• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජනපති සටනේ බලවතා

October 16, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
ජනපති සටනේ බලවතා
Share on WhatsAppShare on Facebook

2020.01.09 සිට අප අලුත් ජනපතිවරයකු පතමු. 2019.11.16 දින ඒ සඳහා මැතිවරණය පැවත්වේ. මේ අප රටේ පැවත්වෙන 08 වැනි ජනපතිවරණයයි. රටේ පළමුවැනි පුද්ගලයා ඔහුය. ඒ සඳහා සංසාරයේ රැස්කළ අපමණ පින් සහ බලයක් සහිත විය යුතුය. මේ අනුව අප රටේ පළමුවැනි පුරවැසියා වීමට සම්පූර්ණ වන ජ්‍යොතිෂ කරුණු තිබේද? ඒවා මොනවාදැයි බලමු. ලංකාව කුම්භ ලග්නයට හිමිවන රටක් ලෙස සැලකේ. කුම්භයේ ලග්නාධිපති සෙනසුරුය. නිතරම සෙනසුරුට බුධ, සිකුරු, රාහු මිතුරු ග්‍රහයෝ වෙති. ගුරු සමවෙති. මේ අනුව සෙනසුරුට මිතුරු මෙම ග්‍රහයන් අධිපතිත්වය දරන අයට ලංකාවේ පාලන බලය හිමි වීමට ඇති හැකියාව සහ වාසනාව වැඩිය. මින් වැඩි වාසනාවක් හිමිවන්නේ සෙනසුරුගේ වඩාත් මිතුරු බුධ ලග්නාධිපති වන ලග්නයන්ටය. එමෙන්ම පුර සඳු උත්පත්තියේදී බලවත් වන සහ ගුරු බලවත් වන කාන්තාවන්ටද මෙම සෙනසුරුට හිමි රටේ පාලන බලය හිමිකර ගැනීමට වාසනාව ඇත. මෙම තත්ත්වය නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයන් ඇසුරින් විමසා බලමු. එමෙන්ම ඉහත සඳහන් මහ දශා අතුරු දශා ගතකරන කාලයන්හිදීද නායකයන්ට මෙම නායකත්ව බලය හිමිවේ. නිදහස් ලංකාවේ අපේ නායකයන් ඇසුරින් මෙම තත්ත්වය විමසා බලමු.
නිදහස් ලංකාවේ පළමු නායකයා ඩී.ඇස්. සේනානායක මැතිතුමා – මිථුන ලග්නය – ලග්නාධිපති බුධ
දෙවැනි අගමැති ඩඞ්ලි සේනානායක මැතිතුමා – කන්‍යා ලග්නය – ලග්නාධිපති බුධ (03 වරක් බලයට පත්විය)
තුන්වැනි අගමැති සර් . ජෝන් කොතලාවල -වෘෂභ ලග්නය – ලග්නාධිපති සිකුරු (බලයේ සිටීමට නොහැකි විය. එතුමාගේ පක්ෂය ආසන 08ට බැස්ස වී අන්ත පරාජයකට කෙටි කලකින් පත්විය.
04 වැනි අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මැතිතුමා – කුම්භ ලග්නය – ලග්නාධිපති ශනි පාලන කාලය කෙටි විය. රටේ ගැටුම් අර්බුධ අධික කාලයක් සේම අසරණ මිනිසුන් උදෙසා යම්කිසි කාර්යයක් සිදුවූ කාලයක් ලෙසද සැලකේ.

