• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහ අපල සහ පුද පූජා

March 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහ අපල සහ පුද පූජා
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත්ද බහුලය. බලලෝභය මත බොහෝ අනතුරු ඇති වෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබා ගැනීමට වුවද මැළිනොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට, ආරක්‍ෂාව ලබා ගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය, තිසරණ පිහිට ලබාගන්නා ආකාරය පිළිබඳව අප දැනුවත් නැත. සෙත්, සාන්ති තුළින් අප ප්‍රාර්ථනා කරන්නේ පිහිටය. දෙහි කැපීම – තෙල් මැතිරීම – නූල් බැඳීම යනු ප්‍රබලව කෙරෙන ශාන්තිකර්මයන්ය.
‘දැහැමි දේව පූජාව යහපත්ය. කුසල් අත්වෙයි. දෙවියන්ගේ පැහැදීම, සතුටු වීම මත මේ සියල්ල සිදුවෙයි’ බුදුන් වහන්සේ එලෙස දේශනා කළ සේක.

රේරුකානේ චන්දවිමල, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය වැනි මහා නාහිමිවරුද පුද පූජා පැවැත්වීම ඉතා යහපත් බව දේශනා කළහ.

ශුද්ධාවාසයන්හි වෙසෙන පුණ්‍යවන්ත ආත්මයක් පිළිබඳ විශ්වාසය, ගෞරවය වර්තමාන ජනයා අතර දැඩිව පවතියි. දෙවියන් සිටිත්ද? දෙවියන් සැබැවින්ම අපට පිහිට වෙනවාද? මෙවන් වූ මතවාදයන් රැසකි. ඒ පිළිබඳව අප විසින් විමසා බැලිය යුතු කරුණු රැසකි.

අතීතයේ හින්දූහු ගිනි දෙවියාට යාගහෝම පමණක් නොව බිලිපුද පූජා පැවැත්වූහ.
පරපණ නැසීම බොදු පිළිවෙතට පටහැනිය. විශ්වයේ නිර්මාතෘ ලෙස විෂ්ණු හඳුන්වන හින්දුන් බුදුහිමියන් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් ලෙස හඳුන්වයි. එය භගවත් ගීතාවේ සඳහන්ය. හින්දු ධර්මය බුදු දහම සමඟ යම් ප්‍රමාණයකින් සමානය. එය වූද සිරිත්වලින් වෙනස් වෙයි. පරපණ නැසීම හෝ බිලි පුදපූජා තුළින් කුසල් අත්නොවන බව බුදුන් වහන්සේ වදාළහ.
ජන්ම පත්‍රය තුළින් ග්‍රහ අපලයක් හඳුනාගෙන අපි පුදපූජා පවත්වන්නෙමු. අනන්ත විශ්වයේ වෙසෙන ශුද්ධාත්මයන් පහදවා ගැනීමෙන් එම ශුද්ධාත්මයන්ගේ අවධානයට ලක්වීමෙන් අපට ලැබෙන පිටිවහල අපට ලැබෙන ගුණ බලවත් ආරක්‍ෂකයකු ඇසුරු කිරීමක් හා සමානය.
යහපත් වීර්යයෙන් යහපත්ව ඉපැයූ ධනයෙන් තබන පුදපූජා කෙරෙහි දෙවියෝ ඇල්ම දක්වති. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි තිරිසන් ලොවට වඩා ප්‍රේත ලොවත් ප්‍රේත ලොවට වඩා මිනිස් ලොවත් උතුම්ය.

බුදුවරු නිවන් මග හෙළි කරති. දෙවියන් වෙනුවෙන් පුදපූජා පවත්වන මිනිසුන් වෙනුවෙන් දෙවියෝ පිහිට විය යුතුය.

