• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙයක් හදන්න කලින් බලන්නම ඕනෑ දේවල්

November 26, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ගෙයක් හදන්න කලින් බලන්නම ඕනෑ දේවල්
Share on WhatsAppShare on Facebook

ජීවිත කාලයටම ජීවත් වන්න සාදාගනු ලබන පුංචි කැදැල්ල හරිම විදියට ගැටලුවකින් තොරව සාදා නිමකර ගන්න කවුරුත් කැමැතියි. හැබැයි ඒ කාරණාව පහසුවෙන් සිදුකරන්නට හැකියාව පවතින දෙයක් නොවන බවත් දතයුතුය. බොහෝ කරුණු කාරණා මත පදනම්ව නිවැරැදිව වාස්තු විද්‍යාත්මක පදනම් මත පිහිටා මේ නිර්මාණයට යොමු වුවහොත් මේ කාරණාව අසීරු නොවන බවත් සිහි තබාගත යුතුය. අද මා ඔබට මෙමඟින් පෙන්වා දෙනු ලබන්නේ ඒ සොඳුරු කැදැල්ල ගොඩනඟන්නට බලපානු ලබන ප්‍රධාන කාරණාවන් කිහිපයක් පිළිබඳවයි. නිවෙස හදන්න කලින් මේවා ගැන අවබෝධයක් නැතිනම් පසුකාලීනව ඔබ පසුතැවීමට ලක්වෙන්න පුළුවනි.

මෙහිදී ප්‍රධාන කාරණාවක් ලෙසින් ඔබට නිවෙසක් තැනීමේදී ගෙබිම දිශාගත කරනා ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමු. ගෙබිම දිශාගත කිරීමේදී මූලික වශයෙන් ඉඩමේ මාණක සැලසුමත්, ගොඩනැඟිලි සැලසුමත් කෙරේ මූලිකවම අවධානය යොමු කිරීම වටී. මන්ද ඉඩමේ මාණක සැලසුම සැලකීමේදී බලයලත් මිනින්දෝරුවකු මැන සකස් කරන ලද, සහතික කරන ලද පිඹුරුපතක් විය යුතුය. එසේම එය දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී තිබිය යුතුය. එය නීත්‍යනුකූල තත්ත්වයයි. ගොඩනැඟිලි සැලසුම සැලකීමේදී එය විවිධ ආකාර ගනී. එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට පවතිනා ඉඩමේ ප්‍රමාණය, ඉඩමේ පිහිටීම, ආර්ථික තත්ත්වය මත ගොඩනැඟිලි සැලසුම තීරණාත්මක වෙයි. අප මෙසේ උචිත අන්දමින් සකසා ගනු ලබන ගොඩනැඟිලි සැලසුම ඉඩම මත ස්ථාපනය කරනු ලැබේ. මේ ස්ථාපනය කිරීමේදී, පවතිනා ගැටලුකාරී තත්ත්වයන් පහත ආදර්ශයන් උපයෝගීකොට ගනිමින් නිරාකරණය කර ගැනීමට ඔබ සමත් විය යුතුය. වරලත් වාස්තු විද්‍යාඥයන් සහ ලියාපදිංචි වාස්තු විද්‍යාඥයන් වශයෙන් සුදුසුකම් ලත් ශිල්පියෝ දෙයාකාර වුවද, බොහෝ විට මේ දෙදෙනාම නිවාස සැලසුම් සකස් කරන්නේ ඉන්ජිනේරු වාස්තු විද්‍යාවට අනුකූලවය. එහිදී වාස්තු දෝෂ පිළිබඳ අවධානයට නොයෙදෙන හෙයින් වාස්තු දෝෂ රහිතව තම ඉඩමේ ගොඩනැඟිලි සැලසුම ගෙබිම මත යෝග්‍ය අයුරින් දිශා ගතකර ගැනීම සඳහා ජ්‍යොතිෂය වාස්තු විද්‍යාඥයකු මඟින් කටයුතු සිදුකර ගතයුතු බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ගිනිකොන දිශාවට ගෙයි මුල්ලක් යොමු වන සේ දිශා ගතකොට ගෙය තැනීම මහා දෝෂයක් බව වාස්තු විද්‍යාවේ පෙන්වා දී ඇත. එහි විපාක වශයෙන් ජන්මියා ශීඝ්‍රයෙන් පරිහානියට ගොස් වැඩි කාලයක් යන්නට මත්තෙන් නිවෙස පාළු වීම සිදුවන බව අත්දැකීමෙන් මා අත්විඳ ඇත. මෙසේ ඔබගේ නිවෙසේ එක මුල්ලක් ගිනිකොන දිශාවට යොමු වූ විට අනෙකුත් මුළු තුන ඊශාන, වයඹ සහ නිරිත දිශාවට යොමු වන අතර, සමහර වාස්තු දෝෂ නිවෙස තැනීමෙන් පසුව වුවත් නිදොස් කරගත හැකි වුවත්, මේ දෝෂය නැවැත වෙනස් කිරීමට නොහැකි වීම මෙහි පවතින විශේෂත්වය වෙයි. එනිසා මුල් සැලැසුමේ පටන් කල්පනාකාරීව දෝෂ ඉවත් කර හෝ මඟහරවා ගැනීමෙන් නිවාස වාසීන්ගේ සතුට, සැපත වැඩිදියුණු වන අතරම, අනවශ්‍ය වියදම්, අසහන ආදී අපහසුතාවන්ද මඟහරවා ගතහැකි බව දතයුතුය.

වාස්තු විද්‍යාවේදී,
කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

වියදම් සීමා කරන ‌ලෙස ඉල්ලමින් මුදල් ‌ලේකම් පළමු චක්‍රලේඛය නිකුත් කරයි

Next Post

මවකගේ හදගැස්ම

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.