  1. විජයානන්ද දහනායක මැතිතුමා 05 රාජ්‍ය නායකයා – කන්‍යා ලග්නය අධිපති බුධය – කාලය කෙටි විය. එතුමාට ලැබුණු කාලය පාලනයේ සිටින ලදී. ජනප්‍රිය නොවීය (ලග්නාධිපති බුධ වුවත් ජනප්‍රිය නොවූයේ රවි නීච වීම හේතුවෙන් බව පෙනේ)
  2. 06 වැනි අගමැති ඩඞ්ලි සේනානායක මැතිතුමා කන්‍යා ලග්නය (වෙනත් ග්‍රහ හේතු මත පාලනය මාසයකට සීමා විය)
  3. 07 වැනි අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කන්‍ය ලග්නය ලග්නාධිපති බුධය.
  4. ජේ.ආර් . ජයවර්ධන මහතා 08 වැනි අගමැති සහ නිදහස් ලංකාවේ පළමු විධායක ජනපති – කන්‍යා ලග්නය – බුධ ලග්නාධිපති.
  5. 02 වැනි විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා – ලග්නය මේෂ ලග්නාධිපති -කුජ දුප්පතුන් වෙනුවෙන් වැඩකළ කාලයක් වුවත් ජනප්‍රිය නොවීය. පාලනය පිරිහිනි. නියමිත කාලය සිටීමට නොහැකි විය.
  6. ඩී.බී. විජේතුංග මැතිතුමා 03 වැනි විධායක ජනපතිතුමා මිථුන ලග්නය ලග්නාධිපති බුධය. පාලන කාලය කෙටි වුවද ලැබුණු නියමිත පාලන කාලයම සිටීමට හැකියාව ලැබිණි. නැවත වරක් බලය ලැබිමට වාසනාව නොලැබිණි.
  7. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 04 වැනි විධායක ජනපතිනියයි. කටක ලග්න විය. සඳු ලග්නාධිපති විය. ගුරු හංස යොගයක් සහිත බැවින් ගුරු ඉතා බලවත් විය. තරගයක් දීමට සිටි තුලා ලග්න හිමියා මෙලොවින්ම තුරන්වී තනි අපේෂිකාවකගේ තත්ත්වයටම බලවත් විය. එහෙත් නියමිත කාලයට වඩා වසරක් අඩුවෙන් පාලනයෙන් ඉවත් වීමට සිදුවිය.
  8. මහින්ද රාජපක්ෂ මැතිතුමා 05 වැනි විධායක ජනපතිතුමා – කන්‍යා ලග්නය – ලග්නාධිපති බුධය – දෙවරක් පාලන බලයේ සිටින ලදී. එහෙත් නියමිත කාලයට වඩා වසර දෙකකට කලින් ඉවත්වීමට සිදුවිය. එහෙත් මෑත භාගයේ ජනප්‍රියම දේශපාලකයා බවට පත්වීමට තරම් වාසනාව ලැබිණි. එයට ලග්නාධිපති බුධ වීමත් එම බුධට අයිති ස්ථානය රැකී රක්ෂා සහ කර්ම ස්ථානය වීමත් එම භාවයේ රාහු උපතින් තැන්පත්ව සිටීමත් මෙම ජනප්‍රියතාවට සහ නිර්භය වීමට බලවත් ලෙස බලපා ඇත.
  9. 06 වැනි විධායක ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා – තුලා ලග්නය – ලග්නාධිපති සිකුරු – නියමිත කාලයට වඩා වසරක් අඩුවෙන් පාලනයෙන් ඉවත් වීමට කරුණු යෙදී ඇත. ජනප්‍රිය නොවීය. 1956 – 60 වැනි පාලන කාලයක් නිර්මාණය විය. බුධ අයිති නොවූවද බුධ බලවත් හඳහනකි නමුත් ලංකා හඳහනට මිතුරු සිකුරුට අයිති ලග්නයක් හිමිය. වෙනත් බලපෑම්ද මෙම නායකත්වය ලැබීමට හේතු විය.
