• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගතයි සිතයි ශක්තිමත් අංක 04

November 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ගතයි සිතයි ශක්තිමත් අංක 04
Share on WhatsAppShare on Facebook

අංක විද්‍යාවෙන් ඔබේ දෛවය යටතේ පසුගිය නැකැතින් දෛව අංක 3 හිමි අයගේ ජීවිත තොරතුරු විස්තර කළා ඔබට මතක ඇති. එයට අදාළ ජීවන තොරතුරු කොතෙක් දුරට සත්‍යද යන්න අංක 3 හිමිි අය මේ වනවිට තීරණය කර ඇති. අපි හිතනවා එම තොරතුරු බොහෝ දුරට ඔබේ ජීවිතයට ගැළපී ඇති කියා. මෙවර ඉදිරිපත් කරන්නේ දෛව අංක 4 හිමි අයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.

ද්‍රව්‍ය තලයේ අංකයක් වන අංක 4 පෙරදිග ජ්‍යොතිෂයෙහි ඉන්දු නම් ග්‍රහයා විසින් හඳුන්වනු ලබන යුරේනස්ගේ බලයට යටත්ව ඇත. දෛව අංක 4 මෙතෙක් විස්තර කළ අංකවලට වඩා හාත්පසින්ම වෙනස් ගතිපැවැතුම් ඇති දෑතේ දස්කම් හා කාර්මික දැනීමක් ඇති ලෞකික දියුණුව ගැන දැඩි උත්සාහයක් දරන ක්‍රියාශීලී ගුණාංගවලින් සමන්විත වෙයි. රටක ආර්ථික දියුණුව හා සංවර්ධනය නඟාසිටුවීමට අතහිත දෙන අලසකමින් තොරව රටට ජාතියට වැඩදායක නායකයන් මෙම අංකයෙන් බිහිවන බව සඳහන් වෙයි.

දෛව අංක 4න් ජනිත වූ අය උපතින්ම කාර්මික දැනුමක් ඇති සමාජය පිළිබඳව මනා අවබෝධයක් ඇති අය වේ. එමෙන්ම අන් අයගේ සිතේ ඇති අදහස් දැන ගැනීමේ සියුම් ඥානයක් ඔවුන් තුළ ඇත. තමා වෙත පැමිණෙන අය “ඔය එන්නේ අසවල් කාරණයට යැයි” දැනෙන ඉවක් මොහුට ඇත. දැඩි උත්සාහයෙන් දියුණුවට පත්වෙන කඩිසර ඉරියව්වලින් යුත් ඔවුහු ධනවත්වීමේ ආශාවෙන් හැමවිටම ක්‍රියාකාරී වන්නෝය. අරපරෙස්සම පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන මොවුහු ලෝභීබවක් පෙන්නුම් කළත් ආගන්තුක සත්කාරවලට ඉමහත් ළැදිකමක් දක්වති. උපයන මුදල් සකසුරුවම් ලෙස මෙන්ම ක්‍රමානුකූලව ප්‍රයෝජනයට යොදවයි. කිසි විටෙකත් අන් අයගෙන් උදව් උපකාර බලාපොරොත්තු නොවන මොවුන් නිවහල් ස්වාධීන ගතිපැවැතුම්වලින් යුක්තය. “තමන් හැදිලා එපායැ අනුන් හදන්න” යන හැඟීමෙන් කටයුතු කරන්නෙකි. පරාර්ථකාමී බවක් මෙයින් අදහස් නොකරන අතර තම දියුණුව ගැනම වැඩියෙන් සිතා නිතර වෙහෙස දරන බවයි එයින් අදහස් කරන්නේ. තමන්ට හොඳින් කතාකරන අයට මොවුහු ඉතාම හොඳින් සලකති. එසේම මොහුට යමෙකු එපා වූයේ නම් සදහටම ඔහු අතහැර දැමීම සිරිතය. ආරම්භ කළ කාර්යයන් ලෙහෙසියෙන් අත් නොහරින මොවුන් එය නොනවත්වාම එය ඉදිරියට කරගෙන ගොස් තම කටයුතු සාර්ථක කරගනියි. නීති ගරුකභාවය හා අවංකබව ඔවුන් තුළ කැපී පෙනේ. හිතවත් අයට ඒ ආකාරයෙන් ම සලකයි. කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමේ හැකියාව ඇත. බැංකු කටයුතු, වාණිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, සංවිධාන කිරීම්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කෘෂිකර්මය, විද්‍යාව පමණක් නොව නීතිය ආදී බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද උපන් හැකියාවක් ඔවුන් තුළ ඇත. පරිපාලනයේදී තරමක දරදඬු ස්වභාවයක් ඔවුන් කෙරෙහි ප්‍රකට වෙයි. සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමේ වාසනාව ඇත. එසේ වුවත් තමන්ට නොගැළපෙන අයෙක් හමුවුණි නම් ඒ අය අතහැර දැමීමටද පසුබට නොවේ.

