• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙදර බඩුවලට හරියටම හරියන තැන

September 26, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ගෙදර බඩුවලට හරියටම හරියන තැන
Share on WhatsAppShare on Facebook

නිවෙසක් ගත් විට එය කොටස් කිහිපයකට බෙදිය හැකිය. සාලය, නිදන කාමරේ, මුළුතැන් ගෙය සහ වැසිකිළිය ආදී ලෙසයි. මෙම එක් එක් අංගය තුළ තිබිය යුතු භාණ්ඩ නියමිත ස්ථානවල දිශාගත කළ යුතුය.

නිවෙසක සාලය දකුණු දිශාවට දිශාගත විය යුතු අතර, දුරකතනය නිරිත දිශාවට හෝ වයඹ දිශාවට වන්නට තැබිය යුතුය. රූපවාහිනිය නැඟෙනහිර දිශාවට වන්නට තැබිය යුතු අතර, සෝෆා සෙට් ආදිය සාලයේ තැබූ විට එහි ඉඳගන්නා කෙනා උතුරට හෝ නැඟෙනහිර මුහුණලා සිටිය යුතුය. රූපවාහිනියට සවිර කරන ඇන්ටෙනාව ගිනිකොන දිශාවේ විය යුතුය. බිත්ති ඔරලෝසුව දකුණු දිශාව හැර වෙනත් ඕනෑම දිශාවකට තැබිය හැකිය. නිදන කාමරයේ තිබෙන ඇඳ නිරිත දිශාවේ තැබිය යුතුය. අල්මාරිය බටහිර හෝ දකුණු දිශාවේද, කණ්ණාඩි මේසය උතුරු හෝ බටහිර දිශාවේද සුදුසුයි. අල්මාරිය දකුණු දිශාවේ තැබුවද පියන දකුණට විවෘත නොවන ලෙස විය යුතුයි. ඡායාරූප නිරිත දිශාවේ තබන අතර, ලියන මේසය ඊසාන දිශාවේ තැබිය යුතුයි. ලිපි ගොනු තබන කබඞ් එක නිරිත දිශාවේ තැබිය යුතුයි.

මුළුතැන්ගෙයි ඇති සින්ක් එක ඊසාන දිශාව හෝ නැඟෙනහිර දිශාව හෝ උතුරු දිශාවේ විය යුතුයි. ශිතකරණය බටහිර දිශාවේද, වතුර ටැංකිය දකුණු හෝ බටහිර දිශාවේද තැබිය යුතුය.
බෙහෙත් පෙට්ටිය ඊසාන දිශාවේද, අටුව නිරිත දිශාවටද, කුණු කූඩය නිරිත දිශාවටද තැබිය යුතුය. මීට අමතරව සත්ව කූඩු නිවෙසින් පිට නිරිත හෝ වයඹ දිශාවට වන්නට තැබිය යුතු අතර, මුර කුටිය වයඹ දිශාවේද, සේවක කාමරය ගිනිකොන හෝ වයඹ දිශාවටද සෑදිය යුතුය. වාහනය නැවැතීමට තනන ගරාජය ගිනිකොන හෝ නිරිත දිශාවේ විය යුතුය.

නාන කාමරයේ සවි කරන කොමොඞ් එක නිරිත හෝ දකුණු දිශාවේ තැබි යුතුය. රෙදි සෝදන යන්ත්‍රය, වායුසමීකරණ යන්ත්‍රය නැඟෙනහිර දිශාවේ විය යුතුය. මීට අමතරව පොළොව යට කාමරයක් සාදන්නෙ නම් එය ඊසාන දිශාවේ සෑදිය යුතුය. විවෘත ආලින්දයක් නිවෙසට එක් කරන්නේ නම් එය ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ හෝ නැඟෙනහිර දිශාවේ සෑදිය යුතුය. නිවෙසේ ඉදිකරන සක්මන් මළුව හෙවත් ටෙරස් එක උතුර හෝ නැඟෙනහිර දිශාවේ විය යුතුය. නිවෙස තුළ රෝගියකු සිටී නම් ඔහු හෝ ඇය වෙනුවෙන් හෝ වෙන් කරන කාමරය නිරිත දිශාවේ හෝ වයඹ දිශාවේ විය යුතුය. නිවෙසට ඇනෙක්ස් එකක් එක්කර සාදන්නේ නම් නිවෙසේ නැඟෙනහිර බිත්තිය හා උතුරු බිත්තිය හැර අනෙක් බිත්තියකට යාබදව ඇනෙක්ස් එක සෑදිය යුතුය.

ලියන මේසය ඊසාන දිශාවට තැබුවද එහි පුටුවක් තබා වාඩි වූ විට දොර දෙසට වාඩි වන්නාගේ මුහුණ යොමු විය යුතුය. එම මුහුණ දෙන දිශාව අනුව පලාපල පුරාණ පොත පතේ සඳහන් වෙයි. මුහුණ නැඟෙනහිර දිශාවේ වුණි නම් අදාළ ජන්මියාට සාමකාමී සිතුවිලි ඇතිවන අතර, ගිනිකොන දිශාවට වේ නම් අලස සිතිවිලි ඇති වෙයි. දකුණු දිශාවට මුහුණ යොමු වූ විට එම පුද්ගලයා තුළ වැරැදි ආකල්ප, වැරැදි කල්පනා ඇතිකරවයි. බටහිර දිශාවට මුහුණ යොමු වේ නම් ක්‍රියාකාරකම් ඉහළ යන අතර, වයඹ දිශාවේ නම් ආවේගශීලී වෙයි. උතුරු දිශාවට මුහුණ යොමු වේ නම් ආධ්‍යාත්මය සංවර්ධනය වෙයි. ඊශාන දිශාවට මුහුණ යොමු වේ නම් අසුබ සිතුවිලි ඇති කරයි.

