අසා යෑමෙන් සංචාරය වෙහෙසකාරී නොවේ. නමුත් මීගමුව පසුවන විට භාෂා ගැටලු මතුවේ. දෙමළ සහ ඉංග්‍රීසි, යන භාෂා දෙකෙන් එක් භාෂාවක් හෝ යන්තමින් දැනුවත් වී සිටියි නම් පහසුවකි. උතුරු වැසියන් බොහෝමයක් සිංහල භාෂාව උගත් අය නොවේ. නමුත් ඉංග්‍රීසි භාෂාව සඳහා නිපුණතාවක් දක්වයි.

කොළඹ හැමිල්ටන් ඇළට සමාන්තරව තියෙන අබලන් පාරේ දැඩි දුගඳත් එක්ක මීගමුව වෙනකම් ආවා. නත්තල් සමය නිසාවෙන් උදේ පාන්දරත් නගරය එකම ගාලගෝට්ටියකි. මාළු වෙළෙඳුන්, එක්කම නත්තල් සැරසිලි වෙනත් භාණ්ඩ විකුණන සිංහල දෙමළ මුස්ලිම් වෙළෙඳුන් එකම තරගයකි. කිතුනුවෝ වෙනදාට වඩා පාර පුරා ඒ මේ අත යයි. ඒ කෙටි දුර එන්න අපිට ගොඩක් වෙලාවක් ගියා.

අපි කලින් සැලසුම් කරගෙන තිබ්බ විදිහට පුත්තලම ඉඳන් විල්පත්තුව හරහා මන්නාරමට පළමු දවස යා යුතුය. ආසන්න වශයෙන් එක් දිනකට අප යා යුතු දුර කිලෝමීටර් හාරසියයක් වත් විය යුතුය. කොහොම හරි පුත්තලමට ළඟා වෙනකොට වැසි නැතත් පහු ගිය දවස් ටිකේම වැස්ස නිසා පුත්තලමේ සියලු පහත් බිම් වතුරෙන් යට වෙලා. ගෙවල් දොරවල් පාරවල් ඔක්කොම වතුරට යට වෙලා. ප්‍රධාන මාර්ගයේ අඩි එක හමාරක් වෙනකම් වතුරෙන් යට වෙලා. ඒ තමයි අපි මුහුණ දුන්නු පළමුවැනි අභියෝගය. කොහොම වුණත් අපි මේ දේවල්වලින් පසුබට වුණේ නෑ. දැඩි ආයාසයකින් කොහොම හරි වතුරින් බයික් එක වනාතවිල්ලුව වෙනකම් අරන් ගියා. පළමුවැනි දවස හින්ද වෙහෙසක් දැනුණෙ නෑ. කොහොම වුණත් පොලිස් මුරපොළවල්වලින් නම් තද බල උපදෙස් වුණේ යන්න එපා කියලමයි. කොහොම කවුරු කිව්වත් අපිට අපේ ගමන යන්නම ඕනැ වුණා. මෙතැන ඉඳන් වතුර වගේම පොලිස් සෝදිසි කිරීම්ද වැඩියි. සෑම මුර කුටියකම අපි අපේ ගමන් මලු පෙන්විය යුතුයි. ඒක තරම් එපා වෙන දෙයක් නම් තවත් නෑ. එක අතකින් අපි භාගෙට තෙමිලා ඉන්න වෙලාවක බයික් එකේ හොඳට ගැට ගහලා තියෙන බෑග් එක ඇරලා පෙන්වන එක. කොහොම වුණත් අපිට අපි කොහේ සංචාරය කළත් රටේ නීතියට ගරු කරන්න වෙනවා. ඒ දේවල් මැදින් කොහොම හරි පුත්තලම ඉඳන් කිලෝමීටර තිහක් විල්පත්තුව පාරේ ආවා. හැබැයි අපිට හොඳටම තරු පෙනුණෙ එළුවන්කුලම්වලදී. එළුවන්කුලම් නාවික කඳවුර ළඟම තියෙන පාලම අඩි දහයක් විතර සම්පූර්ණයෙන් වතුරෙන් යට වෙලා. බයික් එක යන්න කියලා හිතන්නවත් බෑ. අපේ කණ්ඩායමේ අයගෙ මුහුණුවල දුක. පරාජය හොඳටම පෙනුණා. දැන් අපි මොකද කරන්නේ. එක එක යෝජනා දැන් එක එක කෙනා කියන්න ගත්තා. වතුර අඩු වෙනකම් ඉමු, මෙතැන ජ්පච කරලා හෙට යමු, අපි අනුරාධපුර හරහා යමු, මේ ගමන කල් දාමු, පෙරුම් පුරලා පෙරුම් පුරලා බැනුම් අහලා නිවාඩු අරන් ආපු ගමන කල් දාන්න නම් හිත දුන්නේම නෑ. අනිත් එක මෙතැන ඉඳල උදේ යන්නත් බෑ. වතුර හෙටත් බැස්සෙ නැත්නම් අපේ කාලය අපරාදේ. ඒ හින්දා කිලෝමීටර තිහක් විතර ආපහු පුත්තලමට ගිහින් අනුරාධපුර හරහා යන්න අපි තීරණයක් ගත්තා. ඒ යන අතර අපිට හම්බ වුණු කෝවිලකට ගිහින් පස් දෙනාම පලතුරු වට්ටියක් පූජාකර මේ යන ගමනට කිසිදු කරදරයක් නොවී ආශීර්වාදය, ආරක්ෂාව මඟ පෙන්වීම අයැද සිටියා.

