• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගුරු හොඳනම් ජීවිතේ දිනුම්

May 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ගුරු හොඳනම් ජීවිතේ දිනුම්
Share on WhatsAppShare on Facebook

ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින් වැඩි ප්‍රමාණයක් හොඳ ප්‍රතිඵල ලබාදෙනවා සේම යහපත උදාකරන්නේද ගුරු ග්‍රහය බවට පැරැන්නන් තුළින් ජ්‍යොතිෂය දන්නා සියලු දෙනා විශ්වාස කරති. ඕනෑම දෙයක් වර්ධනය කරන්නාද, දෙගුණ තෙගුණ කරන්නාද ගුරු ග්‍රහයා බවම පිළිගැනෙයි. එහෙයින් ඕනෑම මනුස්සයකුට දියුණු වීමටත් සාර්ථක වීමටත් ගුරුගෙන් ලැබෙනුයේ අසීමිත ශක්තියකි. එසේ ගුරු යහපත් දේට නොපැකිලව උදව් උපකාර කරන ග්‍රහයෙකි. එසේ ගුරු ග්‍රහයාගෙන් ලැබෙන හොඳ දේ අතර කීර්තිමත් නාමය, සාමාන්‍ය දැනීම, කලබල නොවීම, මධ්‍යස්ථව කටයුතු කිරීම, ගෞරවය රැකගැනීම, සමාජයට ප්‍රිය වීම ආදියට ගුරු ග්‍රහයා ප්‍රධාන වෙයි. තවද සමාජයට ප්‍රිය උපදවන හොඳ ගුණධර්මවලටද ගුරු ග්‍රහයා අධිපති වෙයි. උසස් අධ්‍යාපනය, නිරෝගීභාවය, චරිතවත් බව, ගුරුවරුන්ට සැලකීම, පිරිසිදු බව ගුරුගෙන් ලැබෙන අමතර දේවල්ය. ඒ අනුව ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ සිටින ස්ථානය අනුවද ඔබට ලැබෙන පලාපල සුබ අසුබ බව මෙලෙස හඳුන්වා දිය හැකිය.

ගුරු ලග්නයේ

ගුරු ග්‍රහයාට ලග්නය ප්‍රබල සහ බලවත් ස්ථානයකි. නිරෝගී කඩවසම් හෝ ප්‍රියමනාප අඟපසඟක් ලබයි. සියලුම කාර්යන්ගේ දක්ෂයකු ප්‍රවීණයකු බිහිකරයි. මේ අය කරන කියන සියල්ලෙන්ම ජය ලබන්නට වාසනාව ඇත්තන්ය. ගෞරව නාම ලබන්නේය. කීර්ති ප්‍රශංසා අඩු නොවේ. දීර්ඝායුෂ විඳීමට වාසනාව ඇත්තන්ය. තමා කරන සියල්ල තුළින් සාර්ථක ප්‍රතිඵල ලබන්නට වාසනාව ලැබෙයි.

ගුරු දෙවැන්නේ

යම් කෙනකුගේ කේන්දරයේ ගුරු ග්‍රහයා සිටිනුයේ දෙවැන්නේ නම් ඔහුටද ඉතා ප්‍රියමනාප සිරුරක් සහ මුහුණක් ලැබෙයි. තම පවුලට ඉතා තදින් ආදරය කරයි. බිරියට, දරුවන්ට පණ මෙන් ආදරය කරන්නෙකි. සිය උපන් තත්ත්වයට වඩා ඉතා ඉහළ උසස් තත්ත්වයකට පත්වීමේ භාග්‍යය මේ අය සතු හෙයින් ජීවිතයේ මැදි වයසේදී ඉහළ දියුණුවක් ලබයි. කිසිවකට පසුබට නොවේ. ධන යෝග සහිතව දෙවැන්නේ ගුරු සිටීමෙන් ජීවිතයේ වාසනාව උදාවන්නේ බලාසිටියදීමය.

ගුරු තුන්වැන්නේ

සිය සහෝදර සහෝදරියන්ට ඉතා හොඳට සලකන කෙනකු වෙයි. එහෙත් සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වේ. නිතරම සිය සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යෑමට උනන්දු විය යුතුය. මේ අයට එක් ස්ථානයක එක දෙයක් කරගෙන කාලයක් ඉන්නට හැකියාවක් නැත.