නිවෙස තුළ ඇති භාණ්ඩ සුබ දිශාවගත කළ යුතුයි. ඒ අනුව බුදුමැඳුර ඊසාන දිශාවේද ඉදිවිය යුතු අතර, ගබඩා කාමරය, සේප්පුව සවි කරන කාමරය උතුරු දිශාවේ සෑදිය යුතුය. නාන කාමරය නැඟෙනහිර දිශාවේද, මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේද, නිදන කාමරය දකුණු දිශාවේද, උදලු, ගල්ඉනි, කැති, පිහි තබන ආයුධ ගෙය නිරිත දිශාවේද, ඉදිකරයි. කෑම කාමරය, ශාස්ත්‍රීය කටයුතු සඳහා යොදා ගන්නා කාමරය හා කාර්යාල කාමරය බස්නාහිර දිශාවේ සාදාගත යුතුය. වැසිකිළිය නිරිත දිශාවේද, විසිත්ත කාමරය වයඹ දිශාවේද ඉදිකළ යුතුය.

උතුර හා ඊශාන දිශාව අතර ඖෂධ ගෙයද, ඊශාන හා නැඟෙනහිර දිශාව අතර සියලු සුබ කටයුතු සඳහා කාමරයද, නිරිත හා බටහිර දිශා අතර පුස්තකාලයද, වයඹ හා උතුරු දිශාව අතර නව විවාහක යුවළකට නිදා ගැනීමට කාමරයද සුදුසුයි.

නිවෙසේ මේ අංග හා නිවෙස තුළ තබන භාණ්ඩ දිශාගත කිරීමට ගෘහ දිශා චක්‍රය අතීතයේ සිටම භාවිතයට ගන්නා දෙයකි. මෙම දිශා චක්‍රයේ ප්‍රධාන දිශා අටට අමතරව ප්‍රධාන දිශා දෙකක් අතරට අනු දිශාව බැගින් තවත් දිශා 8ක් ඇත. ඒ අනුව මුළු දිශා 16ක් ඇත.

ආහාර ගැනීම, නිදා ගැනීම ආදී කාර්යයන් සිදුකිරීමේදීද නියමිත සුබ දිශාවට මුහුණ යොමු කර සිදුකිරීම තුළින් බොහෝ සුබ ප්‍රතිඵල ගෙනදෙනු ඇත. එමෙන්ම අසුබ දිශා බලා කාර්යයන් කිරීම හෝ හිස තැබීම තුළින් නොයෙකුත් අසුබ ප්‍රතිඵල ඇති වන බව ඍෂි මතයයි.

ඒ අනුව උතුරට හිසලා නිදා ගැනීම තුළින් දූදරුවන් රෝගී වන අතර, තම කුල පරම්පරාවට නින්දා, අපහස ලැබෙනු ඇත. බටහිරට හිසලා නිදා ගැනීම නිසා විකාර සිතුවිලි ඇති වීම, නපුරු සිහින පෙනීම, ආයුෂ කෙටි වීම ආදිය සිදුවෙයි. නැඟෙනහිරට සහ දකුණට හිසලා නිදා ගැනීම නිසා සතුට, සමගිය මෙන්ම සියලු යසඉසුරු ලැබෙන බව ඍෂි මතයයි. එමෙන්ම නැඟෙනහිරට මුහුණලා ආහාර ගැනීම තුළින් ආයුෂ වැඩි වන බවත්, දකුණ බලා ආහාර ගැනීම නිසා ධනවත් වන බවත්, බටහිර බලා ආහාර ගැනීම නිසා යස ඉසුරු ලැබෙන බවත්, උතුරු දිශාව බලා ආහාර ගැනීම නිසා දුක්පීඩා ඇති වන බවත් ඍෂි මතයයි. ඊට අමතරව පාඩම් කිරීම, ලියුම්කියුම් කටයුතු ආදිය කාමරයේ දොරට මුහුණලා සිදුකිරීම ඉතා සුබයි.

මෙලෙස ඔබත්, ඔබේ නිවෙස තුළ සාදන ගෘහාංග එම ගෘහය තුළ තබන බඩු බාහිරාදිය හා ගෘහය තුළ සිදුකරන ක්‍රියිකාරකම් ආදියට සුබ දිශාව සංතුවක් හෙවත් මාලිමාවක් ආධාරයෙන් සොයා සිදුකරන්න. එවිට ඔබටත් ඔබේ පවුලේ අයටත් සැපෙන්, සතුටෙන්, නිරෝගීව ජීවිතය ගතකළ හැකිවෙයි. මෙලෙස ඍෂි මතයට අනුව සුබ දිසාගත කළ ගෘහයකට දේව බැල්ම, ශ්‍රීයා කාන්තාවගේ බැල්ම ආදිය නොඅඩුව ලැබී දිනෙන් දින දියුණු වී සශ්‍රීක වනු ඇත.
ජ්‍යෙෘතිෂවේදිනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

පෙරළියක් කරලා හොඳම නළුවා වුණු විල්සන්

Next Post

ඇත්තන් හැඩ වැඩ දමා ලියූ අයනු ආයනු මැද ඇති නැති සැමට මගපෑදූ සිප් සතරේ සුපුන් සඳ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.