මිනිසුන් වෙනුවෙන් පිහිට ආරක්‍ෂාව සැලසීම දෙවියන් හට බාර කළ බව විශාලා මහනුවර දුර්භික්‍ෂය පහකිරීමට බුදුන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කැලණිතිස්ස රජු තම දියණිය මුහුදට බිලිකිරීම අතීතයේ බිලිපූජාවේ පිළිගැනීම පිළිබඳ සාක්‍ෂිය.
දේවතානුස්සති භාවනාව වැඩීම යනු දෙවියන්ගේ ගුණ මෙනෙහි කිරීමය. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන්නාට දෙවියන්ගේ පිහිට ලැබෙන බව බුදුහිමියෝ දේශනා කළ සේක. දෙවියන් වෙත පුදපූජා පවත්වන්නා වූ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් එම පුද පූජා පිළිගැනීමට ශුද්ධාත්වයන් වඩිනා බව උජ්ජායි සූත්‍රයේ සඳහන් වෙයි. එවන් පිනැති මාර්ගඵලලාභීහු මිනිසුන්හට ආශීර්වාද කළද සෙත ශාන්තිය පැතුවද මිනිසුන් හට නොවඳිති. එය දන්, පින් කරන ගිහියන් හට භික්‍ෂුන් වහන්සේලා වැඳුම් – පිදුම් නොකරන්නාක් මෙනි. විෂ්ණු – කතරගම – බ්‍රහ්ම – ගණ ආදී හින්දු දෙවියන් ඇදහීම මත ඉන්දියාවේ හින්දු ආගම හටගත්තේය. ලංකාවේ දෙවියන් ඇදහීම ආගමක් වී නැත. විෂ්ණු දෙවියන්ද සෝවාන් ඵලයට පැමිණ ඇත. ලංකාවේ බුදුදහම සුරැකීම විෂ්ණු දෙවියන්හට පැවැරී ඇති බව පැවසෙයි. අරහත් ධජයේ සෙවණේ රැඳෙමින් දේව කරුණාවට අනුගතව මෙලොව යහපත් කර ගැනීම යහපත්ය.

දන්දීම, මල් පහන් පිදීම, වස්තු පූජාය, ගුණ වැයීම, ගුණ පිළිගැනීම, ස්තුති පූජාය. දෙවියන් අදහන්නා පින් ඇත්තෙකු විය යුතුය. රැස් කරගත් පින් අනුමෝදන් කරන්නෙකු විය යුතුය. දෙවියන් අදහන්නා දෙවියන් ප්‍රිය කරන දීප, ධූප, ගන්ධ, පුෂ්ප, තාම්බුල වැනි දේ පුදන්නෙකු විය යුතුය. පපුව මත දෑත් තබා වන්දනා කරන්නේ දෙවියන් පිදීමටය. පුද පූජා පවත්වා දෑත් ඉහළට ඔසවා කරන්නේ දෙවියන්ගෙන් යැදීමය. මේ සියල්ලටම පෙර පින් ඇත්තෙකු වීමට පින් කළ යුතුය. අසරණයකුට, රෝගියෙකුට හෝ කුසගිනි ඇති අයෙකුට පිළිසරණ විය යුතුය. ජන්ම පත්‍රය අනුව පින්කම් කළයුතු ක්‍රමවේදයක්ද ඇත.

පූජනීය ස්ථානයකදී තෙරුවන් ගුණ සිහිකර කරනු ලැබූ සෑම පින්කමක්ම සිහිපත් කර තම ප්‍රාර්ථනා දෙවියන්ගේ නාමයට සිතින්ම පින් අනුමෝදන් කිරීම යහපත්ය.
දෙවියන් ඉදිරියේ සිතින්, ගතින් පිරිසුදු වී පින් අනුමෝදන් කිරීමේදී ගාථා, ස්තෝත්‍ර ගායනා කිරීම බාරහාර වීම් ආදී ප්‍රාර්ථනා සඵලත්වයට මගසලසයි. යහපත උදාකරන දැහැමි දේව පූජා මෙලොව, පරලොව දෙලොවෙහිම යහපතට හේතුවෙයි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

මී හරක් එක්ක පොරබදන කට්ට කළු පිංචා

Next Post

ඇමෙරිකාව රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.