ගුරු හතරවැන්නේ

මේ අයට යාන වාහන සැප සම්පත් මෙන්ම ධන ධාන්‍යද මවුපියන්ගෙන් ලැබෙනු ඇත. එසේම කිසිදු මහන්සියකින් තොරව ධනය ඉපැයීමේ හැකියාව ඇත. සමාජයෙන්, නෑදෑයන්ගෙන් හොඳ සැලකුම් ලැබෙයි. සැප සේ ජීවත්වීමට ලැබේ.

ගුරු පස්වැන්නේ

ගුරු පහේ නම් දරුවන් වෙනුවෙන් පවා හරිහම්බ කර ඉතිරි කර දියුණුවක් ලබයි. පවුලේ යම් යම් ප්‍රශ්න පැනනැඟුණද ඒවා ඉවසාගෙන ඉදිරියට යනු ඇත. මවුපියන් ගැන නිතර සිතයි. හොඳ අධ්‍යාපනයක් ලබා ජීවිතය සාර්ථක කරගන්නට සිතයි.

ගුරු හයවැන්නේ

මේ අය සිය සෞඛ්‍යය ගැන ඉතා හොඳින් සිතා බලා කටයුතු කළ යුතුය. එසේම සිය අවශ්‍යතා සඳහාත් වැඩකටයුතු සඳහාත් අන් අයගේ උදව්ද ලැබෙනු ඇත. ණයවීමට කිසිදු කැමැත්තක් නැති අතර සිය වුවමනා කෙසේ හෝ තම මහන්සියෙන් සපුරා ගනී.

ගුරු හත්වැන්නේ

විවාහයෙන් පසුව දියුණුව ලැබීමට වාසනාව ඇත. යහපත් විවාහයක් සිදුවනු ඇත. ව්‍යාපාර කර දියුණු වීමට ඉතාමත් දක්ෂ අය වන අතර මේ අයට ඉහළ නිලතල ලැබීමටත්, රටතොට ප්‍රසිද්ධ වීමටත් වාසනාව ඇත. ආදරණීය බිරියක් ලැබෙනු ඇත.

ගරු අටවැන්නේ

විවාහයෙන් පසුව ඉඩකඩම් දේපොළ ලබා සාර්ථක ජීවිතයකට මඟ පෑදේ. ඉතා ඉහළ ගුණධර්ම ලබනු ඇත. කිසිදු දුකක් නැති මරණයක් හිමිවන්නේය.

ගුරු නවවැන්නේ

ගුරු ග්‍රහයාට හොඳම සහ සුබ ස්ථාන අතරින් නවවැන්න විශේෂ වෙයි. අන් අයගේ ගරු සැලකිලි නම්බු නාම නොඅඩුව ලැබේ. සියලු සැප සම්පත් කිසි අඩුවක් නැතිව ලබයි. වැඩිහිටියන්ගෙන් මවුපියන්ගෙන් ගෞරව ලැබෙයි.

ගුරු දසවැන්නේ නම්

ගුරු දහයේ සිටින විට හෙමින් හෙමින් අරමුණු කරා යයි. දියුණුවට කලබල නැත. රජයේ ඉහළ තනතුරු අපේක්ෂා කළ හැකිය. හොඳ රැකියාවකට වාසනාව ඇත.

ගුරු එකොළොස්වැන්නේ

හොඳ මිතුරන් ලබයි. කෙසේ හෝ දියුණු වීමට වාසනාව ඇත. සිය සැමියාට බිරියට ආදරය කරයි. සහයෝගයෙන් දියුණුව කරා යයි.

ගුරු දොළොස්වැන්නේ

දුක් කරදර සහිත වුවද අනෙකුත් ග්‍රහයන් බලවත් වීම තුළ අසුබතා මඟහැරෙනු ඇත. අන් අයට ඇප උපස්ථාන කරන්නට සිදුවිය හැකිය. නීතියෙන් දඬුවම් ලබන්නට සිදුවිය හැකිය. ප්‍රවේසම් විය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී
ජයශ්‍රී නන්ද කුමාර කුරුණෑගල

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පහසු හා සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

Next Post

විමල්ගේ හිටපු මන්ත්‍රී පාස් නැතිව පාරේ ගිහින් පොලිසියට සද්දයකුත් දාලා (VIDEO)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.