සියළුම රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් තවදුරටත් සීමා කරන ලෙස දැනුම් දෙමින් නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය පළමු චක්‍රලේඛය නිකුත් කර තිබේ.
අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සුළු හා සාමාන්‍ය වියදම් සඳහා පමණක් ගෙවිය හැකි අයුරින් මුදල් ගිණුම් ශේෂයන් භාවිතා කරන ලෙසද එම චක්‍රලේඛය මගින් දැනුවත් කිරීමක් කර ඇත.
වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධී සහ ණය සේවා ගෙවීම් සඳහා නොවැම්බර් මාසයේ මුදල් ගිණුම් ශේෂය භාවිතා කරන ලෙසද භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සිය චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.