  10. වැනි ජනපති විධායක නොවූවද අප රටේ පළමු පුරවැසියාය. මෙම පළමු පුරවැසියා වීමට වාසනාව ඇත්තේ කාටදැයි විමසා බලමු. මෙහිදී වැඩි වාසියක් බුධ හිමි කන්‍යා, මිථුන ලග්නවලට හිමි බව අපට පෙනේ. මේ අනුව වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කන්‍යා ලග්න හිමියෙක්ට හෝ මිථුන ලග්න හිමියෙක්ට පාලන බලය ලැබීමටය.
    එමෙන්ම බලයට පත්වීමට හා පවත්වා ගැනීමට සෙනසුරු ඒරාෂ්ටකයක් හෝ මහ දශාවක් ප්‍රබල රුකුලක් සපයයි.
    නිදහස් ලංකාවේ ප්‍රථම නායකතුමා වන ඩී.එස්. සේනානායක මහතා බලයට පත්වන විට සෙනසුරු ලග්න ඒරාෂ්ටක බල සහිත විය. කටක රාශියේ සෙනසුරුගේ ගමන අවසන් වීමත් සමගම එතුමා මෙලොවින් සමුගන්නා ලදී.
    දෙවැනි බලය සහිත වූ ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේද චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය එතුමාට බලවත් විය.
    මීළඟට පාලනය කෙටි කලකට නතුකරගත් සර් ජෝන් කොතලාවල මැතිතුමාගේද අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය බලය ලබාගැනීමට ශක්තියක් විය.
    එමෙන්ම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ දෙවැනි ජන්ම ඒරාෂ්ටකය බලය ලබා ගැනීමට හේතු වුවත් එය පවත්වාගෙන යෑම ගැටලුකාරී විය. එතුමාගේ දස වැන්නනෙහි සම තත්ත්වයේ වූ සිකුරුගේ මහ දශා කාලය මෙම කාලයේ බලපවත්වන්නට විය.
    මීළඟට අහඹුවක් ලෙස බලය ලැබුණේ විජයානන්ද දහනායක මැතිතුමාටය. සෙනසුරුගේ බලයක් ලැබූ බවක් නොපෙනෙන අතර බුධගේ සෙනසුරු අතුරු දශාව ලැබී ඇති කාලයක් විය. එහෙත් මෙම පාලන කාලය දුර්වල පාලනයක් සහ කිසිම කාර්යයක් නිසි ලෙස සිදු නොවුණ කාලයක් බව කරුණු සෙවීමේදී පෙනීයනු ලැබේ.
    නැවත පාලන බලය ලබාගත් ඩඞ්ලි සේනානායක මැතිතුමාට කිසිම ඒරාෂ්ටක බලයක් හිමි නොවුණි. බලය ලැබුණද පවත්වා ගෙන යෑමට නොහැකි විය. මාසයක කාලයකින් පසු බලය ගිලිහිණි.
    ඉන්පසු වාර්තාගත බලයක් හිමිකර ගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මෙතුමියට මෙම කාලය තුළ ලබා තිබුණේ උපතේදී කර්මස්ථානයේ තැන්පත් සෙනසුරුගේ මහ දශාවයි. එය ප්‍රබල තත්ත්වයක් විය. එබැවින් බලය හිමිවීම පමණක් නොව ලෝක වාර්තා තැබීමට පවා සමත් විය.
    නැවත 1965දී බලය හිමි කරගන්නේ ඩඞ්ලි සේනානායක මැතිතුමාය. මේ වන විට මෙතුමාගේ දෙවැනි ජන්ම ඒරාෂ්ටක බලය මැතිනියගේ 10 වැන්නේ තැන්පත් සෙනසුරුගේ බලයට වඩා වැඩි විය. එමෙන්ම 1968දීද මෙතුමාට අෂ්ටම ඒරාෂ්ටකය බලපවත්වන ලදී. මේ අනුව 1970 දක්වාම මෙතුමා බලය පවත්වාගෙන යන ලදී.
    නැවත 1970 දී බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දසවැන්නේ සෙනසුරු මහ දශාවම බලවත් විය. එතුමියගේම මහ දශාව 1975 දී අවසන් වූ පසුව එතුමිය පිරිහීමට ලක්විය.
