ඉන්දියාවේ ‘අලියන්ස් එයාර්’ ගුවන් සමාගමට අයත් යානයක් ඊයේ (15) දිනයේදී යාපනයේ පලාලි ගුවන්තොටට ගොඩ බැස්සවීමට කටයුතු කොට ඇත.
යාපනයේ පලාලි ගුවන්‌තොට හෙට (17) දිනයේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොට වශයෙන් නම් කිරීමට පියවර ගෙන ඇති අතර සතියට චෙන්නායි සිට යාපනය බලා ගුවන් වාර 3ක් පැමිණීමට නියමිතය. එය තහවුරු කරනු වස් මෙසේ ඉන්දීය ගුවන් විශේෂඥයන් පිරිසක් සහ ගුවන් ප්‍රවීණයන් පිරිසක් ඊයේ මෙම ගුවන් යානයෙන් යාපනයට පැමිණ ඇත.
1987දී ඉන්දියාව යාපනයට ගුවනින් පරිප්පු දැමූ පසු යාපනයේ ගුවන්තොටකට ප්‍රධාන පෙළේ ඉන්දීය ගුවන්යානයක් ගොඩබැස්සූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.