මේ ගමනේදී අපි රට ඇතුළතට කිලෝමීටර පහක් හෝ දහයක පමණක් දුර තිබෙන සංචාරක ස්ථාන වෙත පමණක් යන්න තීරණය කළා. එසේ නොවුණහොත් අපට මේ සංචාරය සඳහා මාසයක් පමණ කල් ගැනීමට සිදුවෙයි. අපි මන්නාරමට එනකොට රෑ හතත් පහුවුණා. පළමුවැනි දවස මන්නාරමේ තියෙන එකම පන්සලේ නවතින්න ගියත් ඒ පන්සලේ ජල පහසුකම් නෑ. අපිට වෙන තැනක ඉන්නත් බෑ. මන්නාරම ප්‍රදේශය ඉතාමත් අපිරිසුදු මිනිසුන් බහුල කිසිදු නගර සැලසුම් නොමැතිව ඉදිකර ඇති ගෙවල්, කඩ, බූරුවන්, සුනඛයන් වැඩි වශයෙන් අයාලේ යන, ආහාරයක් ගැනීමට වත් හරි හමන් කඩයක් නැති ප්‍රදේශයකි. මේ රාත්‍රීයේ වෙනත් විකල්පයක් නැති නිසා මන්නාරම බස් නැවතුම්පොළේ තිබෙන නාන කාමරවලට ගිහින් නාගෙන සැහැල්ලු කෑමක් කාලා පන්සලට ආවා. මේ පන්සලේ එක් සංඝයා වහන්සේ නමක් පමණක් වැඩ සිටිති. මේ අවට බෞද්ධයන් නොමැති නිසා දානයද අපගේ විරෝදාර රණවිරුවන්ගේ බත් පිඬෙන් කොටසක් වෙන් කර ලබා දෙයි. පන්සල අතු ගා බෝ මළුව සුද්ද පවිත්‍ර කර තබා ගන්නේද එහි ආරක්ෂාවට සිටින එකම පොලිස් විරුවා විසිනි. එල්.ටී.ටී.ඊ. යුද සමයේ සිට විවිධ අඩන්තේට්ටම්වලට ලක්වූ මේ පුද බිම අදද එවැනි දෑවලට මුහුණ දෙන බව උන් වහන්සේ පැවසූහ. පන්සල සතු ඉඩකඩම් බාහිර පුද්ගලයන් විසින් අල්ලා නිවාස තනා ගෙන සිටියි. බීමට ජල පොකුණුද නොමැතිව කරනා සාසනික මෙහෙවර නම් ඉතාමත් අගනේය. ගමනේ මහන්සිය එක්කම අපි නින්දට ගියේ හෙට උදෑසන මන්නාරම අවට නැරඹීමට ඇති ස්ථානද නරඹමින් දෙවැනි දින රට වටා සංචාරය නැවත ආරම්භ කළ යුතු නිසාවෙනි.
ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි

Next Post

ජනවාරි 09 සිකුරු මාරුව ඔබේ ලග්නයට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.