    1977දී බලයට පත්වන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාය. මෙතුමාටද 1975 සිට තුන්වැනි ජන්ම ඒරාෂ්ටකයද 1977 සිට තුන්වැනි ලග්න ඒරාෂ්ටකයද ලබා 1984 අවසානය තෙක් බලපවත්වන ලදී. එමෙන්ම දශවැන්නේ උපතේදී තැන්පත් ගුරුගේ මහ දශාවද ලබා තිබුණි. මේ නිසා බලය ලබාගැනීම මෙන්ම නියමිත කාලය තෙක් පවත්වාගෙන යාමට මෙතුමාට හැකියාව ලැබිණි.
    මීළඟට බලයට පත් වූයේ ආර්. ප්‍රේමදාස මැතිතුමාය. උපතේදීම ශශ යෝගය සහිත මෙතුමාගේ සෙනසුරු ප්‍රබල තත්ත්වයක පවතින ලදී. එමෙන්ම මෙතුමාටද 1990 සිටම තුන්වැනි ජන්ම ඒරාෂ්ටක තත්ත්වය ලැබූවද බලය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවිය.
    ඩී.බී. විජේතුංග මහතා බලයට පත්වන ලද්දේ 1993දීය. කෙටි කලක් බලය පවත්වාගෙන යන ලද මෙතුමාගේ 02 වැන්නේ බලවත්ව උපතේදී සඳු තැන්පත්ව ඇති අතර, සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකය 1993.03.05 දින දක්වා ලබා තිබුණි. එමෙන්ම සඳු මහ දශාව සහ කේතු අතුරු දශාව ලබා තිබුණු අතර මෙම දෙනොම හඳහනේ බලවත් විය.
    1994 දී බලයට පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. 1993.03.05 දින මෙතුමියට දෙවැනි අෂ්ටම ඒරාෂ්ටකය ලැබූ අතර බලවත්වීම එතැන් සිට සිදුවිය. එමෙන්ම මෙම කාලය වන විට සෙනසුරු මහ දශාවද එතුමියට ලබා තිබුණි.
    ඉන්පසු බලය ලබාගන්නා ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාය. මෙතුමා තරග කරන ලද්දේ එවකට සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟය. එම අවස්ථාවේ රනිල් මැතිතුමාගේ ජයග්‍රහණය පෙනි පෙනී පරාජයට පත්වූයේ උතුර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කරන ලද ඡන්ද වර්ජනය හේතුවෙනි. බලවත් තත්ත්වයේ සිටි රනිල් පරාජය කිරීම සදහා මෙතුමාට ග්‍රහ බලයම උපකාරී විය. 2002 වසර දක්වා පැවැති දෙවැනි ජන්ම ඒරාෂ්ටකය සහ 2005 සිටම බලපැවත්වූ තුන්වැනි අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයද බලය පවත්වා ගැනීම සඳහා උපකාරී විය. එමෙන්ම එකල ලැබූ රාහු මහ දශාවද මෙම බලය ලැබීම සඳහා ප්‍රබල රුකුලක් විය.
    එහෙත් 2015 මැතිවරණයේදී නැවත මෙතුමා පරාජයට පත්වූයේ එකවිටම ජන්ම හා ලග්න ඒරාෂ්ටක දෙකකකින් බලවත් වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටය.
    මේ අනුව දැනට පවතින ග්‍රහ බල තත්ත්වයන් අනුව 2020 බලය ලබාගැනීමට සහ පවත්වා ගෙන යාමට ආසන්න හා වඩාත්ම හැකියාව ඇති පුද්ගලයන්ට මෙම හඳහන් පිහිටා තිබිය හැකිය.

    ජ්‍යොතිෂවේදී ගාමිණී සමරප්පුලිගේ
SendShareShare
Previous Post

කරඳමුංගු සුවඳ මැදින් ගිහින් එන්න

Next Post

යාපනයට ඉන්දීය යානයක් ‌‌ගොඩබස්සයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.