දෛව අංක 4න් ජනිත පුද්ගලයා හොඳ ආර්ථික නුවණක් මෙන්ම කාර්මික දැනුමක්ද ඇති අයකු බැවින් මොවුන් හට ව්‍යාපාර හා යන්ත්‍රසූත්‍ර පිළිබඳ රැකියාවක් කිරීමට විශේෂ පිහිටීම් ඇත. සමාජයක නම් ආර්ථික විද්‍යාඥයන් මෙන්ම දක්ෂ ඉංජිනේරුවන්ද මෙම අංකයෙන් ඉපදී ඇත. සාමාන්‍ය ජනයා අතර අංක 4 හිමි අය බොහොමයක් වෙළෙඳාම ජීවනෝපාය කරගෙන සිටින අතර සමහරෙක් විදුලි කාර්මික වැඩ, ඔර්ලෝසු අලුත්වැඩියාව, වඩුවැඩ, මුද්‍රණ ශිල්පය, මෝටර් කාර්මික වැඩ, ඇඳුම් මැසීම, යතුරු ලියනය ආදී කාර්මික අංශයේ විවිධ කාර්යයන්හි නිරතව සිටිති. ගුරු වෘත්තියේ යෙදුනොත් කාර්මික ගුරුවරුන් ලෙසටද පත්වෙයි. කවර රැකියාවක යෙදුනත් ඉහත සහජ දක්ෂකම් සු`ඵවෙන් හෝ පිහිටීම් අංක 4 හිමියාගේ විශේෂ ලක්ෂණයක් වනු ඇත.

දෛව අංක 4 හිමියාගේ ජීවිතකාලය තුළදී සුබපල උදාකරන වර්ෂ සියයට 67කි. ඉතිරි කාලය එනම් සියයට 33ක වර්ෂ කාලය අසුබ කාලය වෙයි. සුබදායක වර්ෂ අතරින් මොහුගේ වයස 22 ඉතා වැදගත් විශේෂ සිද්ධියක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. වයස 22 සිට 26 දක්වා ආදරය පිළිබඳ බලවත් හැඟීමක් ඇතිවන කාල සීමාවකි. වයස අවුරුදු 36දීද අමතක නොවන සිදුවීමක් විය හැකිය. වයස 42දීද ඒ හා සමාන සිදුවීම් ඇති වෙයි. වයස 41 සිට 45 දක්වාත් 55 සිට 64 දක්වාත් අපල උපද්‍රව ආදියෙන් මිදුණ භාග්‍යවත් කාලයක් වනු ඇත.

අංක 4න් උපන් පුද්ගලයා වයස අවුරුදු 15දී කිසියම් ප්‍රේම සම්බන්ධයකට පැටලිය හැකිය. එය වයස 16දී බිඳී යනු ඇත. අවුරුදු 20 දීත් ඒ හා සමාන කරුණකට සිත් යෙදෙයි. එම කාල සීමාව මංගල කාලයක් වුවත් 21වනවිට එයද වෙනස් වීමට හේතුවේ. නියත වශයෙන්ම අවුරුදු 26දී විවාහය සිදුවෙයි. යම් හෙයකින් එය වැරැදුනහොත් පසුව මංගල යෝගයක් උදාවන්නේ වයස 34දීය. මෙම අංකයෙන් උපන් අයට අපල ගෙන දෙන වර්ෂ වනුයේ 4, 7, 9, 13, 14, 21, 27, 28, 32, 33, 35, 40, 47, 49, 51, 54, 65, 66, 68, 70, 71, 73, 75, 79, 84, 85, 87, 90, 92, 98, 99. ඉහත සඳහන් වර්ෂයන්හිදී බලාපොරොත්තු කඩවීම්, චිත්තපීඩා, රෝග භය, සතුරු උපද්‍රව, අලාභ හානි, වස්තු විනාශවීම් ආදී විවිධ කරදරවලට මුහුණදීමට සිදුවනු ඇත.

මෙම අංකයෙන් උපන් අයට සෑම මසකම 4,13,22,31 සුබපලදායකය. එහෙත් එදින පාලන දින ගුප්ත අංකයට ඔත්තේ ගණනක් යෙදුනොත් එම සුබපල හීනවන බව දත යුතුය.
උදා- 1972.10.02 දිනට අදාළව 1+9+7+2+1+0+0+2=22 ගුප්ත අංක 4

මෙදින ඉතා සුබ දිනයන් වේ. එහි සියලු අංකවල එකතුව-22ක් වී අංක 4 ලැබී ඇත. එදා දින අංක 2 බැවින් විෂම වී නැත. ඒ අනුව එදින සුබ දිනයකි. මේ හැර මෙම අංකයෙන් උපන් අයකුගේ උපත මාසයේ ඔත්තේ ගණනකට අයත් දිනයකදී සිදුවී ඇත්නම් ඔත්තේ දිනවල විෂමතාව මඟහැරෙනු ඇත.

අංක 4 හිමියාගේ නමට ශබ්ද අංක 4 ක් හෝ 13ක් තිබීම යෝග්‍ය වේ. ශබ්ද අංක 8ක් හෝ 4ක් ඇති නම්ද යෝග්‍ය වේ.
හිඹුටානේ පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

ජනප්‍රිය කිරුළ දිනූ Back to Back

Next Post

ආසිරි AOI පිළිකා සත්කාර මධ්‍යස්ථානයෙන් උසස් ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.